ඉංජිනේරු තාක්ෂණය විකාශනයේ ශීඝ්‍ර සංවර්ධන අවධි



ඉංජිනේරු තාක්ෂණය විකාශනයේ ශීඝ්‍ර සංවර්ධන අවධි
          වර්තමානය වන විට ඉංජිනේරු තාක්ෂණය දියුණුව නිසා මානවයාගේ එදිනෙදා කාර්යයන් බොහෝ ලෙස පහසු වී ඇත.
උදා:-                               
·       ගමනා ගමනය දියුණු වීම
·       සන්නිවේදනය
·       වෛද්‍ය ක්ෂේත්‍රය
·       කෘෂි කර්මය
·       සේවා අංශය
ඉංජිනේරු තාක්ෂණයේ අනාගත දියුණුව
   අනාගතයේ දී තාක්ෂණයේ දියුණුව පරිසරයේ සමතුලිත තාවයට බලනොපාන පරිදි පවතින භෞතික සම්පත් ඉතා වැඩි කාර්යක්ෂමතාවයකින් නිර්මාණය විය යුතුය. තවද වැඩි වන ජනගහනයට අවශ්‍ය වන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉතා එලදායී ලෙස භාවිතා කළ යුතුය.
උදා:-
·       පුණර්ජනනීය බල ශක්ති ප්‍රභව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුය.
·       භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර වේගවත් විය යුතුය.
·       වැඩි අස්වනු ලබා දෙන බීජ වර්ග ආදිය නිර්මාණය විය යුතුය.
·       ඉතා වේගවත් හා කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යයන් බිහි විය යුතුය.


ඉංජිනේරු තාක්ෂණය අර්ථ දැක්වීම/ මානව හා පරිසර කෙරෙහි ඉංජිනේරු තාක්ෂණයේ දායකත්වය



මානව හා පරිසර කෙරෙහි ඉංජිනේරු තාක්ෂණයේ දායකත්වය
                          මානව පරිණාමයත් සමග භෞතික සම්පත්, මානව සම්පත් භාවිතා කිරීම ක්‍රමවත්ව සිදු විය යුතු බව මානවයාට වැටහීමට පටන් ගැනීමත් සමග ඉංජිනේරු තාක්ෂණය  යන විෂය ආරම්භ වේ.
ඉංජිනේරු තාක්ෂණය අර්ථ දැක්වීම
*  සම්පත් ඵලදායී ලෙස යොදා ගැනීමේ මෙවලමක්..
* ක්‍රියාවලි කාර්යක්ෂමව කිරීමේ මෙවලමක්
* අතීත සෞභාග්‍ය යලි ගොඩනැගීමේ මෙවලමක්

ඉංජිනේරු තාක්ෂණයේ විකාශනය
01) අවශ්‍යතාව
        මානව පරිණාමයත් සමග මිනිසුන්ගේ අවශ්‍යතා වැඩි වීමට පටන් ගනී. එම නිසා පවතින සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමේ අවශ්‍යතාවක් පවතින යන්ත්‍ර සූත්‍ර කාර්යක්ෂම කිරීමටත් අවශ්‍යතාව මතුවිය.මේවා ප්‍රධාන වශයෙන් ඉංජිනේරු තාක්ෂණය විකාෂණය වීම සදහා බලපෑ සාධක වේ.
02) ගැටලු
           අවශ්‍යතාවය මතු වූව ද එම අවශ්‍යතාවන් මග හරවා ගැනීමට සම්පත් ඌනතාවයක් මතු විය.(මානව හා භෞතික සම්පත්)
03) විසදුම්
          සම්පත් ඇති ස්ථාන වලින් සම්පත් ලබා ගැනීම.

ඉංජිනේරු තාක්ෂණය විකාශනයේ ප්‍රබල හැරවුම් ලක්ෂ
01) ගින්දර සොයා ගැනීම.
02) රෝදය සොයා ගැනීම.
03) ලෝහ වර්ග සොයා ගැනීම.
04) විදුලිය සොයා ගැනීම.
05) අර්ධ සන්නායක සොයා ගැනීම.
06) ට්‍රාන්සිස්ටරය සොයා ගැනීම.
07) කඩදාසි, සිමෙන්ති, ඛණිජ තෙල් සොයා ගැනීම.

ඉංජිනේරු තාක්ෂණය විකාශණයේ ශීඝ්‍ර සංවර්ධන අවධි
01) කාර්මික විප්ලවය(වැඩ වසම් ක්‍රමයේ අවසානයත් සමග)
02) දෙවන ලෝක යුද්ධය
03) ශ්‍රී ලංකාවේ යුද්ධය අවසාන වීම.
...............................