වික්ටෝරියා වේල්ල ....

වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වික්ටෝරියා වේල්ල

වික්ටෝරියා වේල්ල (2011 දී)
වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව is located in Sri Lanka
වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාව
වික්ටෝරියා වේල්ල පිහිටි ස්ථානය
රට ශ්‍රී ලංකාව
ප්‍රදේශය තෙල්දෙණිය
ඛණ්ඩාංක 07°14′29″N 80°47′05″E / 7.24139°N 80.78472°E / 7.24139; 80.78472ඛණ්ඩාංක: 07°14′29″N 80°47′05″E / 7.24139°N 80.78472°E / 7.24139; 80.78472
තත්වය ක්‍රියාත්මක
ඉදිකිරීම ඇරඹුවේ 1978 අගෝස්තු 14
විවෘතය 1985 අප්‍රේල් 12
වේල්ල සහ වාන් දොරටු
වේල්ලේ වර්ගය ආරුක්කු, ද්වි නැම්ම
උස 122 m (400 ft)
දිග 520 m (1,706 ft)
පාදම පළල 25 m (82 ft)
හරස්කිරීම් මහවැලි ගඟ
වාන් දොරටු 8
වාන් දොරටු ධාරිතාවය 8,200 m3/s (289,580 cu ft/s)
ජලාශය
නිර්මාණය වික්ටෝරියා ජලාශය
ධාරිතාවය 722000000 m3
ක්‍රියාකාරී ධාරිතාවය 689000000 m3
ජලධාරකය 1869 m2
මතුපිට ක්ෂේත්‍රඵලය 23 km2
විදුලි බලාගාරය
ජල රෝද මෙ.වො 3 × 70
ස්ථාපිත ධාරිතාවය මෙ.වො 210
වාර්ෂික ජනනය ගිගාවොට් පැය 780
As of 2011 අප්‍රේල්
වික්ටෝරියා වේල්ල, මහවැලි ගංගාවේ ඉහළ කොටසේ (කිලෝමීටර 209) තෙල්දෙණිය නගරයට කිලෝමීටර 6ක් දුරින් පිහිටි ආරුක්කු වේල්ලකි. මෙය වික්ටෝරියා ජලාශය වෙනුවෙන් ඉදිකර ඇත. වේල්ල ඉදි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වාරි සම්පාදනය සහ ජල විදුලිය නිපදවීමයි. වික්ටෝරියා වේල්ල ශ්‍රී ලංකාවේ උසම වේල්ල වන අතර, එය ශ්‍රී ලංකාවේ විශාලතම ජල විදුලි බලාගාරයට (මෙගාවොට් 210) දායකත්වය සපයයි. 1978 දී ඉදිකිරීම් කටයුතු ඇරඹූ මෙය 1985 අප්‍රේල් මස එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

පටුන

  • 1 ඉතිහාසය
  • 2 වේල්ල සහ විදුලි බලාගාරය
  • 3 ගැලරිය
  • 4 ආශ්‍රිත ලිපි
  • 5 මූලාශ්‍ර

ඉතිහාසය

වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ (Accelerated Mahaweli Development Programme (AMDP)) ඉදි කරන ලදී. මෙම ව්‍යාපෘතිය වසර ගණනාවක් සැලසුම් අදියරේ තිබුණු අතර 1977 දී රටේ පැවැති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන කඩිනම් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කරන ලදී. හෙක්ටයාර 365,000 ක භූමි ප්‍රදේශයකට වාරි සම්පාදනය කිරීම හා මෙගාවොට් 600ක විදුලිය නිපදවීම වෙනුවෙන් මෙහි සැලසුම් නිර්මාණය කර තිබුණි. කැනඩාවේ Huntings Technical Services ආයතනය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ කණ්ඩායමක් විසින් එක්ව කරන ලද අධ්‍යයනයකින් අනතුරුව වික්ටෝරියා වේල්ල 1964 දී මුල් වරට යෝජනා විය. [1] 1978 අගෝස්තු මස 14 වන දින හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් වික්ටෝරියා වේල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර, 1980 දී එහි ප්‍රධාන ව්‍යුහයන් දි කිරීම ක්‍රියාවට නංවන ලදී. එය සම්පූර්ණයෙන් නිම කිරීම 1985 අප්‍රේල් මස 12 දින උත්සවාකාරයෙන් සනි‍ටුහන් කෙරිණි. වේල්ල හා උමග ඉදිකිරීම බ්‍රිතාන්‍ය බද්ධ ව්‍යාපාරයක් වූ බැල්ෆෝර් බියැටි සහ එඩ්මන්ඩ් නටාල් (Balfour Beatty & Edmond Nuttal )විසින් සිදු කරන ලද අතර, විදුලි බලාගාරය ඉදිකිරීම කොස්ටේන් සමූහය විසින් සිදුකරන ලදී. [2] ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවන් ලෙස ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ හවුල්කරුවෝ කටයුතු කළහ. [2] [3] වේල්ල ඉදිකිරීම හේතුවෙන් ඇස්තමේන්තු ගත ප්‍රමාණය මෙන් සිව්ගුණයක (30,000) ජනකායක් නැවත පදිංචි කිරීමට සිදුවිය. [4]

වේල්ල සහ විදුලි බලාගාරය

වික්ටෝරියා වේල්ල මීටර 122ක උසින්ද, මීටර 520ක දිගකින්ද, මීටර 6ක පළලින් හා මීටර 25ක් පළල පදනමකින්ද යුක්ත වෙයි. මෙම වේල්ල මාර්ගයෙන් වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන ලද අතර එම ජලාශය වර්ග කිලෝමීටර 22.7ක මතුපිට ප්‍රදේශයක පැතිර තිබෙන අතර, ඝන මීටර 722,000,000ක ජල ධාරිතාවයකින් හා වර්ග කිලෝමීටර 1869ක ජලාධාරක ප්‍රදේශයකින් සමන්විත වේ. [2]
වේල්ලෙන් එන වික්ටෝරියා ජලාශයේ ජලය, මීටර 5646ක දිගින් යුතු උමඟක් හරහා විදුලි බලාගාරය වෙත ගෙනයනු ලැබේ. එහි මිටර 6.2ක බැගින් විශ්කම්භය සහිත කො‍ටු දොරවල් (penstocks) 3ක් පවතින අතර මෙම කො‍ටු දොරවල් මීටර 190ක ශුද්ධ ජල පීඩනයක් නිර්මාණය කර ටර්බයින 3 කට (මෙගාවොට් 70ක හා කිලෝවොට් 12.5ක) ජලය නිකුත් කරනු ලැබේ. මෙම ටර්බයින වලට වාර්ෂිකව ගිගාවොට් පැය 780ක් දක්වා විදුලිය නිපදවීමේ හැකියාව පවතී.
වික්ටෝරියා වේල්ල එකක් මීටර 12.5ක පළලින් හා මීටර 6.5ක දිගින් යුතු වාන් දොර‍ටු 8කින් සමන්විත වෙයි. මෙම වාන් දොර‍ටු ජල මට්ටම ඉහළ යාමේදී ස්වයංක්‍රීයව විවෘත වේ. මෙම වාන් දොර‍ටු නිර්මාණය (වැසීම සඳහා පමණක් බලය යොදවන) සිවිල් ඉංජිනේරුවන්ගේ ආයතනය වෙතින් නව්‍ය සිවිල් ඉංජිනේරු නිර්මාණය යන සම්මානය දිනා ගන්නා ලදී. වාන් දොර‍ටු 8 හි සම්පුර්ණ සඵල පළල මීටර 100ක් වන අතර එය ඝනමීටර 8200ක උපරිම ජලය මුදා හැරීමකට සහය දක්වයි. මීට අමතරව පහත් මට්ටමින් වාන් දොර‍ටු 2ක් වේල්ලේ පදනමේ පිහිටා තිබෙන අතර ඒවා වේල්ල පි‍ටුපස එකතු වන රොන්මඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරයි. [2]
වික්ටෝරියා වේල්ල සහ ජලාශයේ හාත්පස දර්ශනයක්.

ගැලරිය

ආශ්‍රිත ලිපි

  • වික්ටෝරියා ජලාශය
  • ශ්‍රී ලංකාවේ ගංගා නාමාවලිය