ආර්ථික පද්ධති

Add caption
ආර්ථික පද්ධති හදුනා ගැනීම



මොකක්ද මේ ආර්ථික පද්ධතියක් කියන්නෙ. 

සමාජයේ පොදු ලක්ෂනයක් වන හිගකම නිසා පැන නගින මූලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම සදහා සකසා ඇති සමාජීය සහ ආයතනික වැඩපිළිවල ආර්ථික පද්ධත්යක් කියල කියනවා.

ආර්ථික පද්ධතියක් සතු ප්‍රධාන කාර්යබර්ය 03 කි.

1.කවර භාණ්ඩ කොතරම් ප්‍රමාණවලින් නිපදවිය යුතු බව.
2.භාණ්ඩ නිෂ්පාදනය කළ යුත්තේ කේසේද යන්න තීරණය කීරිම.
3.කා සදහා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලැබේද යන්න තීරණය කීරිම.


ආර්ථික පද්ධතියක් තුළ දක්නට ලැබෙන ආයතනික ලක්ෂන, 

  • කුටුම්බ දක්නට ලැබිම. 
  • ව්‍යාපාරික අංශයක් දක්නට ලැබිම. 
  • වෙළෙදපොළවල් දක්නට ලැබිම. 
  • කම්කරු සංවිධාන දක්නට ලැබිම. 
  • ආණ්ඩුවක් දක්නට ලැබිම. 
  • රාජ්‍ය නොවන සංවිධාන දක්නට ලැබිම. 
  • සානුබල (අභිප්‍රේරණ) පද්ධතියක දක්නට ලැබිම. 
  • නෛතික ව්‍යුහවක් දක්නට ලැබිම. 
  • සිරිත් විරිත්, සම්ප්‍රධායන් සහ සංස්කෘතියක් දක්නට ලැබිම.

වෙළදපොල ආර්ථික පද්ධතිය 

භෞතික නිෂ්පාදන සම්පත්වල හිමිකාරත්වය ව්‍යවසායක කාර්යයන් පුද්ගලයන් ද පුද්ගලික අංශයට අයත් ආයතන ද සතු ආර්ථික පද්ධතිය හැදින්වෙන්නේ වෙළදපොල ආර්ථික පද්ධතිය ලෙසය.පුද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලිය සදහා රජයේ සෘජු මැදිහත් වීමක් මේහි දී සිදු නොවේ.නිදහස් ධනවාදී ක්‍රම,නිදහස් ව්‍යවසාය,මිල ක්‍රමය යන මේ නම් වලින් හදුන්වන්නේද මෙම ආර්ථිකයන්ය.

වෙළදපොල ආර්ථික පද්ධතියේ පොදු ලක්ෂණ 

  • දේපලවල පුද්ගලික හිමිකාරත්වය
  • පුද්ගලික ව්‍යවසාය 
  • ස්වර්ථය පදනම් කරගත් සානුබල පැවතීම 
  • මිල යාන්ත්‍රණය මගින් ආර්ථිකය මෙහෙය වීම 
  • තේරීමේ නිදහස පැවතීම 
  • වෙළදපොල තරගකාරී වීම 
  • රජයේ කාර්යභාරය සීමිත වීම 

වෙළදපොළ ආර්ථිකයක ලාභය මගින් ඉටුකරනු ලබන කාර්යයන් 

  • නව්‍යතා හදුන්වාදීම දිරිමත් කිරීම 
  • ආර්ථිකයේ විවිධ අංශ සම්පත් බෙදීයාම කාර්යක්ෂම කිරීම 
  • වෙළදපොල සංඥා සැපයීම 
  • අවධානම් දැරීම වෙනුවෙන් ප්‍රතිලාභ හිමි කර දීම
  • අමතර අරමුදල් සපයාගැනීම පහසු කර වීම 
  • රජයට බදු සපයන මුලාශ්‍රයක් වීම 
  • මිල යාන්ත්‍රණය 
              ආර්ථිකය පුරා විසිරි සිටින සියලුම පාරිභෝගිකයන් ස්වාර්ථය උදෙසා පරිභෝජනය පිළිබදව තීරණ ගන්නෙත් සියලුම නිෂ්පාදකයන් ස්වාර්ථය උදෙසා නිෂ්පාදනය පිළිබදව තීරණ ගන්නෙත් භාණ්ඩ හා සේවා වලට වෙළදපොළේ තීරණය වන මිල මගිනි.

              එලෙස එක් එක් පුද්ගලයා වෙන් වෙන් වශයෙන් ගන්නා තීරණ ව්‍යකුලත්වයකින් තොරව මනාව සම්බන්දිකරණය කරන්නෙත් භාණ්ඩ හා සේවාවල වෙළදපොළ මිල මගිනි.
               එහෙයින් වෙළදපොළ ආර්ථික පද්ධතියක සන්නිවේදන කාර්යයත් සිදු කෙරෙන්නේ මිල මගිනි.

වෙළදපොල ආර්ථික පද්ධතියක මිලෙහි කාර්යයන් 

  • තොරතුරු සැපයීම 
  • සානුබල සැපයීම 
  • හිග සම්පත් බෙදා වෙන් කිරීම (සළාක කිරීම) 
  • තොරතුරු සැපයීම 

තොරතුරු සැපයීම

              වෙළදපොල ආර්ථික පද්ධතියක් තුල තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු පාරිභෝගිකයාටත් නිෂ්පාදකයාටත් සපයන්නේ වෙළදපොල මිල මගිනි.එහෙයින් තොරතුරු සැපයීම වෙළදපොල ආර්ථිකයක ප්‍රධාන කාර්යයයකි.

                 මිල නොදන්නා විට භාණ්ඩයක් මිලට ගැනීමට යාමේ දී ඇති වන අපහසුව,වැටුප නොදන්නා විට රැකියාවක් තෝරා ගැනීමේ අපහසුව,යනාදිය තුලින් පෙන්නුම් කෙරෙන්නේ මිල මගින් සැපයෙන තොරතුරු වල වැදගත්කමය.


සානුබල සැපයීම

                   වෙළදපොල ආර්ථික ක්‍රමයක නිෂ්පාදකයනටත් පරිභෝගිකයනටත් නිෂ්පාදනය ද පරිභෝජනය ද සදහා සානුබල සැපයෙන්නේ මිල මගිනි.කුටුම්බ ද නිෂ්පාදන ආයතන ද ස්වාර්ථය පදනම් කරගෙන තීරණ ගනු ලබන්නේ මිල මගින් ලබාදෙන සානුබල මගිනි.
               සැපයුමට සාපේක්ෂව ඉල්ලුම ඉහල යන විට භාණ්ඩයේ මිල ඉහල යයි.භාණ්ඩයක වෙළදපොල මිල එලෙස ඉහල යත් ම නිෂ්පාදකයාට ඉපයිය හැකි ලාභයද වැඩි වේ.නිෂ්පාදනය වැඩිකිරීමට එමගින් සානුබල ලැබේ.
                  එසේම භාණ්ඩයක මිල අඩුවන විට ඒ භාණ්ඩයේ සැපයුම අඩුවන බැවින් ලාභයද අඩුවේ.ලාභය අඩුවන නිසා එමගින් නිෂ්පාදනය අඩුකිරීමට සානුබල ලැබේ.

හිග සම්පත් බෙදා වෙන් කිරීම (සළාක කිරීම)

               විකල්ප භාවිත හැකියා සහිත හිග සම්පත් විවිධ නිෂ්පාදන කාර්ය සදහා වෙළදපොල ආර්ථික ක්‍රමයේ දී බෙදා වෙන් කෙරෙන්නේ මිල මගිනි. සලාක කිරීම යන්නෙන් අදහස් වන්නේ හිග සම්පත් බෙදා වෙන් කිරීමම ය.


වෙළදපොල ආර්ථිකයක රජයේ කාර්යභාරය 

  • දේපොලවල පුද්ගලික හිමිකම සුරක්ෂිත කර දීම සදහා අවශ්‍ය නෛතික රාමුව සැකසීම 
  • ජාතික ආරක්ෂාව සපයා දීම 
  • සේවක අයතිවාසිකම් ස්ථාපිත කිරීම 
  • හුවමාරුව පහසු කිරීම සදහා අවශ්‍ය මුල්‍ය පද්ධතිය ස්ථාපිත කිරීම 
  • කිරුම් මිනුම් පිළිබද ප්‍රමිත සැකසීම 
  • තිරසාර සංවර්ධනය සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම 
  • පොදු භාණ්ඩ හා ශුභ සාධන භාණ්ඩ සැපයීම 
  • මානව සම්පත් සංවර්ධනය කිරීම 

වෙළදපොල ආර්ථිකයක් මුලික ආර්ථික ප්‍රශ්න විසදන ආකාරය 

  1. කුමක් කොපමණ ප්‍රමාණයක් නිපදවනවද යන ප්‍රශ්නය 

           කුමන භාණ්ඩ කොතරම් ප්‍රමාණයක් නිපදවනවද යන්න වෙළදපොල ආර්ථිකයක් තීරණය කරන්නේ වෙළදපොල ක්‍රමයේදී ඒ ඒ භාණ්ඩයෙන් ලැබෙන ලාභය මතය.
              එනම් වෙලදපොලේ මිල වැඩි භාණ්ඩ වැඩිපුර නිෂ්පාදනය කරනු ලබන අතර මිල අඩු භාණ්ඩ අඩුවෙන් නිෂ්පාදනය කරනු ලබයි. මිලක් අයකරගත නොහැකි භාණ්ඩ නිපද වීමක් සිදු නොවේ.
                 මෙලෙස මිල වැඩි භාණ්ඩ වැඩිපුරත් මිල අඩු භාණ්ඩ අඩුවෙනුත් මිලක් අයකළ නොහැකි භාණ්ඩ නිෂ්පාදනයක් සිදු නොවීමත් හේතුව වනුයේ මිල ක්‍රමය මගින් දෙනු ලබන සඥා නිසාය.

     2.   කෙසේ නිපදවන්නේද යන ප්‍රශ්නය 

          කෙසේ නිපදවන්නේද යනනෙන් අදහස් කරන්නේ විකල්ප නිෂ්පාදන ක්‍රම අතුරින් කුමන නිෂ්පාදන ක්‍රමය භාවිත කරන්නේ ද යන්න තීරණය කිරීම යි.

             භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී ප්‍රාග්දනයට සාපේක්ෂව ශ්‍රමය වැඩිපුර යොදා ගැනේ නම් එහි දී භාවිත කෙරෙන නිෂ්පාදන ශිල්පිය ක්‍රමය"ශ්‍රම සුක්ෂම"වන අතර ශ්‍රමයට සාපේක්ෂව ප්‍රාග්ධනය බහුලව යොදා ගැනේ නම් එහිදී භාවිතා කෙරෙන නිෂ්පාදන ශිල්පිය ක්‍රමය "ප්‍රාග්ධන සුක්ෂම" වේ.මෙහෙදී භාණ්ඩ නිෂ්පාදනය සදහා වඩාත් ලභාදායි ශිල්පිය ක්‍රමය යොදා ගැනේ.

     3.  කා සදහා නිෂ්පාදනය කරන්නේද යන ප්‍රශ්නය 

         කා සදහා නිෂ්පාදනය කරන්නේ ද යන්නෙන් අදහස් වන්නේ කිසියම් කාලයක් තුල සමාජය නිෂ්පාදනය කරන ලද භාණ්ඩ තොගය ජනතාව අතර කෙසේ බෙදී යාමට සලස්වන්නේ ද යන්න තීරණය කිරීමයි.මෙය සමාජයේ අදායම් බෙදීයාම සම්බන්ද වේ.
             සමාජයේ වැඩි අදායම් ලබන්නන් හට වැඩි භාණ්ඩ ප්‍රමාණයකුත් අඩු අදායම් ලබන්නන් හට අඩු ප්‍රමාණයකුත් අදායම් නොලබන්නන් හට භාණ්ඩ හිමි වීමක් සිදු නොවේ.වෙළදපොළ ආර්ථිකයක පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය අනුව භාණ්ඩ මිලට ගැනීම තීරණය වේ.


වෙළදපොල ආර්ථික ක්‍රමයක යහපත් ලක්ෂණ 

  • නිෂ්පාදන කටයුතු එලදයිව ද කර්යක්ෂමව ද සිදු වීම 
  • පාරිභෝගික ඉල්ලුම අනුව නිෂ්පාදනය සිදු වීම 
  • තරගකාරිත්වය හේතුවෙන් ගුණත්වයෙන් යුත් භාණ්ඩ අඩු මිලට විකිණීම 
  • තරගකාරිත්වය හේතුවෙන් භාණ්ඩ නිෂ්පාදන පිරිවැය අවම වීම 
  • ආර්ථිකයට අවශ්‍ය භාණ්ඩ හා සේවා කාර්යක්ෂම ව සම්පාදනය වීම.

වෙළදපොල ආර්ථික ක්‍රමයක දුර්වලතා 

  • වෙළදපොල ක්‍රමය තුල සැපයුම්කරුවන් බලවත් වීම 
  • පොදු භාණ්ඩ සැපයීමක් සිදු නොවීම 
  • බාහිරතා සැලකිල්ලට නොගැනීම 
  • සාධාරණත්වය ඉටු නොවීම 
  • තිරසාර සංවර්දනයට බාධා පැමිණීම 
  • සම්පත් සංචලනයට බාධා පැවතීම 
  • ආර්ථික අස්ථායිතා ඇතිවීම 
  • සුභ සාධන භාණ්ඩ ප්‍රමාණවත් පරිදි සම්පාදනය නොවීම   


උපුටා ගැනීම - http://sleconomics.blogspot.com