ස්නේහන පද්ධතිය - Lubrication System



ස්නේහන පද්ධතිය - Lubrication System
              එන්ජිමක චලනය වන ලෝහ පෘෂ්ඨ එකිනෙකට ඇතිල්ලී ක්‍රියා කරන විට ඝර්ෂණය අවම මට්ටක පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. එයින් ලෝහ පෘෂ්ඨ රත්වීම, ජවය හානි වීම, ශබ්දය ඇතිවීම වළක්වා ගත හැක.
        එම නිසා ඒ ඒ එන්ජින් සදහා සුදුසු ස්නේහන තෙල් එන්ජින් වලට නිර්දේශ කෙරේ.
ස්නේහන තෙල් වලින් ඇතිවන කාර්යය
         ස්නේහන තෙල් වලින් කෙරෙන ප්‍රධාන කාර්යය ඝර්ෂණය අවම කිරීම හා ක්‍රියාකාරී පෘෂ්ඨ අතර තෙල් පටල සෑදීම. එයට අමතරව එන්ජින් ඔයිල් වලින් කාර්්‍යයන් ගණනාවක් කෙරේ.
01.  සිසිලන කාරකයක් ලෙස ස්නේහන තෙල් ක්‍රියාකර එන්ජිමේ ඇති උෂ්ණත්වය උරා ගෙන සිසිලන පද්ධතියට අමතර සහයෝගයක් ලබා දේ.
02.  කම්පන වාරකයක් ලෙස ක්‍රියාකර එන්ජිමේ ඇතිවන අධික කම්පන උරාගනී. එම නිසා එන්ජිමේ කම්පනය තරමක් දුරට පාලනය වේ.
03.  පිරිසිදු කාරකයක් ලෙස ක්‍රියාකරන එන්ජින් තෙල් එන්ජිමේ ක්‍රියාකාරී කොටස් වල ඇති ගෙවුණු යකඩ කුඩු හා දහනය නිසා ඇතිවන කාබන් වැනි දෑ දියකර තෙල් දෙනට ගෙනවිත් ෆිල්ටර් කර ඉවත් කරීම.
04.  විඛාදනය වළක්වාලන්නක් ලෙස ක්‍රියා කිරීම.

ස්නේහන තෙල්වල ඉහත කාර්යයන් කරගැනීම සදහා හැකිවන අයුරින් තෙල් වර්ගීකරණය කරයි.
1.    SAE වර්ගීකරණය - මෙම වර්ගීකරණයෙන් එන්ජින් තෙල් වල උකුබව එනම් ඝනත්වය වර්ග කෙරේ.
2.    API වර්ගීකරණය - එම වර්ගීකරණයෙන් එන්ජින් තෙල් වල ගුණාත්මකභාවය වර්ග කෙරේ.

උදා :-
         මෝටර් සයිකල් සදහා SAE 20W 40 API SG + JASO, MA Oil ඇතැම් එන්ජින් සදහා නිර්දේශ කෙරේ.

සිව්පහර එන්ජිමක ස්නේහන තෙල් එන්ජින් තුළ ක්‍රියාකරන ක්‍රම 02 කි.
1.    සිංචන ක්‍රමය (Sptash Wbrication System)
2.    කෘති පෝෂණ ක්‍රමය (Feed Wbrication System)

සිංචන ක්‍රමය
      සිංචන ක්‍රමයේ දී දගර කද මගින් එන්ජිමේ කොටසට එන්ජින් තෙල් විසිකිරීම සිදුවේ. එමගින් ඔක්සිජන් හා සිලින්ඩර බිත්ති ස්නේහනය වේ. මෙය එන්ජිමේ සියලු කොටස් ස්නේහනය කිරීම සදහා යොදා ගත හැකිය.
කෘත පෝෂණ ක්‍රමය
      මෙම ක්‍රමයේ දී පොම්පයක් මගින් එන්ජිමේ ක්‍රියාකාරී කොටස් වලට ස්නේහන තෙල් පොම්ප කිරීම සිදුවේ. පොම්ප වර්ගය අනුව පොම්පවන ආකාර 02කි.
01.  ගියර වර්ගයේ ඔයිල් පොම්ප (Gear type oil pump)
02.  භ්‍රමක වර්ගයේ ඔයිල් පොම්පය (Rotor Type oil pump)

ස්නේහන තෙල් පෙරෙන ආකාරය අනුව වර්ග 02කට බෙදේ.
01)  පූර්ණ තෙල් පෙරීමේ ක්‍රමය (Full flow oil filter system)
02)  අතුරු මාර්ග තෙල් පෙරීමේ ක්‍රමය (By-pass oil filter system)
         
http://slengineering.blogspot.com/p/download-lessons.html
Powered By Tharindu Chathuranga
Ambagasdowa Janadipathi Vidyalaya

සුක්කානම් ජ්‍යාමිතිය

සුක්කානම් ජ්‍යාමිතිය
සුක්කානම
           මෝටර් රථය දිශා ගැන්වීම මෙමගින් සිදුකරයි. සුක්කානමක යොදනු ලබන්නේ බල යුග්මයේ ඝූර්ණයකි. මෙය වෘත්තාකාරව නිර්මාණය කිරීම තුලින් බල යුග්මයක් යෙදීම පහසු වන අතර රෝද හැරෙන උපරිම කෝණය සුක්කානම වට කිහිපයක් කරකැවීම තුළින් ඒ මත යෙදෙන බලය අවම වේ.
සුක්කානම් නියමය
            සුක්කානමේ ඇක්සලය සිරස්ව කැරකෙන විට රෝද දෙක වෙත යොමු වී ඇති ඇක්සලය තිරස්ව චලනය විය යුතුය. මෙය සිදු කරනු ලබන්නේ සුක්කානම් ගියර් පෙට්ටිය මගිනි. තවද මෙමගින් සුක්කානම කරකැවෙන වට ගණනට කෝණය වෙනස් කළ හැක.(අවශ්‍ය වාහනයට අනුව)

එක එල්ල
         මෝටර් රථයක ඉදිරිපස රෝද දෙක කිසිම කෝණයකින් හැරී නොපවතින විට පිටුපස රෝදයට හරියටම සමාන්තරව පවතී නම් එක එල්ලව පවතින ලෙස හදුන්වනු ලැබේ.
·        ඇතුළත ඇලය සහ පිටත ඇලය
                 සුක්කානමක් කර කැවීමේ දී රෝදය චලනය වන කෝණය මෙම නම් වලින් හැදින්වේ.
·        රජ ඇණය (King Pin)

                 වාහනය ඉදිරිපස රෝද භ්‍රමණය වනවාත් සමගම වාහනය දිශා ගැන්වීම ද මෙමගින් සිදු විය යුතුය. නමුත් රෝදය ස්ථිර වශයෙන්ම අක්ෂ දණ්ඩයට සම්බන්ධ වූයේ නම් දිශා ගැන්වීම සිදු කළ නොහැක. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා රෝදය සවිවන කොටස චලනය විය හැකිවන පරිදි රජ ඇණය යොදා ඇත. මෙම නිසා රජ ඇණය වටා රෝදයට චලනය විය හැක.

මෝටර් වාහනයක ප්‍රධාන උප පද්ධති

එන්ජිම
රෝධක පද්ධතිය
සම්පේෂණ පද්ධතිය
සුක්කානම් පද්ධතිය/ අවලම්බන පද්ධතිය
විදුලි පද්ධතිය/ බොඩිය/ රෝද
Download Images
http://www65.zippyshare.com/d/20460994/18/Engineering%20Scan%20lesson4.rar
http://www65.zippyshare.com/v/20460994/file.html