පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය part 2



පැට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය part 2
පැට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතියෙන් කෙරෙන කාර්යය වනුයේ, එන්ජිමක ක්‍රියා කරන එක් එක් තත්ත්වයන් යටතේ දහනය සදහා අවශ්‍ය වන පැට්‍රල්වාත සිලින්ඩරවලට සැපයීම ය. පැට්‍රල් ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ හයිඩ්‍රජන්(H2)  හා කාබන් (C) යන මූල ද්‍රව්‍ය දෙකෙනි. දහනයේ දී සිදු වන්නේ මෙම ද්‍රව්‍ය වාතයේ ඇති ඔක්සිජන් සමග එකතු වී වෙනත් සංයෝග සාදමින් ඉන්ධන වල අඩංගු වී ඇති රසායනික ශක්තිය තාප ශක්තියට පරිවර්තනය කිරීම ය. මෙම ක්‍රියාව සිදුවීමේ දී විශාල තාප ප්‍රමාණයක් උපදී. පැට්‍රල් දැවීමේ දී සිලින්ඩරය තුල අධික පීඩනයක් ඇතිවන්නේ මෙසේ උපදින විශාල තාප ප්‍රමාණය නිසාය.

ඉන්ධන දැවීමේදී ඇතිවන ක්‍රියාව පහත සදහන් ලෙස සමීකරණයකින් දැක්විය හැක.
පැට්‍රල් + වාතය --  කාබන් ඩයො: + ජල වාෂ්ප + නයිට්‍රජන් + තාපය

පැට්‍රල් පද්ධතියක ප්‍රධාන කොටස්
පැට්‍රල් පද්ධතියක අයත් ප්‍රධාන කොටස් වන්නේ, පැට්‍රල් ටැංකිය, පැට්‍රල් පෙරහනය, පොම්පය, කාබියුරේටරය, හා පැට්‍රල් ගෙන යන නළත් ය.
Typing - THARINDU CHATHURANGA

මෝටර් යාන්ත්‍රික විද්‍යාව කොටසට බලන්න පුලුවන් හොදම පොතක්

මොටර් යාන්ත්‍රික විද්‍යාව

මේ පොතේ කතෘ තමයි  එම්.ඩී.එල් ගුණරත්න කියලා සර් කෙනෙක් අපේ විෂය සමගාමී යන පොත් ගොඩක් ලියලා තියෙනවා මේ සර්..

Online පොත් මිල දී ගන්නවනම්
 පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න

http://isuru.lib.ruh.ac.lk/cgi-bin/koha/opac-search.pl?q=au:%22%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1,%20%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%20%E0%B6%A9%E0%B7%93.%20%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%20%22

මමත් ඒ සර්ගෙ පොතක් නම් හොයා ගත්තා ස්කොලේ පුස්තකාලෙ තිබිලා. ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල ගොඩක් දේවල් මේ පොතේ තියෙනවා.
 මේ පොතේ විස්තර ටිකක් දාන්නම්

මාතෘකාව - මොටර් යාන්ත්‍රික විද්‍යාව 1 කොටස
මේ පොතනම් මුද්‍රණය කරලා තියෙන්නේ 2000 
ඔයාලට මේ පොත් හොයා ගන්නනම් අමාරුවෙයි. උත්සහ කරලා බලන්න.
මිළ රු.220/-

මම මේ පොතේ ඇති  ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල පාඩම් දාන්න බලාපොරොත්තු වෙනවා..

ආ තව දෙයක් මේ පොත ගොඩක්ම වටින්නේ කාර්මික විද්‍යාල වල ඉන්න අයට.  ඒ වගෙම අපිටත් යාන්ත්‍රික විද්‍යාව පාඩමට මේ පොතේ තියෙන ගොඩක් දේවල් ගන්න පුලුවන්.
..................................................................................................................................
මම දැන් කියන්න යන දේ නම් මේ පොත ගැන නෙවෙයි. මගේ මේ බ්ලොග් එක ගැන.. මට මේ බ්ලොග් එක කරගෙන යන්න ගොඩක් දෙනෙක් උදව් කරනවා.. ඒ අයට ගොඩක් ස්තුතියි ඒ අතරින් මගේ පන්තිභාර ගුරුතුමා වන ලිලන්ත සර්ත් විශේෂයෙන් මතක් කරනවා.

මේ බ්ලොග් අඩවිය කරගෙන යාමට ඔබගෙනුත් අදහස් බලාපොරොත්තු වෙනවා..


ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් මෙන්න PDF එක නොමිලේ.

ඉලෙක්ට්‍රොනික් පරිපථ 100 ක් මෙන්න PDF එක නොමිලේ.


 අප වෙබ් අඩවිය තාක්ශණික පැත්තට බර වැඩි නිසා ඉලෙක්ට්‍රොනික් පරිපථ ටිකක් දාන්නකෝ අපිට ගෙදර ඉදන් අත්හදා බලන්න පුලුවන් ඒවා කියලා.

ගොඩාක් පාසල් වල නව නිපැයුම් කමිටු තියෙයි. අන්න ඒ අයට මේ පරිපථ වලින් ලොකු වැඩක් ගන්න පුලුවන්. ඒ වගේමයි ඉස්සරහට එන්නේ වෙසක් කාලේ නිසා ඉලෙක්ට්‍රොනික් බල්බ් හා කැරකෙන කූඩු , තොරණ් වලට එහෙම කියාපු පරිපථ මේ 100 ඇතුලේ තියෙනවා.

සාමන්‍යයෙන් මේවා වෙළදපොලේ අලෙවි වෙන ඒවා වුනත් අපි ඔයාලට දෙන්නේ 100% ක් නොමිලේ  ඉලෙක්ට්‍රොනික් කරන ගොඩක් අයට වැදගත්වන පරිපථ 100 ක් අඩංගු PDF එකක් මේකපරිපථ කුඩා නමුත් වෙනත් පරිපථ සමඟ ඈදීම් සඳහා භාවිතා කළ හැකි අතර ඔබේම නිර්මාණ එළි දැක්වීම් වලට මෙය බෙහෙවින් වැදගත්,

මෙන්න බලන්න ජනප්‍රිය Night Rider පරිපථය හදන වීඩියෝවක්


මීට අමතරව මෙහි පරිපථ නිර්මාණයට ගන්න එක එක කොටස් වල ( ඩයෝඩ , රිසිස්ටර් , අයි සී ) හදුනා ගැනීමේ රූප හා වර්ග කිරීමකිනුත් සමන්විතයි.

මෙන්න ගන්න ( 2 mb විතරයි )