DC & AC Current (සරල හා ප්‍රත්‍යාවර්ථ ධාරා) - ඉලෙක්ට්‍රෝනික විද්‍යාව



සරල ධාරා (Direct Current)
               යම් වෝල්ටීයතාවයක් කා ලක්ෂයට සමාන්තර වෙන ලෙස හෝ වෙනස් වෙන (සුළු වශයෙන්) ලෙස ලැබේනම් එය සරල ධාරාවකි.
උදා - වියළි කෝෂය ,සූර්ය කෝෂ , කාර් බැටරි, ඔරලෝසු බැටරි, UPS බැටරි


ප්‍රත්‍යාවර්ථ ධාරා (Alternating Current)
 

                           යම් වෝල්ටීයතාවයක් ඉහත ප්‍රස්ථාරයේ ආකාරයට ප්‍රත්‍යාවර්ථව ලබා ගත හැකි නම් එය ප්‍රත්‍යාවර්ථ ධාරාවකි.
උදා - ජෙනරේටරය, ඩයිනමෝව වාහනවල ඇති ඔල්ටනේටරය, විදුලි ජනක


  • සෘජුකෝණාස්‍රාකාර  
  •  ත්‍රිකෝණාකාර

 

සිව්පහර එන්ජිමක ප්‍රධාන කොටස්(FOUR STROKE ENGINE MAIN PARTS)

සිව්පහර එන්ජිමක ප්‍රධාන කොටස්
(FOUR STROKE ENGINE MAIN PARTS)

ජවරෝදය (Fly wheel)
        එන්ජිමක දගර කද භ්‍රමණය සදහා සක්‍රීය ජවයක් ලැබෙන්නේ බල පහරේ දී පමණි. විශේෂයෙන් සිව්පහර එන්ජිමක දී තවත් පහර 3ක් සදහා අවශ්‍ය වන ශක්තිය එම බල පහරෙන් ගබඩා කර තබාගත යුතුය. එම කාර්ය සිදු කිරීම සදහා දගර කදේ පිටුපස කොටස (ගියර පෙට්ටිය පැත්ත) වන බරින් වැඩි තරමක් විශාල රෝදයක් සවිකර ඇත. එම රෝදය මගින් බල පහරේදි උත්පාදනය වන ශක්තිය ගබඩා කර සෙසු පහර 3න සදහා භාවිතා කරනු ලබයි. පණගැන්වුම් මෝටරය මගින් ලබාදෙනු ලබන කැරකුම් බලයද එන්ජිමට ලබාදෙන්නේ ජව රෝදය හරහා වීම තවත් සිද්ධියකි.


මුහුර්තන පටි (Timing Belt)
         එන්ජිමක මුහුර්තනය සැකසීම තරමක් සංකීර්ණ වූත් වැදගත් වූත් ක්‍රියාදාමයකි. පිස්ටන් වල චලිතය යනාදී කරුණු පාදක කොටගෙන වෑල් ඇරීම වැසීම, පුළිගු පේනුව මගින් (spark plug) ජ්වලන පුළිගුවක් ලබා දීම, ඩීසල් එන්ජිමක් නම් ඉන්ජෙක්ටරය සහ පොම්පය ක්‍රියා කරවීමට අවශ්‍ය කරන නිවැරදි මුහුර්තනය සැකසීම Timing belt එකක පරමාර්ථයයි. ඒ සදහා Timing belt එකක් තුල දැති (Tooth) නිර්මාණය කර ඇත. 

එම දැති සහ එම බෙල්ට් ක්‍රියාකරන රෝද අතර හොද සම්බන්ධයක් පවතී. එන්ජිමක් ක්‍රියා කරවීමට පෙර නිෂ්පාදකයින්ගේ න්‍යායන්වලට අනුව Timing belt සහ wheel සම්බන්ධ කෙරේ. එක් එක් මාදිලිවල භාවිතාවන Timing belt වර්ග විවිධාකාර වේ. එහි පවතින කට්ට ගණන, එන්ජිමේ නිෂ්පාදනය මත වෙනස් වේ.

         
 මුහුර්තන දම්වැල් (Timing Chain)
                 මෙහි ක්‍රියාවලිය Timing belt වල ක්‍රියාවටම සමාන වේ. නිර්මාණය සහ නිෂ්පාදන ක්‍රියාවලිය පමණක් වෙනස් වේ. පැරණි මෝටර් රථ වල බෙහෙවින් දකින්නට ලැබුණ ද දැන් දැන් නවීන මෝටර් රථ වලද නැවත Timing Chain භාවිතයේ වැඩිවීමක් දක්නට ඇත. එකම වාසිය වන්නේ මෙහි Timing belt වලදී මෙන් කි.මී.100000 සීමාවේදී මාරු කිරීමට නැති වීමෙන් නඩත්තු වියදම් අවම වීමයි. 

+


මුහුර්තන රෝද (Timing Wheels)
                    සිදු කරගන්නා න්‍යාය ඉහත කී දෙවර්ගයේම මෙන්ම සමාන වුවත්, නිර්මාණය වෙනස්ය. බොහෝවිට ඩීසල් මෝටර් රථය සදහා ජනප්‍රිය ක්‍රමයකි. මෙහි රෝදයෙන් රෝදයට දැති සම්බන්ධතාවය මගින් මුහුර්තය සකසා ගනී. අදාළ සම්බන්ධතාවය කිසියම් සංඥාවක් සහිතව නිෂ්පාදකයින් විසින් දක්වා ඇත. 


කපාට (වෑල්ව්ස්) (Valves)
          විශේෂයෙන් සිව්පහර එන්ජිමක සිදුවන ඉන්ධන දහන ක්‍රියාවලිය සදහා ඉන්ධන වාත මිශ්‍රණය හෝ වාතය එන්ජිමට අවශ්‍ය සීමාවේදී ලබා ගැනීමටත් අනවශ්‍ය අවස්ථාවේ එම මාර්ග වසා දැමීමටත් දැවුණු වාතය පිට කිරීමටත් එන්ජින් මුහුර්තන වක්‍රය මත ක්‍රියා කරන කපාට Valves අවශ්‍ය වේ. මේවා විශේෂ සංයෝගය සහිත ලෝහ වලින් නිෂ්පාදනය වේ. පහත රූපයේ ඇත්තේ මෝටර් රථ සදහා බහුලව යොදා ගන්නා Mushroom වර්ගයේ කපාට කීපයකි. 


උපුටා ගැනීම - සිරිකත News paper - 2014/10/06 paper - පිටුව 05

 Blog Admin

Tharindu Chathuranga

Welimada Sri lanka

B/Janadipathi Vidyalaya