ඉලෙක්ට්‍රෝනික විද්‍යාව Part 02 (අර්ධ සන්නායක)




අර්ධ සන්නායක
          සන්නායක හා පරිවාරක ද්‍රව්‍ය වලට අතර මැදි ගුණ දක්වන (1m3  ක නිදහස් ඉලෙක්ට්‍රෝන 1015 ක් පමණ) සන්නායක අර්ධ සන්නායක නම් වේ.
උදා :-
         ආවර්ථිතා වගුවේ 4වන කාණ්ඩයේ පවතින මූල ද්‍රව්‍ය අයත් වේ. Be, B, Si, Ge(ජර්මේනියම්)
 අර්ධ සන්නායක තුල විද්‍යුත් ධාරාවක් ගැලීමේ යාන්ත්‍රණය




               ඉහත සටහනේ දැක්වෙන පරිදි  සිලිකන් ස්ඵටිකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගැලීමට නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර වාහක වේ.
මෙම අර්ධ සන්නායකය තුල විද්‍යුතය සන්නයනය කිරීම වැඩි කිරීමට නම් කුහර ප්‍රමාණය හෝ නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි කිරීම කළ යුතුය.
                
  නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි කිරීමෙන් සාදන අර්ධ සන්නායක
n වර්ගයේ අර්ධ සන්නායක
                               සංශුද්ධ අර්ධ සන්නායක ස්ඵටිකයකට විශේෂිත ක්‍රමයක් යටතේ ආවර්ථික වගුවේ පස්වන කාණ්ඩයේ ඇති p වැනි මූල ද්‍රව්‍යයක් එක් කිරීමෙන් (මාත්‍රණය) කිරීමෙන් n වර්ගයේ අර්ධ සන්නායක නිර්මාණය කර ගනී.


 ඉහත ආකාරයට p වැනි මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි n වර්ගයේ අර්ධ සන්නායක වලට වඩා වැඩිපුර විදුලිය සන්නයනය කරයි.

කුහර ප්‍රමාණය වැඩි ( p වර්ගයේ අර්ධ සන්නායක)
                         සංශුද්ධ අර්ධ සන්නායක ස්ඵටිකයකට ආවර්ථිතා වගුවේ 3 වෙනි කාණ්ඩයේ ඇති B (බෝරෝන්) වැනි මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කරයි. මාත්‍රණය කිරීමෙන් p වර්ගයේ අර්ධ සන්නායක නිර්මාණය කර ගනී.


ඉහත ආකාරයට B (බෝරෝන්) වැනි මූල ද්‍රව්‍යය මාත්‍රණ‍යෙන් කුහර ප්‍රමාණය වැඩි සංශුද්ධ අර්ධ සන්නායකයකට වඩා සන්නායකතාවය වැඩි p වර්ගයේ අර්ධ සන්නායක නිර්මාණය කර ගත හැක.

Posted by Tharindu Chathuranga Engineering technology Student