ආර්ථික විද්‍යාවේ නිර්වචන.

නිර්වචන


               ආර්ථික විද්‍යාව,සීමාසහිත සම්පත් ප්‍රමාණයක් පවතින සාමාජයක් තුළ මිනිසාගේ භෞතික අවශ්‍යතා සහ අසීමිත වුවමනාවන් සපුරා ගැනීමට කටයුතු කිරිමේ දී නිෂ්පාදනය,බෙදාහැරීම හා පරීභෝජනය යන ක්ෂේත්‍රයන්හි මිනිස් හැසිරිම විග්‍රහ කිරිමට සුවිශේෂ වශයෙන් යොමු වු විෂයක් ලෙසයි.
ඇඩම් ස්මිත්-Adam smith -

             ස්කොට් ලන්ත ජාතිකයෙකු වූ ඇඩම් ස්මිත් විසින් දේශපාලන ව විද්‍යාවේ පැවති ගණිතමය කොටස ආර්ථික විද්‍යාව නමින් ෙෙනමම විෂයක් ලෙස ස්ථාපනය කරන ලදි. මේ නිසා ඔහු ආර්ථික විද්‍යාවේ පියා ලෙස හැදින්වේ. 1776 දී ඔහු විසින් රචිත “Welth of Nation“ නැමැති කෘතියෙන් මෙම විෂය හදුන්වා දී ඇත. ආර්ථික විද්‍යාව යනු, ධනය පිළිබද හදාරන විශයයි.
පොල් සැමුවල්සන් -Paul Samuelson -


           සමාජයය විසින් ඵලදායි භාණ්ඩ නිෂ්පාදනය කිරිම සඳහා හිඟ සම්පත් භිවිතා කරනු ලබන්නේ කේසේද, එලෙස නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවා සමාජයේ විවිධ පුද්ගලයින් අතර බෙදා හරිනු ලබන්නේ කෙසේද, අධ්‍යනය කරනු ලබන විෂයක් බවයි..


ස්ටුවර්ට් මිල්ගේ -Stuart Mills-  

ආර්ථික විද්‍යාව යනු ධනය නිෂ්පාදනය හා බෙදා හැරීම පිළිබඳ ප්‍රායෝගික විද්‍යාවකි.

ඇල්පඩ් මාර්ෂල්ගේ -Alfred Marshall -



            ආර්ථික විද්‍යාව යනු එදිනෙදා ව්‍යාපාරික ජීවිතයෙදී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යනය කරනු ලබන ව්ෂයකි.මෙහිදි මාර්ෂල් ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් තම තමන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාකරන බව දක්වයි.


ලයනල් රොබින්සන්  -lionel robbins -

 

              විකල්ප භාවිතා සහිත හිඟ සම්පත් හා මිනිස් වුවමනා අතර සම්බන්ධතාවයේ දී මිනිස් හැසිරීම් අධ්‍යනය කරන විෂයක් බවයි.මෙම නිර්වචනයට අනුව හිඟකම පිළිබඳ ප්‍රශ්නය පැන නඟින්නේ පවත්නා සම්පත් වලින් මිනිස් වුවමනා සපුරාලිය නොහැකි බැවින්ය.


ආර්ථික විද්‍යාවේ නූතන නිර්වචනය

ඕනෑම ආර්ථිකයක සම්පත් සීමිතය.වුවමනාවන් අසීමිතය. එම සීමිත සම්පත් වලින් අසීමිත වුවමනාවන් සපුරා ගන්නේ කෙසේද යන්න හදාරන විද්‍යාව ආර්ථික විද්‍යාවයි. 

Copyright BY - http://sleconomics.blogspot.com

Bhandarawela Dharmapala Econ Community