නිවසක විදුලි රැහැන් ඇදීම. Part 02






                                            නිවසක විදුලි රැහැන් ඇදීම. Part 02
ශ්‍රී ලංකාවේ ජාතික බල සැපයුම් පද්ධතිය
              ශ්‍රී ලංකාව තුල පවතින ජල විදුලි බලාගාර, ඉන්ධන දහනයෙන් ලබා ගන්නා බලාගාර, තාප බලාගාර, හුලං බලාගාර මගින් නිෂ්පාදනය කරනු ලබන විද්‍යුත් ශක්තිය බලාගාර අසල පිහිටුවා ඇති අධිකර පරිනාමක මගින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරනු ලබයි. මෙම බල ශක්තිය ග්‍රාමීය ප්‍රදේශ වල පිහිටුවා ඇති අවකර පරිනාමක මගින් නිවාස හා කර්මාන්ත ශාලාවලට ලබා දීම සිදු කරනු ලබයි.

නිවසක විදුලි රැහැන් ඇදීම. Part 01


නිවසක විදුලි රැහැන් ඇදීම. Part 01


පරිනාමක
               විද්‍යුත් විභවය හා ධාරාව වෙනස් කළ හැකි උපකරණයක් ලෙස පරිනාමකය හැදින්විය හැක.පරිනාමක වර්ග 2කි.
1)    අවකර පරිනාමක (Stop Down)
2)    අධිකර පරිනාමක (stop Up)

1)  අවකර පරිනාමක
අවකර පරිනාමකයක් මගින් විද්‍යුත් ධාරාවක විභවය අඩුකර ධාරාව වැඩි කිරීම සිදු කරයි. පරිනාමකයක ප්‍රධාන වශයෙන් කොටස් 2කි.



අවකර පරිනාමකයක ප්‍රථමික දගරයේ වැඩි පොට සංඛ්‍යාවක් ඇතුලත් අතර ද්විතීයික දගරයේ අඩු පොට සංඛ්‍යාවක් අඩංගු වේ.
* පරිනාමකයක් ක්‍රියාකරනුයේ ප්‍රථ්‍යාවර්ත ධාරාවක් සදහා වේ.අවශ්‍යතාව අනුව සරල ධාරාව අවශ්‍ය පරිදි සකස් කර පරිනාමකයකින් විචලනය (වෙනස්) කරගත හැක.
ලබා දෙන විභවය අනුව පිටවන විභවය ගණනය කිරීම.

මෝටර් රථයක පාලන උපාංග


01. බෙයාරින්
     
       මෝටර් රථයක රෝද අක්ෂ දඩු සමග සම්බන්ධ වී ඇත්තේ බෙයාරින් මගිනි. මෙම බෙයාරින් ගෙවී යාම නිසා රෝදය හා ඇක්සලය අතර රෝදය කරකැවීමේ දී දෙපසට චලනය වීමක් සිදුවේ. මෙය වාහනයේ ස්ථායීතාවය අඩු වීමට හේතු වේ.


02. ගුලා මූට්ටුව
    
      ඉදිරිපස රෝද එන්ජිම මගින් කරකැවීම සිදු කරන අතර එම රෝද දෙක හැරවීමද සිදු විය යුතුයි. මේ සදහා ගුලා මූට්ටුව යොදා ගනී.
                                            මෙසේ යොදා ගන්නා ගුලා මූට්ටුව ගෙවී යාම නිසා වාහනයේ ස්ථායීතාවය නැතිවී යයි.


03. හුලං පීඩනය

      
       වාහනයක ස්ථායීතාවය රදා පවතින ප්‍රධාන සාධකයක් ලෙස එහි රෝද වල හුලං පීඩනය වැදගත් වේ. වාහනයේ යොදනු ලබන බර හා සිදු කරනු ලබන කාර්යයන් හී රෝද වලට හුලං පීඩනය යෙදීම අවශ්‍ය වේ.