මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය (Micrometer Screw Guage)



මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය
(Micrometer Screw Guage)
          කම්බියක හරස්කඩ විශ්කම්භය, තුනී තහඩුවක ඝනකම වැනි මිනුම් ලබා ගැනීමට සර්පණ කැලිපරයක් සුදුසු නොවේ. එයට එක් හේතුවක් වන්නේ මිනුම් ලබා ගන්නා වස්තුව කැලිපරයේ සර්පණ හනු අතර තැබීමේදී එය නිශ්චිත ලෙස හනු දෙකට අභිලම්භ ලෙස සකස් නොවීමයි. තවද මෙවැනි කුඩා දිග ප්‍රමාණ වඩා නිවැරදි ලෙස වැඩි සංවේදිතාවයකින් යුතුව මැනිය යුතුයි. මෙම කරුණු හේතුවෙන් සර්පණ කැලිපරයකට වඩා වැඩි සංවේදිතාවයක් ඇති එනම් කැලිපරයක කුඩාම මිනුමට වඩා කුඩාම මිනුමක් ඇති මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමාන ඉහත සදහන් කල මිනුම් වඩා නිවැරදි ලෙස මැනගැනීමට භාවිතා කෙරේ.
 4.31 රූපයේ දැක්වෙන්නේ මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානයකි.
Powered By Tharindu Chathuranga Engineering Student Ambagasdowa janadipathi Vidyalaya (www.presidentcollegeamb.com)