12 – i ව්‍යාපාරික ලෝකය තුල තොරතුරු සංනිවේදන තාක්ෂණයේ කාර්ය භාරය

12 – i ව්‍යාපාරික ලෝකය තුල තොරතුරු සංනිවේදන තාක්ෂණයේ කාර්ය භාරය

ආර්ථිකය ( Economy)

රටක සේවක, ප්‍රග්ධනය, ඉඩම් සහ ආර්ථික නියොජනයන් එම රටේ හෝ ‍ප්‍රදේශයේ ආර්ථකය වේ.
සංඛ්‍යාංකිත ආර්ථිකය (Digital Economy)
 
විද්‍යුත් ව්‍යාපාර (Electronic business)  භාවිතා කර  නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවාවන් විද්‍යුත් වානිජ්‍යය (electronic commerce) භාවිතා කර වෙළදාම් කිරීම සංඛ්‍යාංකිත ආර්ථිකය (digital economy ) ලෙස හදුන්වයි.


සංඛ්‍යාංකිත ආර්ථික‍යේ භාවිතා වන නව ව්‍යාපාරික ක්‍රමවේද

ü  විලෝම වෙන්දේසිය ( reverse auction)
ü  සමුහ මිලදීගැනිම (group purchasing)
ü  විද්‍යුත් වෙළදපොල (e-Marketplace)



වෙන්දේසිය (auction)
            භාණ්ඩ හා සේවා විකිණි‍මේ හා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ගැණුම් කරුවන් හා වෙළදුන් අතර භාණ්ඩ හෝ සේවා වල මිල තීරණය කිරීම සදහා ලන්සු තැබීම වෙන්දේසියක් (auction) ලෙස හදුන්වයි.


සාමාන්‍යවෙන්දේසිය (Ordinary  Auction)

සාමාන්‍ය වෙන්දිසියක දී ගැණුම් කරුවන් තරගකාරීව ලන්සු තැබීමෙන් භාණ්ඩයේ මිල තීරණය කරයි. මෙහි දී කාලයත් සමග භාණ්ඩයේ මිල ඉහල යයි. 


විලෝම වෙන්දේසිය

සාමාන්‍ය වෙන්දිසියක දී මෙන් නොව මෙහි දී විකුණුම්කරුවන් (sellers) තරගකාරීව භාණ්ඩයේ මිල පහත දමමින් මිල තීරණය කරයි. මෙහි දී කාලයත් සමග භාණ්ඩයේ මිල පහළ යයි. 

කණ්ඩායම් ලෙස මිලදී ගැනීම (Group Purchasing)

මෙය පාරිභෝගිකයාගේ බලය වැඩි කිරීම සඳහා අංකිත ආර්ථිකය මගින් හඳුන්වාදෙන තවත් නව වාණිජ්‍ය ක්‍රමයකි. මෙම ක්‍රමයේදී පුද්ගලයින් හෝ ව්‍යපාර ආයතන කීපයක් එකතුව කණ්ඩායමක් ලෙස සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීම සිදු කරයි. මෙහිදී කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ගේ මිලදී ගැනීමේ බලය (buying power) එක් ‍රැස් වන නිසා ඔවුන් සියලු දෙනාටම සැපයුම්කරු විසින් ලබාදෙන වට්ටම් හා අඩු මිල අත් විඳීමේ හැකියාව ලැබබේ. කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් එකතුව මහා පරිමාණ ව්‍යාපාරිකයින් හා තරඟ කිරීම සඳහා මෙම උපක්‍රමය භාවිතා කරයි.

විද්‍යුත් වෙළදපොළ (e-Marketplace)

            සම්ප්‍රදායික වෙළදපොළක දී මෙන්ම විකුණුම් කරුවන් සහ ගැණුම් කරුවන් මුණ ගැසෙන අතථ්‍ය (virtual) වෙළදපොළකි. සියළු ගණුදෙනු සිදුවන්නේ අතථ්‍ය ආකාරයෙනි.
 

ව්‍යාපාර මාදිලි (Business Model)

  මාර්ග අපගත(offline) ව්‍යාපාර (pure brick)
  මාර්ග අපගත (offline) සහ මාර්ග ගත (online) ව්‍යාපාර (brick and click)
  මාර්ග ගත(online) ව්‍යාපාර (pure click)

මාර්ග අපගත ව්‍යාපාර (pure brick)

            විකුණුම් හා මිලදී ගැනීම් ක්‍රියාවලිය සදහා අන්තර් ජාලය භාවිතා නොකරන(offline) ව්‍යාපාර (brick) මාර්ග අපගත ව්‍යාපාර ලෙස හදුන්වයි. 

මාර්ග අපගත සහ මාර්ග ගත ව්‍යාපාර (brick and click)

            විකුණුම් හා මිලදී ගැනීම් ක්‍රියාවලියෙහි දී යම් යම් අවස්ථාවල දී අන්තර් ජාලය භාවිතා කරන (online) ව්‍යාපාර (brick and click) මාර්ග ගත සහ මාර්ග අපගත ව්‍යාපාර ලෙස හදුන්වයි.
උදාහරණ :
            අන්තර් ජාලය භාවිතා කර මිලදී ගන්නා භාණ්ඩය ඇණවුම් කර (online) ප්‍රාදේශිය ගබඩාවකින් භාණ්ඩය තෝරා (offline) ලබා ගැනීම


මාර්ග ගතව්‍යාපාර (pure click)
 
විකුණුම් හා මිලදී ගැනීම් ක්‍රියාවලියෙහි දී සම්පූර්ණයෙන්ම අන්තර් ජාලය භාවිතා කර (online) භාණ්ඩය ඇණවුම් කර මුදල් ගෙවා නිවසට ගෙන්වා ගැනීමට පහසුකම් ඇති ව්‍යාපාර මාර්ග ගත ව්‍යාපාර (click) ලෙස හදුන්වයි. 


ව්‍යාපාර හා තොරතුරු තාක්ෂණයෙහි භූමිකාව

  ගිණුම්කරණය හා තොරතුරු තාක්ෂණය
  මානව සම්පත් හා තොරතුරු තාක්ෂණය
  නිෂ්පාදන ක්‍රියාවලිය හා තොරතුරු තාක්ෂණය
  අලෙවිකරණය, විකුණුම් හා තොරතුරු තාක්ෂණය
  සැපයුම් දාම කළමණාකරණය හා තොරතුරු තාක්ෂණය
  ව්‍යාපාර සංනිවේදනය හා තොරතුරු තාක්ෂණය

ගිණුම්කරණය හා තොරතුරු තාක්ෂණය

ගිණුම් කරණයෙහි දී දත්ත ගබඩා කිරීම, වර්ගීකරණය, සාරාංශ කිරීම,ඉදිරිපත් කිරීම, සන්නිවේදනය සහ ගණුදෙනු කීරීම වැනි ක්‍රියාවලි සදහා අර්ථාන්විතව තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම.  උදාහරණ :      MYOB, QuickBooks ,NetSuite,Cigas

මානව සම්පත් හා තොරතුරු තාක්ෂණය

ව්‍යාපාරයේ අවශ්‍යතාවය අනුව මානව සම්පත් සංවර්ධනය කර  ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සදහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරිම.
උදාහරණ :
            දත්ත ගොනු කළමණාකරන මෘදුකාංග භාවිතා කිරීම

නිෂ්පාදන ක්‍රියාවලිය හා තොරතුරු තාක්ෂණය

කර්මාන්තශාලා වල නිෂ්පාදන ක්‍රියාවලියේ දී සැලසුම් නිර්මාණය කිරීම (Design), භාණ්ඩ නිෂ්පාදය (production)  සහ විඩම්බනය (simulation) සදහා තොරතුරු තාක්ෂණය භාවිතා කිරිම.
උදාහරණ :
      CAD software (Computer Aided Design)
      CAM (Computer Aided Manufacturing)
      Simulation software

අලෙවිකරණය, විකුණුම් හා තොරතුරු තාක්ෂණය
අලෙවිකරණ හා විකුණුම්කරණ ක්‍රියාවල දී භාණ්ඩ හා සේවා පාරිභෝගිකයා අතර ප්‍රචාරණය කිරීම සදහා මෘදු කාංග සහ අන්තර් ජාලය භාවිතා කිරීම
උදාහරණ :
චිත්‍රක මෘදුකාංග (Graphic), සජීවීකරණ මෘදුකාංග (Animation) , දත්ත ගෙනු කළමණාකරණ මෘදුකාංග (Data base), වෙබ් අඩවි නිර්මාණ මෘදුකාංග (web site design/ development )
මාර්ග ගත (online shopping) හරහා භාණ්ඩ හා සේවා විකිණිම.
උදාහරණ :
            www.ebay.com
            www.amazon.com
            (අන්තර්ජාලය හා ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයෙන්)
භාණ්ඩ විකිනීමේදී දෘඩාංග හා මෘදුකාංග භාවිතා කරයි.
ü  තීරු කේත කියවනය (bar code reader) භාවිතය
ü  ණය පත (credit card) භාවිතය
ü  චෙක්පත් නිශ්කාෂණයේ දී තීන්ත අනුලක්ෂණ කියවනය(Ink Character  Reader) හා චුම්භක අනුලක්ෂණ(Magnetic Ink Character Reader) භාවිතය

සැපයුම් දාම කළමණාකරණය හා තොරතුරු තාක්ෂණය

අමුද්‍රව්‍ය සහ නිෂ්පාදිත භාණ්ඩ ආරම්භක ස්ථානයේ සිට පරිභොජනය කරන ස්ථානය දක්වා ක්‍රියාවලියේ දී ගබඩා කිරීම් බඩු වට්ටෝරු පොත් (Inventory) භාවිතය සහ සියළුම සංචලනයන් (movements) කළමණාකරණය කිරීම සදහා තොරතුරු තාක්ෂණය භාවිතා කරයි.


ව්‍යාපාර සංනිවේදනය හා තොරතුරු තාක්ෂණය

            ව්‍යාපාර සංනිවේදනය (Business Communication) මගින් ව්‍යාපාරයක නිෂ්පාදනය, සේවය හා ආයතනය උසස් මට්ටමකට පත්කිරීමට දායක වේ.




උදාහරණ :
ü  වෙබ් මුලික සන්නිවේදනය
ü  විද්‍යුත් තැපෑල
ü  වාර්තා
ü  විද්‍යුත් ඉදිරිපත් කිරිම්
ü  දුරකථන සංවාද
ü  මාර්ගගත සංනිවේදනය (online)
ü  පාරිභෝගික සබදකම්
ü  අලෙවිකරණය
ü  පාරිභෝගික චර්යාවන්
ü  වෙළද ප්‍රචාරණය
ü  අන්තර් පුද්ගල සංනිවේදන
ü  මහජන සම්බන්දතා
ü  රැකියාවෙහි නියුක්තකරණය
 ----------------------------------------------------------------------------------------------------

 ඊළග පාඩම

12.2 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාරික මෙහෙයුම් අතර ඇති සම්බන්ධතාව විශ්ලේෂණය කිරීම.


WWW.NOTEGUN.COM
මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය NoteGun සතුවන අතර මෙහි අඩංගු කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම් වේ. කිසිවෙකු හෝ එම ක්‍රියාවෙහි යෙදුනහොත් අන්තර්ජාලයේ පවතින සීමාවන් යටතේ ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපි වග බලාගෙන සිටිමු!