4. Modules and Functions (මොඩියුල සහ ශ්‍රිත)



4. Modules and Functions (මොඩියුල සහ ශ්‍රිත)

සාමාන්‍යයෙන් ක්‍රමලේඛ භාෂා වලට අනුව ස්ථාපිත ශ්‍රිත (Building Function) කියන්නේ ක්‍රමලේඛ භාෂාව ලිවීමට ගන්නා මෘදුකාංග තුලම පිහිටුවනු ලැබූ ක්‍රමලේඛ වලට. Python වලටත් මේ දෙය පොදුයි.
5**4 = 625

හරි, මේ වැඩේම ලෙහෙසියෙන් කරන්න, Python වල Function එකක් තියෙනවා.
අපි කොහොමද Function එකක් පාවිච්චි කරන්නේ.
ඉස්සෙල්ලාම Function එකේ නම ලියන්න ඕන.
ඊට පස්සේ Parameters (පරාමිතීන්) නම් කරන්න ඕන.
පරාමිතීන් කියන්නේ කුමන පරාසයද, මේ අගයන් විචලනය විය යුත්තේ යන්නයි.

හරි අපි ඒ ගැන බලමු.
කිසියම් සංඛ්‍යාවක බලය ගන්න Function එකක් Python වල තියෙනවා.
ඒකට කියන්නේ Pow ()
වරහන් ඇතුලේ දාන්නේ ඉස්සෙල්ලාම, අදාල සංඛ්‍යාව. ඊට පස්සේ එම සංඛ්‍යාව කුමන බලයෙන් වැඩිකල යුතුද කියල.ඒ කියන්නේ බලය තමයි දෙවනියට දාන්නේ.
Pow (5,4)  = 625

abs ( )

මේකෙන් කරන්නේ යම් සංඛ්‍යාවක මාපාංකය ලබා දීමයි.
ඒ කියන්නේ input එක සෘණ සංඛ්‍යාවක් ( - ) දුන්නොත් output එක එන්නේ ධන ( + ) වලින්.
>>> abs(-18)
18
>>> abs(5)
5
Python අතුරු මුහුණතට (Interface) තියෙන්නේ Function යම් ප්‍රමාණයක් පමණයි. එම නිසා අපිට තවත් Function අවශ්‍ය නම්  import (ආනයනය) කරන්න වෙනවා.

Modules (මොඩියුල)

Modules වල තමයි මේ Functions තැන්පත් කරල තියෙන්නේ. Module එකක් කියන්නේ, ශ්‍රිත ගොනුවක් (A set of Functions).
හරි ඒ කතාව අමතක කරල අපි දැන් floor ( ) කියන Function එක සලකමු. මේකෙදි කරන්නේ කිසියම් දශමය සංඛ්‍යාවක් මෙහි වරහන් ඇතුලට දාපුවම දශමය සංඛ්‍යා ටික අයින් කරල දෙන එකයි.

උදා:- 15.00011111345 කියල දුනනොත්  
15.0 ලෙස අපිට ප්‍රතිදානය ලැබෙනවා.
Floor(18.7) කියල දීල බලමු. ඒක ආවේ නෑ නේද? ඒකට හේතුව තමයි මීට අදාල Module එක අපි import කරපු නැති එකයි.
හරි ඒක import කරන්නේ මෙහෙමයි.
import math
math කියන module එකේ, ගණිතකර්ම වලට අදාල functions list එකක්ම තියෙනවා.
හරි දැන් Enter කරන්න.
නමුත් දැනුත් floor ( ) කියල type කරන්න බෑ.
ඒත් ඒ Functions එක පාවිච්චි කරන්නේ මෙන්න මේ විදිහටයි.
math.floor(18.7)
18.0
math.sqrt(81)
9.0
import functions module name

module.function
එහෙම කරදරයි නම්,
අපිට මේවා මොකකට හරි සමාන කරගන්න පුළුවන්.
මෙන්න මේ වගේ.
bunky = math.sqrt 
දැන් bunky කියන නමට math.sqrt සමාන කරල තියෙන්නේ. ඒ නිසා  math.sqrt වෙනුවට bunky පාවිච්චි කරන්න පුළුවන්.
>>> bunky(9)
3.0
තවත් ඒ විදියට කරල බලමු.
>>> bunky = math.floor
>>> bunky(19.8)
19.0
හරි නේද? ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත්
ඊළග පාඩමෙන් බලමු කොහොමද පයිතන් ක්‍රමලේඛයක් Save කරන හැටි.

 

මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය NoteGun හි සතුවන අතර මෙහි අඩංගු කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම් වේ. කිසිවෙකු හෝ එම ක්‍රියාවෙහි යෙදුනහොත් අන්තර්ජාලයේ පවතින සීමාවන් යටතේ ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපි වග බලාගෙන සිටිමු!