ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාල ඒකක සහ මිනුම්

ඒකක සහ මිනුම්
භෞතික රාශි
පද්ධතියක් සතු යම් ගුණාංගයක් සෘජුවම හෝ වක්‍රාකාරව මැනිය
 හැකි වේ නම් එම ගුණාංගය භෞතික රාශියක් ලෙස හැදින්වේ.
උදා-
      දිග, කාලය, ස්කන්ධය, ආදී වශයන් ...........
*මෙම භෞතික රාශීන්ට ගුණ කීපයක් පවතී.
1. විශාලත්වයක් පවතී.
2. දිශාවක් පවතී. (විස්ථාපනය, ප්‍රවේගය)
   ඉහත පවතින ගුණ අනුව භෞතික රාශීන් කොටස් 02 කට වර්ග කරයි.
1. දෛශික රාශි
        විශාලත්වයක් දිශාවක් යන ගුණාංග දෙකම පවතින රාශී මේ නමින් හදුන්වයි.
උදා- ත්වරණය, විස්ථාපනය, බලය, ප්‍රවේගය
2. අදිශ රාශි
        විශාලත්වයක් පමණක් පවතින රාශි මෙම නමින් හදුන්වයි. 

උදා- දිග, කාලය, ස්කන්ධය
ඒකක
 ඉහත සදහන් කළ භෞතික රාශීන් මැන ගැනීම සදහා ඒකක වැදගත්ය.
 ඒකකයක් නිර්මාණය කිරීමේ දී වැදගත් කරුණු
* මෙම ඒකකයක් ක්ෂණිකව වෙනස් නොවිය යුතුය.
* පහසුවෙන් ලබාගත හැකි විය යුතුය.(භාවිතා කිරීම පහසු විය යුතුය.)
ඒකක වර්ග
බ්‍රිතාන්‍ය ක්‍රමය ( අඩි රාත්තල් තත්පර ක්‍රමය)
රාශිය
ඒකකය
සංකේතය
දිග
අඩි
fd
ස්කන්ධය
රාත්තල්
lbs
කාලය
තත්පරය
s

මෙට්‍රික් ක්‍රමය
රාශිය
ඒකකය
සංකේතය
දිග
සෙන්ටිමීටර්
cm
ස්කන්ධය
ග්රෑම්
g
කාලය
තත්පරය
s

 SI ඒකක ක්‍රමය - ජාත්‍යන්තර සම්මත ඒකකය
රාශිය
ඒකකය
සංකේතය
දිග
මීටර්
m
ස්කන්ධය
කිලෝග්රෑම්
kg
කාලය
තත්පරය
s

* නූතනයේ භාවිත වන්නේ SI ඒකකය වේ.
 SI ක්‍රමයේ මූලික ඒකක 7කි.
1. දිග    m
2. ස්කන්ධය  kg
3. කාලය   s
4. තාප ගතික උෂ්ණත්වය  k (කෙල්වින්)
5. විද්‍යුත් ධාරාව   A
6. පදාර්ථ ප්‍රමාණය  mol
7. ද්විප්ත ත්‍රීව්‍රතාවය  cd (කැන්ඩෙලා)
ඉහත සදහන් කල මූලික භෞතික රාශීන්ට අමතරව  පරිපූරක ඒකක ලෙස ඒකක  2ක් නිර්මාණය කර ඇත.

ඒකකය
සංකේතය
1. තල කෝණය
රේඩියන
 rad                                                  
2. ගණ කෝණය
ස්ටරේඩියන
srad

වියුත්පන්න ඒකක
මූලික SI ඒකක වලින් ගොඩනගා ගන්නා ඒකක වි්‍යූත්පන්න ඒකක ලෙස ‍හැදින්වේ.
1. පරිමාව= දිග * දිග * දිග
2. ප්‍රවේගය = විස්ථාපනය / කාලය = m/s = ms-1
3. ත්වරණය = ප්‍රවේගය / කාලය = ms-1 / s = ms-2
4. බලය = ස්කන්ධය * ත්වරණය = kg * ms-2  = kgms-2 (නිව්ටන්)
5. කාර්යය = බලය * විස්ථාපනය =  kgms-2 * m = kgm2ms-2    ( J )
6. ක්ෂමතාව = කාර්යය / කාලය = kgm2ms-2  / s = kgm2ms-(W)

 ඒකකවල කුඩා ගුණාකාර
උප සර්ගය
සංකේතය
උප ගුණාකාරය
සෙන්ටි
c
10-2
මිලි
m
10-3
මයික්‍රෝ
µ
10-6
නැනෝ
n
10-9
පිකෝ
p
10-12
ෂෙන්ටි
f
10-15
ඇටෝ
a
10-18

ඒකකවල විශාල ගුණාකාර
උප සර්ගය
සංකේතය
උප ගුණාකාරය
කිලෝ
K
103
මෙගා
M
106
ගිගා
G
109
ටෙරා
T
1012


සිව් පහර චක්‍රය (4 stroke engine)

Stroke(පහර)
පිස්ටනය තුල සිලින්ඩරය ගමන් කරන ඉහලම සීමාව TDC ලෙසත් (top dead center) සිලින්ඩරය තුල පිස්ටනය ගමන් කල හැකි  පහලම සීමාව  BDC (bottom dead center)ලෙස හැදින්වේ .පිස්ටනය සිලින්ඩරය තුල  TDC සිට BDC දක්වා එක් වතාවක් හෝ BDC සිට TDC දක්වා එක් වතාවක් ගමන් කිරීම පහරක් ලෙස හදුන්වයි

සිව් පහර

1.චුෂණ පහර          -suction stroke
2.සම්පීන්ඩන පහර  -compression stroke
3.බල පහර             -power stroke
4.පිටාර පහර           -exhause stroke


                  1.චුෂණ පහර         -suction stroke
මෙම පහරේදී පිස්ටන් මුදුන් සීමාවේ සිට යට සීමාවට ගමන් ගනී .චුෂණ වෑල්වය ඇරී ඇති අතර පීටර වෑල්වය වැසි ඇත . පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කල විට සිලින්ඩරය තුල පරිමාව වැඩි වන අතර පීඩනය අඩුවේ .එය රික්තකයක් ලෙස හැදින්වේ .එවිට ඇරී ඇති චුෂණ කවුළුව තුලින් පෙට්‍රල් වාත මිශ්‍රණයක් සිලින්ඩරයට ඇතුළු වේ.
පිස්ටනය සිලින්ඩරය තුල BDC දක්වා ගමන් කරන තෙක් සිලින්ඩරය තුල පෙට්‍රල් වාත  මිශ්‍රණයෙන් පිරේ.
සිලින්ඩරය තුල පිස්ටනය ගමන් කරන වේගය අඩු උවහොත් පෙට්‍රල් වාත මිශ්‍රණය ඇතුල් වීමේ දුර්වලතාවක් දක්වයි.සිලින්ඩරය තුල පිස්ටනය වේගයෙන් ගමන් කළහොත් ඇතුල් වීම හොදින් සිදුවේ .
2.සම්පින්ඩන පහර -compression stroke
චුෂණ පහරේ BDC දක්වා ගමන් කල මිශ්‍රණය නැවත TDC පෙදෙසට ගමන් කිරීමට පටන් ගනී . මෙම අවස්ථාවේදී චුෂණ වැල්වය වැසේ .තව දුරටත් පිටාර වැල්වය වැසි පවතී .සිලින්ඩරය තුල ඇති  පෙට්‍රල් වාත මිශ්‍රණය පිස්ටනය මගින් සම්පිණ්ඩනය කරනු ලබයි .
පිස්ටනය සිලින්ඩරය තුල TDC දක්වා ගමන් කරණ තෙක් මිශ්‍රණය සම්පිණ්ඩනය කරයි .
පිස්ටනය සිලින්ඩරය තුල BDC දක්වා ගමන් කල පසු පෙට්‍රල් වාත මිශ්‍රණය සම්පිණ්ඩනය  වන පරිමාව දහන කුටීරය වේ.( compression chamber)
මිශ්‍රණය දහන කුටීරයේ  සම්පුර්ණයෙන් සම්පිණ්ඩනය කල විට පෙට්‍රල් එන්ජිමක සම්පින්ඩනයේ  පීඩනය 10 Kgcm -2 පමණ වේ.පීඩනය වැඩිවීම හේතුවෙන් උෂ්ණත්වය ඉහල යයි .(350’c පමණ)


writing By Thilina Jayanidu

දෙමුහුම් විද්‍යුත් මෝටර් රථ(HyBrid Car)


මෙම මෝටර් රථ එන්ජීන් 2කින් සමන්විතයි.ඒ කියන්නේ විද්‍යුත් එන්ජීමක් සහ සාමාන්‍ය එන්ජීමක්.ඔය මෝටර් රථයේ විශේෂත් වය වන්නේ පෙට්‍රල් දහනය අවම විම,බෑටරිය බෑස නොයෑම,ඉබේ එන්ජීන් දෙක ක්‍රියාත්මක වීමයි.

ක්‍රියාකාරිත්වය
 

මෙම මෝටර් රථය පණ ගෑන්වෙන්නේ  විද්‍යුත් එන්ජීමේනි,ඉන් පසුව අඩු වේගයකින් ධාවනයේදි මෝටර් රථය ධාවනය වන්නේද විද්‍යුත්එන්ජීමේනි.එවිට මෝටර් රථය ශබ්දයක් නෑගෙන්නේ නෑත.සාමන්‍ය ධාවනයකදි ඉන්ධන එන්ජීම ක්‍රියත්මකවේ.එවිට ඉබේ බෑටරිය නෑවත ආරෝපනයවේ.වේගය උපරිම වු අවස්තාවෙදි පමනක් මෙම එන්ජීන් 2කම එක වර ක්‍රියත්මක වේ.මෝටර් රථය ධාවනය නෑවත් වු විට පණ ගෑන්වි ඈත්තේ විද්‍යුත්එන්ජීමේනි.මෙම කුමන එන්ජීම කින් මෝටර් රථය ධාවනය වුවත් ඉදිරිපස රෝද දෙකම ක්‍රියත්මක වේ.

කාර්මික දෝශයකදි පරික්ශා කල යුතු දෑ

  • පලමු කාර්යක්ෂමතා සිතියම(The first maps of the motor efficiency)
  • බෑටරිය ආරෝපනයවි ඈත්දෑයි බෑලිම
  • ON/OFF ස්විච්චිය පරික්ශා කිරිම වෑනි දෑ කල යුතුවේ.


වෑදගත් කරුනු
 

  • සාමාන්‍ය මෝටර් රථයක මෙන් වතුර ඔයිල් පරික්ෂා කල යුතුවේ.




Toyota hybrid synergy drive system 

Toyota Hybrid System 2

සිලින්ඩර පිහිටීම අනුව එන්ජින් වර්ග කීපයකි.




සිලින්ඩර පිහිටීම අනුව එන්ජින් වර්ග කීපයකි.
1)  ‍කෙලි එන්ජින් (Inline)
          එන්ජිමේ සිලින්ඩර සියල්ලම එක එල්ලෙම පිහිටන ලෙස පවතින එන්ජින් එකෙලි එන්ජින් ලෙස හදුන්වයි.





2)  ප්‍රතිමුඛ එන්ජින් (Opposed cylinder engine)
මෙම ආකාරයේ දී සිලින්ඩර වලට මැදින් දගර කද පිහිටන අතර එන්ජිමේ ප්‍රමාණය කුඩා වේ. 
දගර කදේ දිග අඩුවේ.

3) V වර්ගයේ එන්ජින්
V අකුරේ හැඩයට සිලින්ඩර පිහිටන පරිදි නිර්මාණය කර 
ඇති එන්ජින් V ආකාරයේ එන්ජින් ලෙස හැදින්වේ. මේවායේ ප්‍රමාණය සාමාන්‍යයෙන් කුඩා වේ.
මෙවැනි එන්ජිමක සිලින්ඩර අතර කෝණය අංශක 60 සිට අංශක 120 දක්වා පරාසයක් ගනී.






4) VR වර්ගයේ එන්ජින්

මෙවැනි එන්ජින් Inline හෝ V ආකාරය යන දෙකම 
නොවන අතර ඊට අතර මැදි ආකාරයට සිලින්ඩර පිහිටා ඇත. 
මෙවැනි එන්ජින් මගින් කුඩා ප්‍රමාණයක විශාල සිලින්ඩර
 ප්‍රමාණයක් පිහිටුවා ගත හැක. එමනිසා එන්ජිමේ ප්‍රමාණය කුඩා කර ඇත. 
මේවායේ පිස්ටන් අතර කෝණය අංශක 15 පමණ වේ.



 


 
  5)  W වර්ගයේ එන්ජින්
සිලින්ඩර W අකුරේ හැඩයට පිහිටන එන්ජින් වේ. මෙවැනි එන්ජිමක ප්‍රමාණය කුඩා වේ.


 
6)  V-VR වර්ගයේ එන්ජින් 

V හැඩයට සිලින්ඩර පිහිටන අතර 
සිලින්ඩරවල පිහිටීම VR ආකාරයට ඇත.

 
7)  වෘත්තාකාර එන්ජින්

තරුවක හැඩයට සිලින්ඩර පිහිටන පරිදි මෙය නිර්මාණය කර ඇත.
 සිලින්ඩර ගණන සමග සැසදීමේ දී එන්ජිමේ බර ඉතා අඩුය. බහුල වශයෙන් ගුවන් යානාවල භාවිතා වේ.