12.2 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාරිකමෙහෙයුම් අතර ඇති සම්බන්ධතාව විශ්ලේෂණය කිරීම.



 12.2 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාරිකමෙහෙයුම් අතර ඇති සම්බන්ධතාව විශ්ලේෂණය කිරීම.

විද්‍යුත් වානිජ්‍ය (E-Commerce)

අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණිම, මිලදී ගැනීම හා ප්‍රවාහානය හෝ හුවමාරුව විද්‍යුත් වානිජ්‍ය ලෙස හදුන්වයි.  අන්තර්ජාලය (online)හරහා ව්‍යාපාරයට අදාල වෙබ් අඩවිය (web site) මගින් පාරිභෝගිකයකු භාණ්ඩ හෝ සේවා සදහා ඇණ්වුම් කලවිට, ව්‍යාපාරයෙහි ස්වයංක්‍රිය පද්ධතිය(Automated System) මගින් සැපයුම් දාමයම (Supply Chain)පාලනය කර පාරිභෝගිකයාගේ අවශ්‍යතාව ඉටුකරයි. 




සම්ප්‍රදායික වෙළදාම හා විද්‍යුත් වෙළදාම


විද්‍යුත් ව්‍යාපාර (E-Business)

ව්‍යාපාරයක සියළුම ක්‍රියාකාරකම් සදහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගැනීම මගින් ව්‍යාපාරය කරගෙනයාම විද්‍යුත් ව්‍යාපාර ලෙස හදුන්වයි. විද්‍යුත් ව්‍යාපාර e-business ලෙස හදුන්වයි.
විද්‍යුත් ව්‍යාපාර විද්‍යුත් වානිජ්‍යට වඩා ව්‍යාපාරයතුළ සම්පුර්ණයෙන්ම භාවිතා වන වඩා පුළුල් විෂයකි.
විද්‍යුත් වානිජ්‍ය තුළදී ICT භාවිතා කරනු ලබන්නේ බාහිර ක්‍රියාකාරකම්, තනි පුද්ගලයින්, කණ්ඩායම් සහ බාහිර ව්‍යාපාර සමග සම්බන්ධතා පවත්වා ගැනීම සදහාය.


විද්‍යුත් ව්‍යාපාර ගණුදෙනු වර්ග

  B2B      -(Business to Business)
  B2C      -(Business to Consumer)
  C2C      -(Consumer to Consumer)
  C2B                  -(Consumer to Business)
  B2E                  -(Business to Employee)
  G2C     -(Government to Citizen)

B2B      - (Business to Business)
             B2B යනු ව්‍යාපාර අතර සිදුවන මාර්ගගතව සිදුවන (online) වානිජ්‍යමය ගණුදෙනුය.

උදාහරණ :- නිෂ්පාදකයා හා තොග වෙළෙන්දා අතර
                   තොග වෙළෙන්දා හා සිල්ලර වෙළෙන්දා අතර

B2C  - (Business to Consumer)
            නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර හෝ බෙදාහරින්නා සහ පාරිභෝගිකයා අතර හෝ සිල්ලර වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර හෝ මාර්ගගතව(online)  සිදුවන ගණුදෙණුවකි.


C2C      -(Consumer to Consumer)
                   පාරිභෝගිකයකු සහ තුන්වන පාර්ශවයක් (third  party) අතර සිදුවන ගණුදෙනුවකි. මෙහිදී බොහෝවිට විකුණු භාණ්ඩය හෝ සේවය පිළිබදව වගකීමක් (service guarantee) නොදරයි.  මෙහිදී පළමු පාරිභෝගිකයා ලබන ලාභය සේවා ගාස්තුවක් හෝ කොමිස් මුදලක් පමණි.


C2B - (Consumer to Business)
         මෙය B2C ගණුදෙනුවක විලෝමයයි.  පාරිභෝගිකයන් භාණ්ඩ හා සේවා ව්‍යාපාර ආයතනයකට සැපයීම කරනු ලබන අතර ඒ සදහා ව්‍යාපාරය විසින් ගෙවීම් කරනු ලබයි.

B2E - (Business to Employee)
             ව්‍යාපාරය හා ව්‍යාපාරය  (ආයතනය) තුල සිටින සේවකයින් අතර සිදුවන ගණුදෙණුවකි.
උදාහරණ - සේවක රක්ෂණ
              සේවක ප්‍රතිලාභ
           
G2C - (Government to Citizen)
                  රජය හා තනි පුද්ගලයින් අතර පවතින සන්නිවේදන සම්බන්ධතාවයන් මෙලෙස හදුන්වයි. මෙය මධ්‍යම රජය, පළාත් හා ප්‍රදේශිය මට්ටමෙන් සිදුවිය හැකිය. මෙම සම්බන්ධතාවය අන්තර්ජාලය, විද්‍යුත් තැපෑල වැනි ICT භාවිතා කිරීම අරමුණයි.


විද්‍යුත් ව්‍යාපාර
Ø  අතථ්‍ය ආචයන් (Virtual Storefront)
Ø  තොරතුරු තැරැව්කරුවන් (Information Brokers)
Ø  මාර්ගගත වෙළදපොළ (Online Market)
Ø  අන්තර්ගතය සපයන්නා (Content Provider)
Ø  මාර්ගගත සේවා සපයන්නා (Online Service Provider)
Ø  ද්වාර (Portal)
Ø  අතත්‍ය ප්‍රජාව (Virtual Community)

අතථ්‍ය ආචයන් (Virtual Storefront)
අතථ්‍ය ආචයන් (virtual Storefront) අන්තර්ජාලය හරහා සෘජුව භාණ්ඩ විකිණීම මෙහිදී සිදුවේ. මෙහි විද්‍යුත් නාමාවලියක් ඇති අතර පැය 24 තුළම මෙම ගනුදෙනු විවෘතව ඇත.
උදාහරණ:                                     www.amazon.com
      www.compudata.com
      www.cdnow.com

තොරතුරු තැරැව්කරුවන් (Information Brokers)
            මෙය ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් වන අතර සේවාදායකයින්ට පොදු දත්ත බැංකුවලින් තොරතුරු සොයා දෙයි. මෙයන් සේවාදායකයින්ට කාලය සහ මුදල් ඉතිරි වේ. මාර්ගගත දත්ත එකතු කරයි. වට්ටම් මත විකිණීම කරයි.
උදා:   වෙළදපොල පර්යේෂණ (market research)
                         පේටන්ට් පර්යේෂණ (patent research)
                         මාර්ගගත වෙළදපොල (online market)

අන්තර්ගතය සපයන්නා (Content Provider)
            මෙමගින් නොයෙකුත් වර්ගයේ විද්‍යුත් තොරතුරු සපයයි. මේ අතර ප්‍රවෘත්ති, වගන්ති, විද්‍යුත් තැපැල්, චිත්‍රක, ලිපි, චලන රූප වැනි නිතරම නවීකරණය වන තොරතුරු ඇත.
                                    උදා:     www. yahoo.com
                                                www.msn.com
                                                www.aol.com
                                                www. wikipedea.org

මාර්ගගත සේවා සපයන්නා (Online Service Provider)
මෙමගින් පාරිභොගිකයාට මාර්ගගත සේවාවක් ලබා දෙයි. සමහර ISP (Internet Service Provider)  සමාගම් ද OSP  නමින් ද හදුන්වයි.  මෙමගින් users අන්තර්ජාලය හරහා සෘජුව සම්බන්ධ කරගත හැක. උදා:       www.wow.lk
                        www.wikipedea.org

ද්වාර (Portal)
භාවිත කරන්නාට (anchor) මේ සමඟ ඈදුනු අඩවි බලාගත හැක. ආණ්ඩුව මගින් ආණ්ඩුවේ ආයතන ගැන සහ විශ්වවිද්‍යාල වලින් ශිෂ්‍යන්ගේ ප්‍රයෝජනය සඳහා ද අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යනාදිය ද ගැන ද්වාර සාදා ඇත.
            උදා:    
·         ශ්රි ලංකා අන්තර්ජාල බිහිදොර              www.gov.lk
·         වොෂින්ටන් රාජ් විශ්ව විද්යාලය         www.wsu.edu
·         හාවඩ් විශ්ව විද්යාලය                www.myharverd.edu

අතත්‍ය ප්‍රජාව (Virtual Community)
භාවිත කරන්නාට දෘශ්‍යමාන නොවන සමාජ මේ නමින් හඳුන්වයි. මෙහිදී තොරතුරු, දුරකථන, පුවත් ලිපි, විද්‍යුත් තැපෑල හරහා පුද්ගලයින් සමූහයක් අතර තොරතුරු සන්නිවේදනය කරයි. මේවායේ කථන කාමර, නිවේදන පුවරු ඇත.
උදා:     www. groups.google.com
                        www. groups.yahoo.com

විද්‍යුත් ව්‍යාපාර සේවය ලබාගන්නා සහ ලබාදෙන්නා අතර ඇති විශ්වාසය මත විද්‍යුත් ව්‍යාපාර වල වාසි මෙන්ම අවාසිද පවති.

විද්‍යුත් ව්‍යාපාරවල වාසි
ü  භාණ්ඩ විකිණීමෙන් පසු සහය දීම, ක්‍රියාකාරීත්වය හා මගපෙන්වීම
ü  ආකර්ෂනීය භාණ්ඩ තෝරා ගැනීම
ü  තරඟකාරී මිලගණන්
ü  තෘප්තිමත් බව සහතික වීම
ü  වේගවත් සේවාවන්
ü  පහසුවෙන් ලඟාවිය හැකි පිටු
ü  ඉක්මන් මිලදිගැනීම් හා බෙදාහැරීම්
ü  දැන්වීම්
ü  තෑගි දීම්, වට්ටම්, විශේෂ තෑගි
ü  පාරිභෝගිකාට පුද්ගලික අවධානය යොමු කිරීම
ü  කථන කාමර, විද්‍යුත් සමාජ, ප්‍රවෘත්ති කණ්ඩායම් සමාජීය අන්තර් සබඳතා

විද්‍යුත් ව්‍යාපාරවල අවාසි
ü  ඇනවුම් කළ භාණ්ඩවල විශ්වාසවන්ත බව නොමැතිවීම
ü  ඇනවුම් කළ භාණ්ඩවල තොරතුරුවල විශ්වාසවන්ත බව නොමැතිවිම
ü  මුදල් ගෙවීමේදී ණය පත් වල විශ්වාසවන්තභාවය ගැටළු සහගත විම
ü  ඉතිරි මුදල් ගැන අනාරක්ෂිත බව
ü  එවනු ලබන භාණ්ඩවල අනාරක්ෂිත බව

---------------------------------------------------------------------------------------------
ඊළග පාඩම 
 

12.3  වැඩි දියුණු කළ භාණ්ඩ හා සේවාවන් පාරිභෝගිකයාට බෙදාහැරීමට තොරතුරු තාක්ෂණ උත්පාදන හා බෙදාහැරීමේ උපක්‍රම භාවිතාකිරීම ග‍වේෂණය කරයි.

WWW.NOTEGUN.COM
මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය NoteGun සතුවන අතර මෙහි අඩංගු කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම් වේ. කිසිවෙකු හෝ එම ක්‍රියාවෙහි යෙදුනහොත් අන්තර්ජාලයේ පවතින සීමාවන් යටතේ ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපි වග බලාගෙන සිටිමු!