සිව් පහර චක්‍රය (4 stroke engine)

Stroke(පහර)
පිස්ටනය තුල සිලින්ඩරය ගමන් කරන ඉහලම සීමාව TDC ලෙසත් (top dead center) සිලින්ඩරය තුල පිස්ටනය ගමන් කල හැකි  පහලම සීමාව  BDC (bottom dead center)ලෙස හැදින්වේ .පිස්ටනය සිලින්ඩරය තුල  TDC සිට BDC දක්වා එක් වතාවක් හෝ BDC සිට TDC දක්වා එක් වතාවක් ගමන් කිරීම පහරක් ලෙස හදුන්වයි

සිව් පහර

1.චුෂණ පහර          -suction stroke
2.සම්පීන්ඩන පහර  -compression stroke
3.බල පහර             -power stroke
4.පිටාර පහර           -exhause stroke


                  1.චුෂණ පහර         -suction stroke
මෙම පහරේදී පිස්ටන් මුදුන් සීමාවේ සිට යට සීමාවට ගමන් ගනී .චුෂණ වෑල්වය ඇරී ඇති අතර පීටර වෑල්වය වැසි ඇත . පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කල විට සිලින්ඩරය තුල පරිමාව වැඩි වන අතර පීඩනය අඩුවේ .එය රික්තකයක් ලෙස හැදින්වේ .එවිට ඇරී ඇති චුෂණ කවුළුව තුලින් පෙට්‍රල් වාත මිශ්‍රණයක් සිලින්ඩරයට ඇතුළු වේ.
පිස්ටනය සිලින්ඩරය තුල BDC දක්වා ගමන් කරන තෙක් සිලින්ඩරය තුල පෙට්‍රල් වාත  මිශ්‍රණයෙන් පිරේ.
සිලින්ඩරය තුල පිස්ටනය ගමන් කරන වේගය අඩු උවහොත් පෙට්‍රල් වාත මිශ්‍රණය ඇතුල් වීමේ දුර්වලතාවක් දක්වයි.සිලින්ඩරය තුල පිස්ටනය වේගයෙන් ගමන් කළහොත් ඇතුල් වීම හොදින් සිදුවේ .
2.සම්පින්ඩන පහර -compression stroke
චුෂණ පහරේ BDC දක්වා ගමන් කල මිශ්‍රණය නැවත TDC පෙදෙසට ගමන් කිරීමට පටන් ගනී . මෙම අවස්ථාවේදී චුෂණ වැල්වය වැසේ .තව දුරටත් පිටාර වැල්වය වැසි පවතී .සිලින්ඩරය තුල ඇති  පෙට්‍රල් වාත මිශ්‍රණය පිස්ටනය මගින් සම්පිණ්ඩනය කරනු ලබයි .
පිස්ටනය සිලින්ඩරය තුල TDC දක්වා ගමන් කරණ තෙක් මිශ්‍රණය සම්පිණ්ඩනය කරයි .
පිස්ටනය සිලින්ඩරය තුල BDC දක්වා ගමන් කල පසු පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පිණ්ඩනය  වන පරිමාව දහන කුටීරය වේ.( compression chamber)
මිශ්‍රණය දහන කුටීරයේ  සම්පුර්ණයෙන් සම්පිණ්ඩනය කල විට පෙට්‍රල් එන්ජිමක සම්පින්ඩනයේ  පීඩනය 10 Kgcm -2 පමණ වේ.පීඩනය වැඩිවීම හේතුවෙන් උෂ්ණත්වය ඉහල යයි .(350’c පමණ)


writing By Thilina Jayanidu