සිවිල් ඉංජිනේරු තාක්ෂණය පළමු කොටස



ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විකාශය

                       අනාධිමත් කාලයේ සිටි මිනිසා ජීවත් වූ ක්‍රමවේදය වන්නේ ගල් ගුහා, ගස් බෙන වාසස්ථාන කරගෙනය. ඉන් අනතුරුව තැනින් තැනට යමින් එඩේර යුගයක් ආරම්භ වීම සමම තාවකාලික නිවාස ක්‍රමයක් ආරම්භ කරගන්නා ලදි. මෙම තාවකාලික නිවාස වලට ලී දඩු, ගල්, මැටි භාවිතා කරමින් වාසස්ථානය සාදා සෙවිලිම් ද්‍රව්‍ය ලෙස පිදුරු, මානම්, ඉලුක්, පොල් අතු, තල් භාවිතා කරගන්නා ලදි. මෙයාකාරයට ජීවත් වූ පුද්ගලයින් තම වාසස්ථානය ක්‍රමක් ක්‍රමයෙන් වැඩි දියුණු කරගන්නා ලදි. පොළොවෙන් ලබා ගන්නා මැටි හා ලාටු වර්ග භාවිතා කරමින් ගඩොල් නිර්මාණය කරගන්නා ලදි. මෙම ගඩොල් භාවිතා කරමින් බැදුම් ද්‍රව්‍ය ලෙස මැටි භාවිතා කරමින් ගොඩනැගිලි නිර්මාණය කරගන්නා ලදි.

           සිමෙන්ති සොයා ගැනීම - 1824 වර්ෂයේ දී ජෝෂප් ඇසොප්ඩීන්(Joseph Aspdin) විසින් මහා බ්‍රිතාන්‍යයේ පෝට්ලන්ඩ් නම් ප්‍රදේශයේ මිෂනාරි නම් ස්ථානයේ සිමෙන්ති සොයා ගැනීමත් සම ගොඩනැගිලි ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු විය.

ගොඩනැගිල්ල ඉදි කිරීම.
ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ප්‍රථමයෙන් සැළකිය යුතු කරුණු
·         භූමිය තොරා ගැනීම
·         සැලැස්ම නිර්මාණය කිරීම

භූමිය තොරා ගැනීමේ දී සැළකිලිමත් විය යුතු කරුණු
·         අතේ ඇති මුදලට භූමියක් තෝරා ගැනීම.
·         දියුණුවන පරිසරයක භුමියක් තෝරා ගත යුතුය.
·         පහසුකම් සලසන ස්ථානයක් විය යුතුය.
·         ආරක්ෂිත විය යුතුය.
·         නිරවුල් ඔප්පු තිරප්පු තිබිය යුතුය.

සැලැස්ම නිර්මාණය කිරිමේ දී සැළකිලිමත් විය යුතු කරුණු
·         අතේ පවතින මුදලට සැලැස්ම නිර්මාණය විය යුතුය.
·         නවීන ක්‍රමයට සැලැස්ම නිර්මාණය විය යුතුය.
·         අඩු වියදමට සැලැස්ම නිර්මාණය විය යුතුය.
·         කුඩා ඉඩ ප්‍රමාණයකින් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන සේ සැලැස්ම නිර්මාණය කර ගත යුතුය.
·         පළාත් නගරබද ප්‍රදේශයක නම් නගර සභාවේ නීතිරීති වලට අනුකූල විය යුතුය.


ගෙපල සැකසීම.
              කදුකර ප්‍රදේශයක නම් සැලැස්මට අනුව ගෙපල කපා මට්ටම් කළ යුතුය. තැනිතලා භූමියක නම් අගල් 6ක පමණ පස් තට්ටුව කපා ඉවත් කළ යුතුය.

අත්තිවාරම සදහා නූල් ගැසීම.
                නූල් ගැසීමේ ක්‍රම 03කි.
    1.    මුලු මට්ටම භාවිතා කර නූල් ගැසීම.
    2.    පෛතගරස් ක්‍රමයට නූල් ගැසීම. (3 4 5 ක්‍රමයට නූල් ගැසීම)
    3.    තියඩෝ ලයිට්ටුව භාවිතා කර නූල් ගැසිම.

 1.  මුලු මට්ටම භාවිතා කර නූල් ගැසීම.
             මෙම ක්‍රමය මගින් නූල් ගසනු ලබන්නේ කුඩා වැඩ වලදී පමණි.
උදා :-
          වැසිකිලි, කුඩා කාමර, මුර කුටි

 2.  පෛතගරස් ක්‍රමයට නූල් ගැසීම.
              මෙම ක්‍රමය 3 4 5 ක්‍රමය ලෙස හදුන්වයි. නූල් ගැසීම සහා බහුලව භාවිතා වන්නා වූ ක්‍රමවේදයකි. ගොඩනැගිල්ලේ විශාලත්වය වැඩිවන විට ඉහත අගයන් එකම ගුණාකාරයකින් වැඩිකරගනු ලබයි.
                    උදා - 3 4 5
                             6 8 10
 3.  තියඩෝ ලයිට්ටුව භාවිතයෙන් නූල් ගැසීම.
             මහා පරිමාණ අන්දමේ ඉදිකිරීම් කටයුතු වලදී තියඩෝ ලයිට්ටුව භාවිතා කරයි.

උදා:- වාරිමාර්ග, මහාමාර්ග, ගුවන්තොටුපලවල්, විශාල කර්මාන්ත ආදී

   අත්තිවාරම (Foundation)
        ගොඩනැගිල්ලෙන් පොළොව දෙසට යොදනු ලබන බර පොළොව මත සමසේ බෙදා හැරීම සහා යොදනු ලබන්නා වූ ආධාරකය අත්තිවාරම ලෙස හදුන්වනු ලබයි.

අත්තිවාරම කොටස් 2කට වර්ග කරයි.
1.    ස්වභාවික අත්තිවාරම - මිනිසාගේ මැදිහත් වීමකින් තොරව නිර්මාණය වන අත්තිවාරම
2.    කෘතීම අත්තිවාරම - මිනිසාගේ මැදිහත් වීමෙන් ඉදිකරන අත්තිවාරම

අත්තිවාරම් වර්ග
1.    සාමාන්‍ය අත්තිවාරම
2.    කළුගල් අත්තිවාරම
3.    කොන්ක්‍රීට් අත්තිවාරම
4.    තරප්පු අත්තිවාරම
5.    පෙත්තම් අත්තිවාරම
6.    ටැබ හා තලාද අත්තිවාරම උදා- පාර්ලිමේන්තුව ඉදිකරන ලද්දේ මෙම අත්තිවාරම මතය.
7.    කෙටි බොර අත්තිවාරම
8.    පහුරු අත්තිවාරම


1.සාමාන්‍ය අත්තිවාරම
                  මෙම අත්තිවාරම සාමාන්‍ය ඉදිකිරීම්වලදී භාවිතයට ගනු ලබයි. කපා ගන්නා ලද අත්තිවාරම් කාණුව මත ප්‍රදේශයෙන් යොදා ගන්නා ලද ගල් තට්ටුවක් යොදා ඒ මතට පස් යොදා වතුර ගසනු ලැබේ. පසුව ගල් කුස්තුර තුලට මෙම මඩ යාමට සලස්වයි. මේ ආකාරයට ගල් තට්ටුමත මැටි දමා මඩ කරමින් පොළොව මට්ටම තෙක් බදිනු ලබයි. පොළොව මට්ටමෙන් පසු පොළොව මට්ටමේ සිට අඩි 1 ½ පමණ උසටත් අඩියක් පමණ පළලටත් සිටින සේ නූල්වලට  ලම්භකව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද ගල් හා මැටි භාවිතයෙන් අත්තිවාරම සකස් කරගනු ලබයි. 

      2.කළුගල් අත්තිවාරම
                        වර්තමානයේ දී භාවිතාවන්නා වූ අත්තිවාරම් වර්ගයයි. මෙම අත්තිවාරමත් අත්තිවාරම් කාණු කැපීමෙන් පසු කළුගල් භාවිතයෙන් අගල් 6 x 9 හෝ අගල් 9 x 9 කළුගල් භාවිතයෙන් 1:5 සිමෙන්ති වැලි බදාමයෙන් අත්තිවාරම සකසා ගනු ලැබේ.
 
3.කොන්ක්‍රීට් අත්තිවාරම
                        මෙම අත්තිවාරම බහුලව භාවිතා වනුයේ පොළොවෙහි තෙතමනය ඇති ස්ථානවලය. එමෙන්ම අත්තිවාරම් පතුල තද පොළොවක් නොවේනම් (පිහිටි පොළොව) මෙම අත්තිවාරම භාවිතයට ගනු ලබයි. අත්තිවාරම් කාණු පතුලෙහි අගල් 4ක් පමණ ඝණකමට 1:2:4 කොන්ක්‍රීට් මිශ්‍රණයෙන් කොන්ක්‍රීට් කර ඒ මත කළුගල් අත්තිවාරම බදිනු ලබයි.

4.තරප්පු අත්තිවාරම
                        මෙම අත්තිවාරම කදුකර ප්‍රදේශවල ගොඩනැගිල්ලක් සාදන විට සැලසුම් ශිල්පියා විසින් තට්ටු ක්‍රමයට අත්තිවාරම සැලසුම් කරයි. එවිට මෙම ක්‍රමයට අත්තිවාරම යොදා ගොඩනැගිල්ල නිර්මානය කරයි.

අත්තිවාරම් ඉවුරු බැදීම

         අත්තිවාරම් කාණු කැපීමෙන් පසු අත්තිවාරම දැමීමට ගතවන්නා කාලය අනුව හා පොළොවේ ස්වභාවය අනුව අත්තිවාරම් ඉවුරු බැදීම සිදුකරනු ලබයි. අත්තිවාරම් කානුව කපා සති දෙකකට වැඩි කලක් ගත වන්නේ නම් අත්තිවාරම් ඉවුරු බැදීම කරනු ලබයි. එමෙන්ම භූමිය බුරුල් හා මඩ සහිත පොළොවක් නම් අත්තිවාරම් කාණු බැදීම සිදු කරනු ලබයි. අත්තිවාරම් දැමීමට ලෑලි හා කූඤ්ඤ භාවිතයට ගනු ලබයි.

තෙත් නිවාරණ වැටිය
                    තෙත් නිවාරණ වැටිය යනු පොළොවේ ඇති තෙතමනය අත්තිවාරම තුලින් ගෙබිමට ඇතුල් වීම වැළැක්වීම සහා යොදනු ලබන පටලයයි.මෙය 1:3 සිමෙන්ති බදාමයෙන් සාදනු ලබයි. සාදාගන්නා ලද අත්තිවාරම මත 1:3 මිශ්‍රණ අනුපාතයට සාදා ගන්නා ලද බදාමය අගලක් හෝ අගල් ¾ ක් ඝනකමට කපරාරු කර ඒ මත DBC තාර යොදා නිර්මාණය කරගනු ලබයි.


පස් පිරවුම
                     අත්තිවාරම් බැදීමෙන් පසු අත්තිවාරම තුලට පස් පිරවීම කරනු ලබයි.මෙම පස කොළරොඩු, ගල් ඉවත් කරන ලද පිරිසිදු පස් විය යුතුය. පස් පිරවීමෙන් පසු තට්ටු වශයෙන් සිටින සේ තද කරගත යුතුය.
කයිරු බැම්ම
                     පොළොව මට්ටමේ සිට ඉහළ නැගෙන්නා වූ අත්තිවාරම් කොටස කයිරු බැම්ම වේ.

වික්ටෝරියා වේල්ල ....

වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වික්ටෝරියා වේල්ල

වික්ටෝරියා වේල්ල (2011 දී)
වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව is located in Sri Lanka
වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව
වික්ටෝරියා වේල්ල පිහිටි ස්ථානය
රට ශ්‍රී ලංකාව
ප්‍රදේශය තෙල්දෙණිය
ඛණ්ඩාංක 07°14′29″N 80°47′05″E / 7.24139°N 80.78472°E / 7.24139; 80.78472ඛණ්ඩාංක: 07°14′29″N 80°47′05″E / 7.24139°N 80.78472°E / 7.24139; 80.78472
තත්වය ක්‍රියාත්මක
ඉදිකිරීම ඇරඹුවේ 1978 අගෝස්තු 14
විවෘතය 1985 අප්‍රේල් 12
වේල්ල සහ වාන් දොරටු
වේල්ලේ වර්ගය ආරුක්කු, ද්වි නැම්ම
උස 122 m (400 ft)
දිග 520 m (1,706 ft)
පාදම පළල 25 m (82 ft)
හරස්කිරීම් මහවැලි ගඟ
වාන් දොරටු 8
වාන් දොරටු ධාරිතාවය 8,200 m3/s (289,580 cu ft/s)
ජලාශය
නිර්මාණය වික්ටෝරියා ජලාශය
ධාරිතාවය 722000000 m3
ක්‍රියාකාරී ධාරිතාවය 689000000 m3
ජලධාරකය 1869 m2
මතුපිට ක්ෂේත්‍රඵලය 23 km2
විදුලි බලාගාරය
ජල රෝද මෙ.වො 3 × 70
ස්ථාපිත ධාරිතාවය මෙ.වො 210
වාර්ෂික ජනනය ගිගාවොට් පැය 780
As of 2011 අප්‍රේල්
වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ (කිලෝමීටර 209) තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි ආරුක්කු වේල්ලකි. මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත. වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වාරි සම්පාදනය සහ ජල විදුලිය නිපදවීමයි. වික්ටෝරියා වේල්ල ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට (මෙගාවොට් 210) දායකත්වය සපයයි. 1978 දී ඉදිකිරීම් කටයුතු ඇරඹූ මෙය 1985 අප්‍රේල් මස එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

පටුන

  • 1 ඉතිහාසය
  • 2 වේල්ල සහ විදුලි බලාගාරය
  • 3 ගැලරිය
  • 4 ආශ්‍රිත ලිපි
  • 5 මූලාශ්‍ර

ඉතිහාසය

වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ (Accelerated Mahaweli Development Programme (AMDP)) ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් සැලසුම් අදියරේ තිබුණු අතර 1977 දී රටේ පැවැති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන කඩිනම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලදී. හෙක්ටයාර 365,000 ක භූමි ප්‍රදේශයකට වාරි සම්පාදනය කිරීම හා මෙගාවොට් 600ක විදුලිය නිපදවීම වෙනුවෙන් මෙහි සැලසුම් නිර්මාණය කර තිබුණි. කැනඩාවේ Huntings Technical Services ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ කණ්ඩායමක් විසින් එක්ව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව වික්ටෝරියා වේල්ල 1964 දී මුල් වරට යෝජනා විය. [1] 1978 අගෝස්තු මස 14 වන දින හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් වික්ටෝරියා වේල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර, 1980 දී එහි ප්‍රධාන ව්‍යුහයන් දි කිරීම ක්‍රියාවට නංවන ලදී. එය සම්පූර්ණයෙන් නිම කිරීම 1985 අප්‍රේල් මස 12 දින උත්සවාකාරයෙන් සනි‍ටුහන් කෙරිණි. වේල්ල හා උමග ඉදිකිරීම බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් (Balfour Beatty & Edmond Nuttal )විසින් සිදු කරන ලද අතර, විදුලි බලාගාරය ඉදිකිරීම කොස්ටේන් සමූහය විසින් සිදුකරන ලදී. [2] ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවන් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ හවුල්කරුවෝ කටයුතු කළහ. [2] [3] වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රමාණය මෙන් සිව්ගුණයක (30,000) ජනකායක් නැවත පදිංචි කිරීමට සිදුවිය. [4]

වේල්ල සහ විදුලි බලාගාරය

වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පදනමකින්ද යුක්ත වෙයි. මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙන අතර, ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් සමන්විත වේ. [2]
වේල්ලෙන් එන වික්ටෝරියා ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා විදුලි බලාගාරය වෙත ගෙනයනු ලැබේ. එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් (penstocks) 3ක් පවතින අතර මෙම කො‍ටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙම ටර්බයින වලට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.
වික්ටෝරියා වේල්ල එකක් මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොර‍ටු 8කින් සමන්විත වෙයි. මෙම වාන් දොර‍ටු ජල මට්ටම ඉහළ යාමේදී ස්වයංක්‍රීයව විවෘත වේ. මෙම වාන් දොර‍ටු නිර්මාණය (වැසීම සඳහා පමණක් බලය යොදවන) සිවිල් ඉංජිනේරුවන්ගේ ආයතනය වෙතින් නව්‍ය සිවිල් ඉංජිනේරු නිර්මාණය යන සම්මානය දිනා ගන්නා ලදී. වාන් දොර‍ටු 8 හි සම්පුර්ණ සඵල පළල මීටර 100ක් වන අතර එය ඝනමීටර 8200ක උපරිම ජලය මුදා හැරීමකට සහය දක්වයි. මීට අමතරව පහත් මට්ටමින් වාන් දොර‍ටු 2ක් වේල්ලේ පදනමේ පිහිටා තිබෙන අතර ඒවා වේල්ල පි‍ටුපස එකතු වන රොන්මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරයි. [2]
වික්ටෝරියා වේල්ල සහ ජලාශයේ හාත්පස දර්ශනයක්.

ගැලරිය

ආශ්‍රිත ලිපි

  • වික්ටෝරියා ජලාශය
  • ශ්‍රී ලංකාවේ ගංගා නාමාවලිය