ගෘහ විද්‍යුත් පරිපථයක් නිර්මාණයේ දී අවශ්‍ය උපකරණ



ගෘහ විද්‍යුත් පරිපථයක් නිර්මාණයේ දී අවශ්‍ය උපකරණ

1. ශේෂ ධාරා පරිපථ බිදිනය  (RCCB)/ පැන්නුම් දගරය

ගෘහ විද්‍යුත් පරිපථයක ආරක්ෂාව සදහා භාවිතා කරන ස්වයංක්‍රීයව විසන්ධි වන උපකරණයක් ලෙස ‍ශේෂ ධාරා පරිපථ බිදිනය හැදින්විය හැක.
සජීවී රැහැනේ සහ උදාසීන රැහැනේ ධාරා වෙනස අනුව මෙය ක්‍රියාත්මක වේ. එම සංවේදිතාව අනුව ශේෂ ධාරා පරිපථ බිදින විශාල ප්‍රමාණයක් ඇත.
උදා:- 1mA, 0.01mA, 0.1mA ආදී වශයෙන් අවශ්‍යතාවය අනුව ශේෂ ධාරා පරිපථ බිදින තෝරාගත යුතුය.
 2. සිගිති ධාරා පරිපථ බිදිනය (MCB)

ගෘහ විද්‍යුත් පරිපථයක කිසියම් පරිපථ කොටසක් හරහා ගමන් කරන ධාරාව පාලනය කිරීම සදහා MCB භාවිතා කරයි.
                                              වර්තමානයේ MCB ස්වයංක්‍රීයව විසන්ධිවන පරිදි නිර්මාණය කර ඇත. මීට පෙර භාවිතා කළ MCB වර්ග සදහා කම්බි වර්ග යෙදිය යුතු අතර නූතන MCB වර්ග වල ස්විචය On කිරීම පමණක් සෑහේ.
3. ප්‍රධාන ස්විචය (Main switch)

        ගෘහ විද්‍යුත් පරිපථයකට සපයන සජීවී හා උදාසීන යන රැහැන් දෙකම විසන්ධි කිරීම සදහා ප්‍රධාන ස්විචය භාවිතා කරයි.
4. විදුලි මීටරය
   
  ගෘහ විද්‍යුත් පරිපථයක භාවිතා කරන විදුලි ශක්ති ප්‍රමාණය ගණනය කිරීම සදහා විදුලි මීටරය භාවිතා කරයි. මෙමගින් කිලෝවොට් පැය (kwh) මගින් ගණනය කරයි.
5. සේවා විලායකය (Cut Out)
    
 ගෘහ විද්‍යුත් පරිපථයක සැපයුම විසන්ධි කිරීම හා ඉතා විශාල ධාරාවන් පාලනය කිරීමට සේවා විලායකය භාවිතා කරයි.
6. ස්විච (Swicthes)

ප්‍රධාන වශයෙන් ගෘහ විද්‍යුත් පරිපථයක විදුලි පහන් පාලනය කිරීම සදහා ස්විච භාවිතා කරයි. අවශ්‍යතාවයට අනුව තනි ද්‍රැව, ත්‍රී ද්‍රැව ආදී වශයෙන් ස්විච ලබා ගත හැක. මීට අමතරව විදුලි බල්බ වල ආලෝකය පාලනය කිරීම සදහා ඩිමර් ස්විච්, ස්ථාන දෙකක සිට බල්බයක් පාලනය කිරීම සදහා දෙමන් ස්විච් (Two way switch) භාවිතා කරයි.
                     මීට අමතරව කෙටි වෙලාවක් ස්විචය දැමිය යුතු ස්ථාන සදහා බෙල් ස්විච් (ඔබන බොත්තම් සහිත ස්විච) භාවිතා කරයි.
7. පේනු ආධාරක (Plug Base)
   
 නිවසක ඇති විදුලි උපකරණ ආදිය සම්බන්ධ කිරීම සදහා පේනු ආධාරක භාවිතා කරයි. විවිධ අවශ්‍යතාවයන් අනුව පේනු ආධාරක වර්ග කීපයක් ඇත.
5A රවුම් පේනු ආධාරක
13A රවුම් පේනු ආධාරක
5A හතරැස් පේනු ආධාරක