මෝටර් රථයේ ඉතිහාසය

මෝටර් රථයේ ඉතිහාසය                        

Nicholas Joseph Cugnot 
1769 - Nicholas Joseph Cugnot
මෝටර් රථයක් නිපදවීම කෙරෙහි සියලු දෙනාගේ අවදානය යොමු වන්නේ ක්‍රි.ව 1600 දී පමණය. මුලින්ම වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ නිෂ්පාදනය විය. ක්‍රි.ව. 1769 දී ප්‍රථම ත්‍රීරෝද මෝටර් රථය Nicholas Joseph Cugnot විසින් නිපදවිය. මගීන් 4 ක් සමග උපරිම වේගය පැයට සැතපුම් දෙකක් විය.වාෂ්ප බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ වල ජනප්‍රියත්වය කෙටි කලකින් අවසන් විය.
    Jean Joseph Étienne Lenoir 
    1822 - Jean Joseph Étienne Lenoir
  • 1862 දී ප්‍රංශ ජාතික Jean Joseph Étienne Lenoir විසින් නිපදවූ මීතේන් ඉන්ධන එන්ජිම සහිත රථයක් මුලින්ම ධාවනය 1963 දී සිදුවිය.
  •  
    1885 - Carl Benz
  • 1885 දී ජර්මන් ජාතික Carl Benz විසින් ප්‍රථම පෙට්‍රල් මෝටර් රථය ධාවනය කරවිය.
  • 1887 දී Benz ගේ ත්‍රීරෝද මෝටර් රථයක් ප්‍රථම වරට විකුණනු ලැබිය.
  • 1890 දී Benz විසින් රෝද හතරේ මෝටර් රථ නිෂ්පාදනය ඇරබිය.
  • Gottlieb Daimler 
    1885 - Gottlieb Daimler
  • 1986 දී Gottlieb Daimler ජර්මන් ජාතික විසින් ඔහුගේ ප්‍රථම මෝටර් රථය ධාවනය කරවිය.
  • 1989 දී Daimler පසුපස එන්ජිම, වේග 4 කින් යුත් පටි මගින් රෝද කරකවනු ලබන රථයක් නිපදවිය.
  • 1890 දී Daimler ගේ මෝටර් රථ සමගම ඇරබීය.
  • 1926 දී Benz හා Daimler සමාගම් දෙක ඒකාබද්ධ විය.
  • Charles and Frank 
    1893 - Charles Duryea and J. Frank Duryea
  • 1893 දී ඇමරිකන් ජාතික Charles Duryea හා J.Frank Duryea විසින් තනි සිලින්ඩරයේ මෝටර් රථය ධාවනය කරවිය. එය ප්‍රථම ඇමරිකන් රථයයි.
  • Oldsmobile 
    1901 - Oldsmobile
  • 1901 දී Oldsmobile නිපදවූ ඇමරිකන් රථය ඉතා ජනප්‍රිය විය.
  • Henry Ford 
    1904 - Henry Ford
  • 1904 දී Ford ඇතුළු වාහන කර්මාන්ත ශාලා ඇමරිකාවේ අරම්භ විය. 1908 දී Henry Ford විසින් T-Ford රථය නිපදවිය.
  • Austin, Moris, Fiet 
    1920 - Austin, Moris, Fiet
  • 1920 වන විට Austin, Moris, Fiet වැනි මෝටර් රථ කර්මාන්ත ශාලා බටහිර රටවල ඇරබිනි.
  • 1930 වන විට හැකිලිය හැකි කැන්වස් වහලය වෙනුවට ස්ථීර වහලයක් සහිත රථ නිපදවිය.
  • ඉන්දියාව, ජපානය වැනි ආසියාතික රටවල් වල මෙම කර්මාන්තය දියුණු වුයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය.             
උපුටා ගැනීම- http://www.motormechanic.lk/