ස්නේහන පද්ධතිය - Lubrication System



ස්නේහන පද්ධතිය - Lubrication System
              එන්ජිමක චලනය වන ලෝහ පෘෂ්ඨ එකිනෙකට ඇතිල්ලී ක්‍රියා කරන විට ඝර්ෂණය අවම මට්ටක පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. එයින් ලෝහ පෘෂ්ඨ රත්වීම, ජවය හානි වීම, ශබ්දය ඇතිවීම වළක්වා ගත හැක.
        එම නිසා ඒ ඒ එන්ජින් සදහා සුදුසු ස්නේහන තෙල් එන්ජින් වලට නිර්දේශ කෙරේ.
ස්නේහන තෙල් වලින් ඇතිවන කාර්යය
         ස්නේහන තෙල් වලින් කෙරෙන ප්‍රධාන කාර්යය ඝර්ෂණය අවම කිරීම හා ක්‍රියාකාරී පෘෂ්ඨ අතර තෙල් පටල සෑදීම. එයට අමතරව එන්ජින් ඔයිල් වලින් කාර්්‍යයන් ගණනාවක් කෙරේ.
01.  සිසිලන කාරකයක් ලෙස ස්නේහන තෙල් ක්‍රියාකර එන්ජිමේ ඇති උෂ්ණත්වය උරා ගෙන සිසිලන පද්ධතියට අමතර සහයෝගයක් ලබා දේ.
02.  කම්පන වාරකයක් ලෙස ක්‍රියාකර එන්ජිමේ ඇතිවන අධික කම්පන උරාගනී. එම නිසා එන්ජිමේ කම්පනය තරමක් දුරට පාලනය වේ.
03.  පිරිසිදු කාරකයක් ලෙස ක්‍රියාකරන එන්ජින් තෙල් එන්ජිමේ ක්‍රියාකාරී කොටස් වල ඇති ගෙවුණු යකඩ කුඩු හා දහනය නිසා ඇතිවන කාබන් වැනි දෑ දියකර තෙල් දෙනට ගෙනවිත් ෆිල්ටර් කර ඉවත් කරීම.
04.  විඛාදනය වළක්වාලන්නක් ලෙස ක්‍රියා කිරීම.

ස්නේහන තෙල්වල ඉහත කාර්යයන් කරගැනීම සදහා හැකිවන අයුරින් තෙල් වර්ගීකරණය කරයි.
1.    SAE වර්ගීකරණය - මෙම වර්ගීකරණයෙන් එන්ජින් තෙල් වල උකුබව එනම් ඝනත්වය වර්ග කෙරේ.
2.    API වර්ගීකරණය - එම වර්ගීකරණයෙන් එන්ජින් තෙල් වල ගුණාත්මකභාවය වර්ග කෙරේ.

උදා :-
         මෝටර් සයිකල් සදහා SAE 20W 40 API SG + JASO, MA Oil ඇතැම් එන්ජින් සදහා නිර්දේශ කෙරේ.

සිව්පහර එන්ජිමක ස්නේහන තෙල් එන්ජින් තුළ ක්‍රියාකරන ක්‍රම 02 කි.
1.    සිංචන ක්‍රමය (Sptash Wbrication System)
2.    කෘති පෝෂණ ක්‍රමය (Feed Wbrication System)

සිංචන ක්‍රමය
      සිංචන ක්‍රමයේ දී දගර කද මගින් එන්ජිමේ කොටසට එන්ජින් තෙල් විසිකිරීම සිදුවේ. එමගින් ඔක්සිජන් හා සිලින්ඩර බිත්ති ස්නේහනය වේ. මෙය එන්ජිමේ සියලු කොටස් ස්නේහනය කිරීම සදහා යොදා ගත හැකිය.
කෘත පෝෂණ ක්‍රමය
      මෙම ක්‍රමයේ දී පොම්පයක් මගින් එන්ජිමේ ක්‍රියාකාරී කොටස් වලට ස්නේහන තෙල් පොම්ප කිරීම සිදුවේ. පොම්ප වර්ගය අනුව පොම්පවන ආකාර 02කි.
01.  ගියර වර්ගයේ ඔයිල් පොම්ප (Gear type oil pump)
02.  භ්‍රමක වර්ගයේ ඔයිල් පොම්පය (Rotor Type oil pump)

ස්නේහන තෙල් පෙරෙන ආකාරය අනුව වර්ග 02කට බෙදේ.
01)  පූර්ණ තෙල් පෙරීමේ ක්‍රමය (Full flow oil filter system)
02)  අතුරු මාර්ග තෙල් පෙරීමේ ක්‍රමය (By-pass oil filter system)
         
http://slengineering.blogspot.com/p/download-lessons.html
Powered By Tharindu Chathuranga
Ambagasdowa Janadipathi Vidyalaya