පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය part 2



පැට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය part 2
පැට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතියෙන් කෙරෙන කාර්යය වනුයේ, එන්ජිමක ක්‍රියා කරන එක් එක් තත්ත්වයන් යටතේ දහනය සදහා අවශ්‍ය වන පැට්‍රල්වාත සිලින්ඩරවලට සැපයීම ය. පැට්‍රල් ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ හයිඩ්‍රජන්(H2)  හා කාබන් (C) යන මූල ද්‍රව්‍ය දෙකෙනි. දහනයේ දී සිදු වන්නේ මෙම ද්‍රව්‍ය වාතයේ ඇති ඔක්සිජන් සමග එකතු වී වෙනත් සංයෝග සාදමින් ඉන්ධන වල අඩංගු වී ඇති රසායනික ශක්තිය තාප ශක්තියට පරිවර්තනය කිරීම ය. මෙම ක්‍රියාව සිදුවීමේ දී විශාල තාප ප්‍රමාණයක් උපදී. පැට්‍රල් දැවීමේ දී සිලින්ඩරය තුල අධික පීඩනයක් ඇතිවන්නේ මෙසේ උපදින විශාල තාප ප්‍රමාණය නිසාය.

ඉන්ධන දැවීමේදී ඇතිවන ක්‍රියාව පහත සදහන් ලෙස සමීකරණයකින් දැක්විය හැක.
පැට්‍රල් + වාතය --  කාබන් ඩයො: + ජල වාෂ්ප + නයිට්‍රජන් + තාපය

පැට්‍රල් පද්ධතියක ප්‍රධාන කොටස්
පැට්‍රල් පද්ධතියක අයත් ප්‍රධාන කොටස් වන්නේ, පැට්‍රල් ටැංකිය, පැට්‍රල් පෙරහනය, පොම්පය, කාබියුරේටරය, හා පැට්‍රල් ගෙන යන නළත් ය.
Typing - THARINDU CHATHURANGA