යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Volkswagen W16.jpg
යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව යනු යාන්ත්‍රික පද්ධති නඩත්තුව, විශ්ලේෂණය සැලසුම් කිරීම, ගොඩ නැඟීම ආදියට භෞතික විද්‍යා මූලධර්ම සම්බන්ධ කර ගන්නා ඉංජි‍ෙන්රු විද්‍යාමය ආචාර ධර්ම පද්ධතියකි. මේ සඳහා යාන්ත්‍ර විද්‍යාව, ප්‍රගති විද්‍යාව, තාප ගති විද්‍යාවසහ ශක්තිය යන විෂය ක්ෂේත්‍රවල ප්‍රධාන සංකල්ප පිළිබඳ දළ අවබෝධයක් අවශ්‍ය වේ. යාන්ත්‍රික ඉංජිනේරුවරුන් මෙම සංකල්ප සහ අනෙකුත් සංකල්ප මෝටර් රථ, ගුවන් යානා, තාපන සහ සිසිලන පද්ධත, බෝට්ටු ,කම්හල් ඉදි කිරීම , කාර්මික උපකරණ නිපදවීම, වෛද්‍ය උපකරණ නිපදවීම වැනි කටයුතු නිර්මාණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට යොදා ගනී.

Supertanker AbQaiq.jpg
යාන්ත්‍රික ඉංජිනේරුවන් එන්ජින් සහ බල ශක්ති ඒකක සැලසුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සිදු කරයි.
  • ඕනෑම ප්‍රමාණයක ආකෘති සහ වාහන
  • සහ චලනය වන යාන්ත්‍රණ, යන්ත්‍ර සහ රොබෝවන් නිපදවයි.

සංවර්ධනය

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ලෝකය පුරා පැතිර පැවතුණ බොහෝ මධ්‍යතන සමාජ තුළින් දැකග හැකිය. ආකිමිඩීස් (287BC – 212 BC) ගේ සහ ඇලෙක්‍සැන්ඩ්‍රියාවේ හේරොන්ගේ (10–70 AD) ක්‍රියාකාරකම් යාන්ත්‍ර විද්‍යාවේ බටහිර සංස්කෘතියට බොහෝ සෙයින් බලපෑවේය. පුරාණ චීනයේ ද ශැන්ග් හෙන්ග් (78–139 AD) සහ මා ජනුන් වැනි අයගේ ක්‍රියාකාරකම් ද යාන්ත්‍ර විද්‍යාවට බලපෑවේය. මධ්‍යතන චීනයේ ඔ‍රලෝසු නිපදවීමේ ශිල්පියෙක් සහ ඉංජිනේරුවරයෙක් ව සිටි සූ සොංග් තමාගේ නක්ෂත්‍ර ඔරලෝසු කුලුණ සඳහා පැන්නුම් යාන්ත්‍රණයක් සවි කරනු ලැබීය. මෙය යුරෝපය තුළ ප්‍රථම වරට පැන්නුම් යාන්ත්‍රණයක් ඔරලෝසු සඳහා යොදා ගැනීමට සියවස් දෙකකට පමණ එපිට දී සිදු වු අතර එය ලොව ප්‍රථම කෙළවරක් නොමැති ශක්ති සම්ප්‍රේශණ දම්වැල් යාන්ත්‍රණය ද විය.
19 වන සියවසේ මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය තුළ යන්ත්‍ර සහ උපාංගවල සිදු වූ වර්ධනය සමඟ ඒවා නිපදවීම සහ ඒවාට බලය ලබා දීමට එන්ජින් නිපදවීම ආදිය‍ හේතුවෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍රය තුළ වෙනම ක්ෂේත්‍රයක් ලෙස දියුණු විම ආරම්භ විය. බ්‍රිතාන්‍ය තුළ පිහිට වනු ලැබූ ප්‍රථම වාර්ථීය යාන්ත්‍රික ඉංජිනේරුවරුන්ගේ සංගමය 1847 දී පිහිටවනු ලැබූ අතර ඒ අනුව එය ඊට වසර 30කට පෙර පිහිටවන ලද සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට පසුව ඉංජිනේරු ක්ෂේත්‍රයේ බිහි වූ උප ක්ෂේත්‍රය බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපය තුළ ප්‍රථම වාර්තීය යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව (1852) සහ කැනීම් සහ ලෝහ ඉංජිනේරු විද්‍යාව (1871) ට පසුව බිහි වූ පැරණිම ඉංජිනේරු ක්ෂේත්‍රය විය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉංජිනේරු විද්‍යා අධ්‍යපනයක් ලබා දීම සඳහා වූ ප්‍රථම ආයතනය වනුයේ 1817 දී පිහිට වූ එක්සත් ජනපද යුධ හමුදා පාසල, 1819 දී පිහිටුවා දැනට ‍නෝර්විච් විශ්ව විද්‍යාලය ලෙස හඳුන්වන ආයතනය සහ 1825 දී ආරම්භ කළ ,රෙන්ස්ලේරල් බහු තාක්ෂණික ආයතනය යන ආයතනයනුයි. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යාපනය ‍ෛඑතිහාසික වශයෙන්ම විද්‍යාවේ සහ ගණිතයේ ප්‍රබල මූල දැණුමක් මත රඳා පවති. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා පාඨමාලාවන් මඟින් මෙම දැනුම ප්‍රායෝගික යෙදීම් අවධාරණය කරනු ලබන අතර ඉංජිනේරුවරයාට පුළුල් අවබෝධයක් ලබා දෙනු පිණිස සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රය පිළිබඳව දැනුම ලබා දෙනු ලබයි.

යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේ නව ප්‍රවනතාවයක් ලෙස මෙකට්‍රොනික් ඉංජිනේරු විද්‍යා ‍ක්ෂේත්‍රය හැඳින්විය හැකිය.

Link - http://si.wikipedia.org/wiki/%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A_%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94_%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80

වානේ

අපි මෙම පාඩමෙන් වානේ පිළිබද කතා කරමු. කර්මාන්ත ක්ෂ්‍රේත්‍රයේ වැඩියෙන්ම භාවිතා වන ෆෙරස් ලෝහය(Fe) වානේ වේ. වානේ වල සුළු ප්‍රමාණයක් කාබන් ද ඉතිරිය යකඩ ද අඩංගු වේ. තවද Mn(මැග්ගනස්), S(සල්ෆර්), P(පොස්පරස්) සුළු වශයෙන් අඩංගු වේ. කාබන් ප්‍රතිශතය අනුව වානේ ප්‍රධාන කොටස් 3කට බෙදිය හැකිය.
01). අඩු කාබන් වානේ හෙවත් මෘදු වානේ
02). මධ්‍යම කාබන් වානේ
03). අධි කාබන් වානේ
01). අඩු කාබන් වානේ
                   0.3% දක්වා කාබන් අඩංගු වේ. මේවා සාමාන්‍ය ශක්තියෙන් වන අතර හොද තන්‍ය ගුණයෙන් යුක්ත වේ. පහසුවෙන් මැෂින් කළ හැකි අතර අත් ආයුධ වලින් ද කැපිය හැකිය. වැඩි වශයෙන් පොදු ඉංජිනේරු වැඩ සඳහා භාවිතා වන අතර මෙම වානේ වලට මෘදු වානේ යන නම ද භාවිතා කරයි.
02). මධ්‍යම කාබන් වානේ
                     0.3% සිට 0.5% දක්වා  C අඩංගු වානේ මේ ගණයට අයත් වේ. මෙම වානේ දැඩි බවට පත් කර හැකිය. පණ පෙවීම තුලින් මෙහි දැඩි බව අඩු කර ගත හැක. මේවා ඉහළ ශක්තියෙන් යුතුවන අතර හොද ප්‍රබලතාවයෙන් ද යුක්ත වේ. නමුත් දැඩි කළ පසු භංගුරතාවය ඇති වීමට පුළුවනි.
                මෙම වානේ දගර කඳ, අක්ෂ දඩු, ආදිය නිෂ්පාදනයට භාවිතා කරයි.
03). අධි කාබන් වානේ
                      0.5% සිට 1.4% දක්වා කාබන් අඩංගු වානේ මෙම ඉහළ කාබන් ප්‍රතිශතය නිසා මෙම වානේ ඉතා දැඩි බවට පත් කළ හැක. මෙම වානේ කැපුම් ආයුධ නිෂ්පාදනයට බහුලව භාවිතා කරයි.
Powered By Tharindu Chathuranga

http://slengineering.blogspot.com/p/download-lessons.html

කැටලිටික් කන්වර්ටරය (CATALYTIC CONVERTOR)


Advanced Auto Technology
 Rotary Auto Training Centre - Nugegoda ,


https://drive.google.com/file/d/0B2LSfVqIg4XTWGowV19sUEV5YVk/edit?usp=sharing

Electronics Assistant


 
ඉලෙක්ට්‍රොනික් කරන අයට මෘදුකාංගයක් දෙන්නයි හදන්නෙ.සමහර අය ගාවනම් මේක ඇති.ඒත් නැති අයත් ඉන්නවනෙ.
මෙමඟින් රෙසිස්ටර්/කැපෑසිටර් කලර් කෝඩ් සහ සීරියල්,පැරලල් ක්‍රමයට ගණනයන් කිරීමටත්,ඉන්ඩක්ටර් වල ගණනයන්,පවර් කැල්කියුල්ටර්,ෆ්‍රීකූවෙන්සි කැල්කියුල්ටර්,මේ වගේ තවත් ගොඩක් සුදුසුකම් තියෙයි.අරන්ම බලන්නකෝ.



https://app.box.com/s/vgsluc8jdvz4fu1c80o6

 http://electroniklanka.blogspot.com/

තවත් ඉංජිනේරු බ්ලොග් අඩවියක්

හයිබ්‍රිඩ් මෝටර් රථයක් ක්‍රියාකරන්නේ මෙහෙමයි.



                                                               හයිබ්‍රිඩ් මෝටර් රථයක් යනු ඉන්ධන හා විදුලිය යන දෙවර්ගයම භාවිතා කරන මෝටර් රථයකි. සාමාන්‍ය මෝටර් රථයක නම්, ශක්තිය නිපදවීමට විශාල ප්‍රමාණයේ ඉන්ධන එන්ජිමක් තිබේ. හයිබ්‍රිඩ් වාහනවල ඇත්තේ කුඩා ප්‍රමාණයේ එන්ජිමකි. එම එන්ජිම මගින් මෝටර් රථය ධාවනය නොකෙරේ. නමුත් මෝටර් රථයේ ඇති බැටරි ආරෝපණය කරන ජෙනරේටරයක් ලෙස එන්ජිම ක්‍රියා කරයි. හයිබ්‍රිඩ් මෝටර් රථයේ රෝද වලට බලය ලබා දෙනුයේ විදුලි මෝටර් එකක් හෝ කිහිපයක් මගිනි. විවිද හේතු කිහිපයක් නිසාම හයිබ්‍රිඩ් මෝටර් රථය, සාමාන්‍ය මෝටර් රථයකට වඩා බෙහෙවින් කාර්යක්ෂම වේ.

සාමාන්‍ය මෝටර් රථයක නම්, මෝටර් රථයේ වේගය වැඩි කරවීමට එන්ජිම විශාල බලයක් නිපදවයි. මෝටර් රථය ඒකාකාරී වේගයක ධාවනය කරවන විට අවශ්‍ය වනුයේ අඩු බලයකි. නමුත් ඊට සාපේක්ෂව ඉන්ධන එන්ජිමේ බලය අඩු නොවී නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙමින් පවතී. එනිසා සාමාන්‍ය මෝටර් රථ එන්ජිම් වලින් ශක්තිය විශාල වශයෙන් හානි වේ.
හයිබ්‍රිඩ් මෝටර් රථවල ඇති කුඩා එන්ජිම, ඔල්ටනේටර් ලෙස හඳුන්වන ජෙනරේටර් කරකවා බැටරි ආරෝපණය කිරීමට බලය ලබා දේ. ධාවනයේදී බැටරි විසර්ජනය වන විට එන්ජිම ක්‍රියාත්මක වී ඒවා යම් නියමිත ප්‍රමාණයකට ආරෝපණය කර ඉබේම ක්‍රියා විරහිත වී යයි. නැවතත් බැටරි වලට බලය අවශ්‍ය වන විට එන්ජිම ක්‍රියාත්මක වේ.

හයිබ්‍රිඩ් මෝටර් රථවල පිටුපසට හා ඉදිරිපසට ලෙස සාමාන්යෙන් විදුලි මෝටර් 2ක් තිබේ. වාහනයේ වේගය වැඩි කිරීමට අවශ්‍ය විටෙක පරිගණකයක් මගින් ගණනය කර විදුලි මෝටර් වලට ලැබෙන බලය වැඩි කරයි. එමෙන්ම වාහනය එකකරිව ධාවනය වන විට හෝ වේගය අඩු කරන විට අවශ්‍ය නම් බලය අඩු කිරීමට හෝ සම්පුර්ණයෙන් කපා දැමීමට හෝ පුළුවන.

සාමාන්‍ය මෝටර් රථ එන්ජිමක් මෙන් හයිබ්‍රිඩ් මෝටර් රථ වල එන්ජිම අනවශ්‍ය අවස්ථාවල ශක්තිය නිරපරාධයේ නිපදවන්නේ නැති නිසා ඉතා කාර්යක්ෂම වන අතර ප්‍රමාණයෙන් කුඩාවට නිපදවීමටද හැකිය.
එනිසා හයිබ්‍රිඩ් මෝටර් රථ පරිසර හිතකාම ඉතා කාර්යක්ෂම මෝටර් රථ වර්ගයක් වේ.

හයිබ්‍රිඩ් මෝටර් රථ ගැන වැඩි විස්තර මේ YouTube වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.

http://autolankacars.com