ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අත්වැලක්... පුනරීක්ෂණ අභ්‍යාස 3

පුනරීක්ෂණ අභ්‍යාස 3
 ඉංජිනේරු තාක්ෂණය විෂයට අත්වැලක් නමැති මෙම වෙබ් පිටුව මා විසින් සකසා ඇත්තේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණය විෂය හදාරණ සියළුම දෙනාට වඩාත් නිවැරදි වූ මග පෙන්වීම තුලින් අදාළ ක්ෂ්‍රේත්‍රය පිළිබදව හසල තාක්ෂණික දැනුමක් ලබා දීමේ වේතනාවෙනි. මගේ බ්ලොග් අඩවියේ ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල පාඩම් ඇති අතර මෙම අඩවියෙන් මම බලාපොරොත්තු වන්නේ ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල ප්‍රශ්න පත්තර හා ගැටළු සාකච්ඡා කිරීමයි. ඔබට මෙහි දී ඔබගේ ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල ප්‍රශ්න පත්තර හා ඔන්ලයින් විභාග වලට මුහුණ දිය හැක. 


මෙම බ්ලොග් අඩවිය පිළිබද ඔබගේ අදහස් හා ගැටළු අප වෙත එවන්න.
ඊ මේල් - slengineering64@yahoo.com

කාලය විනාඩි 20යි  ප්‍රශ්ණ 20යි.


ඉංජිනේරු තාක්ෂණවේදය විෂයට අත්වැලක්... පුනරීක්ෂණ අභ්‍යාස 2

ඉංජිනේරු තාක්ෂණය විෂයට අත්වැලක් නමැති මෙම වෙබ් පිටුව මා විසින් සකසා ඇත්තේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණය විෂය හදාරණ සියළුම දෙනාට වඩාත් නිවැරදි වූ මග පෙන්වීම තුලින් අදාළ ක්ෂ්‍රේත්‍රය පිළිබදව හසල තාක්ෂණික දැනුමක් ලබා දීමේ වේතනාවෙනි. මගේ බ්ලොග් අඩවියේ ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල පාඩම් ඇති අතර මෙම අඩවියෙන් මම බලාපොරොත්තු වන්නේ ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල ප්‍රශ්න පත්තර හා ගැටළු සාකච්ඡා කිරීමයි. ඔබට මෙහි දී ඔබගේ ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල ප්‍රශ්න පත්තර හා ඔන්ලයින් විභාග වලට මුහුණ දිය හැක. 


මෙම බ්ලොග් අඩවිය පිළිබද ඔබගේ අදහස් හා ගැටළු අප වෙත එවන්න.
ඊ මේල් - slengineering64@yahoo.com




ප්‍රතිරෝධක (Resistors)

 යම් පරිපථ කොටසක් තුළින් ගලන ධාරාව පාලනය කිරීම සදහා යොදා ගන්නා උපාංගයක් ලෙස ප්‍රතිරෝධක හැදින්විය හැකිය. ප්‍රතිරෝධක තුලින් ධාරාව ගැලීමට ඇතිවන බාධාව ප්‍රතිරෝධය නම් වේ. ප්‍රතිරෝධය මනිනු ලබන ඒකකය ඕම්(Ω) වන අතර ප්‍රතිරෝධය මැනීමට ඕම් මීටරය භාවිතා කරනු ලැබේ.
ප්‍රධාන වශයෙන් ප්‍රතිරෝධක වර්ග දෙකකි.

    1)  ස්ථිර ප්‍රතිරෝධක (Fixed Resistors)


                නිශ්චිත ප්‍රතිරෝධී අගයක් සහිත ප්‍රතිරෝධක වලට ස්ථිර ප්‍රතිරෝධක යැයි කියනු ලැබේ. ස්ථිර ප්‍රතිරෝධක නිපදවීමට යොදා ගෙන ඇති ද්‍රව්‍ය ද්‍රව්‍ය අනුව ඒවා ප්‍රධාන ආකාර හතරකට වෙන්කරනු ලැබේ.


       i.        කම්බි එතූ ප්‍රතිරෝධක(Wire Wound resistors) - විශාල ධාරාවන් සදහා


පරිවාරක දණ්ඩක් වටා කම්බි දගරයක ඔතා ගැනීමෙන් නිකල් ක්‍රෝමියන් වැනි කම්බියක් ඔතා ගැනීමෙන් මේවා නිර්මාණය කර තිබේ.


       ii. කාබන් පටල වර්ගය(Carbon film resistors) - කුඩා ධාරාවන් සදහා

මීතේන්(CH4) වාෂ්පය තුල පින් මැටි (Ceramic) ඬු අධික උෂ්ණත්වයකට (1000°C) රත්කළ විට මීතේන් වියෝජනය වී දණ්ඩ මත රදා පවතී. ඉන්පසු හෙලික්සාකාර (Helical) කොටසක් ඉවත් කර ඉතිරි වන කොටස ප්‍රතිරෝධකය ලෙස භාවිතා කරයි. මේවායේ ප්‍රමත ජවය (Power Rating) වොට් 0.125 සිට වොට් 2 දක්වා පරාසයේ පවති.


       iii.   ලෝහ ඔක්සයිඩ පටල ප්‍රතිරෝධක(Metal oxide film resistors) - කුඩා ධාරාවන් සදහා    

පිඟන් මැටි දඬු මත පිරිසිදු නිකල් ඔක්සයිඩ(NiO) හෝ ටින් ඔක්සයිඩ වැනි (SnO2) පටලයක් තැම්පත් කර හෙලික්සාකාර කොටසක් ඉවත් කිරීමෙන් පහත රූපයේ පරිදි ලෝහ ඔක්සියඩ පටල ප්‍රතිරෝධක නිපදවා ඇත. මේවායේ ප්‍රමත ජවය වොට් 0.125 සිට වොට් 0.5 දක්වා පරාසයේ පවති.


         IV.  විලායකමය ප්‍රතිරෝධක(Fusible resistors)  - පරිපථ ආරක්ෂාව සදහා

මෙම ප්‍රතිරෝධක ප්‍රමත ධාරා ප්‍රමාණයට වඩා වැඩි ධාරාවක් ගලා යන විට විලයනය විය හැකි සිහින් කම්බියක් යොදා සකස් කර ඇති අතර ඒවායේ ප්‍රතිරෝධී අගය සාපේක්ෂව කුඩා වේ.
    2)  විචල්‍ය ප්‍රතිරෝධක (Variable resistors)

             ප්‍රතිරෝධී අගය වෙනස් කල හැකි වර්ගයේ ප්‍රතිරෝධක විචල්‍ය ප්‍රතිරෝධක ලෙස හැදින්වේ. විචල්‍ය ප්‍රතිරෝධක පහත ආකාරයට වර්ගීකරණය කරයි.
                      I.        රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක (Linear Variable resistors)
                    II.        ලඝු ආකාරයේ විචල්‍ය ප්‍රතිරෝධක (Logarithmic Variable resistors)

           B හෝ Lin ලෙස සදහන් කර ඇති විචල්‍ය ප්‍රතිරෝධක රේඛීය විචල්‍ය ප්‍රතිරෝධක වේ. එසේ සදහන් කර නොමැති විචල්‍ය ප්‍රතිරෝධක විචලනය වන්නේ ලඝු ආකාරයකට ය. රේඛීය විචල්‍ය ප්‍රතිරෝධකයක විචලනය මගින් ප්‍රතිරෝධී අගයේ ඒකාකාර වෙනස් වීමක් ලබා ගත හැකි වුවද ලඝු වර්ගයේ ප්‍රතිරෝධක වල විචලනය, දහයේ පාදයේ දර්ශකයක් (බලයක්) ලෙස වෙනස් වේ.

විවිධ ක්‍රියාකාරිත්වයන්, හැඩහුරුකම් සහ පහසුකම් ඇති විචල්‍ය ප්‍රතිරෝධක කිහිපයක් පහත දැක්වේ.