තෙදඩු තුලාව (Tripple beam balance)



තෙදඩු තුලාව

(Tripple beam balance)
              වස්තුවක ස්කන්ධය වඩා නිවැරදිව සහ පහසුවෙන් මැනගැනීම සදහා තෙදඩු තුලාව භාවිතා කල හැක. මෙහි ක්‍රියාකාරීත්වය පදනම් වී ඇත්තේද ලීවර මූලධර්මය මතයි. තෙදඩු තුලාවක දණ්ඩේ එක් පැත්තක් කෙටිය. එම පැත්ත මත තුලා තැටිය නංවා ඇත. එහි අනෙක් පැත්ත සකස්කර ඇත්තේ එකිනෙකට සමාන්තර දිගු උප දඩු තුනක් ලෙසිනි.
සෑම උප දණ්ඩකම ස්කන්ධය මැනීමේ රේඛීය පරිමාණය බැගින් සකස් කර ඇති අතර ඒ සෑම එකක් මත සර්පණ දර්ශකයක් බැගින් සකස් කර ඇත. දර්ශක වලට කුඩා නිශ්චිත ස්කන්ධ පවතින අතර පරිමාණ ඔස්සේ මෙම දර්ශක චලනය කිරීම මගින් විවර්තිත ලක්ෂ්‍යය වටා විවිධ අගයන් සහිත ඝූර්ණ ඇති කල හැක. ඒ අනුව තුලා තැටිය මත තබන ලද වස්තුවක බර මගින් විවර්තිත ලක්ෂ්‍යය වටා ඇතිවන ඝූර්ණ සංතුලනය කල හැකිවේ.
 Powered By Tharindu Chathuranga Engineering Student 
Ambagasdowa janadipathi Vidyalaya (www.presidentcollegeamb.com)