මෝටර් රථයක පාලන උපාංග


01. බෙයාරින්
     
       මෝටර් රථයක රෝද අක්ෂ දඩු සමග සම්බන්ධ වී ඇත්තේ බෙයාරින් මගිනි. මෙම බෙයාරින් ගෙවී යාම නිසා රෝදය හා ඇක්සලය අතර රෝදය කරකැවීමේ දී දෙපසට චලනය වීමක් සිදුවේ. මෙය වාහනයේ ස්ථායීතාවය අඩු වීමට හේතු වේ.


02. ගුලා මූට්ටුව
    
      ඉදිරිපස රෝද එන්ජිම මගින් කරකැවීම සිදු කරන අතර එම රෝද දෙක හැරවීමද සිදු විය යුතුයි. මේ සදහා ගුලා මූට්ටුව යොදා ගනී.
                                            මෙසේ යොදා ගන්නා ගුලා මූට්ටුව ගෙවී යාම නිසා වාහනයේ ස්ථායීතාවය නැතිවී යයි.


03. හුලං පීඩනය

      
       වාහනයක ස්ථායීතාවය රදා පවතින ප්‍රධාන සාධකයක් ලෙස එහි රෝද වල හුලං පීඩනය වැදගත් වේ. වාහනයේ යොදනු ලබන බර හා සිදු කරනු ලබන කාර්යයන් හී රෝද වලට හුලං පීඩනය යෙදීම අවශ්‍ය වේ.