දත්ත පාදක (Data Base) පළමු කොටස

දත්ත පාදක (Data Base)
දත්ත පාදකයක් යනු සම්බන්ධී දත්ත (related data) වල එකතුවකි
දත්ත යනු යම් අර්ථයක් දක්වන කරුණුය.


උදාහරණ - names, telephone numbers, student marks, etc…


Database System= Database + Database Management System

ඒක ගොනු පද්ධති

Flat File System

1960 දශකයේ මැද
මෙහෙයුම් පද්ධතියේ අවශ්‍ය දත්ත රදවා ගැනීමට මෙම ගොනු භාවිත කරයි.
මෙම ගොනු එක් පරිශිලකයෙකුගේ දත්ත ස්වල්පයක් පමණක් රදවා ගැනීමට යෝග්‍යය නමුත් විශාල දත්ත ප්‍රමාණයක් රදවා ගැනීමේ අපහසුතාවයන්ට පත්වේ. 
ඒක ගොනු පද්ධති වල අවාසි
එකම දත්තය නැවත නැවත යෙදීම (redundancy)
දත්ත වල සංගතතාවය(integrity)
දත්ත ගබඩාකළ ස්ථාන පිළිබඳ දැනුවත්ව සිටීමට සිදුවීම
විධිමත් භාෂාවක් නොවීම
දත්ත ලබාගත හැක්කේ අනුක්‍රමණ ප්‍රවේශයකින් පමණි.(sequential access)
දත්ත ආරක්ෂාව අවම වීම
සම්බන්ධක ආකෘතිය
Relational Model

සම්බන්ධකයක් යනු වගුවකි.
සෑම පේළියක්ම සම්බන්ධයක් ඇති දත්ත වල එකතුවකි.
පේළියක් සැකසී ඇත්තේ තීර රාශියක එකතුවෙනි, තිරයක් ගුණාංගයක් ලෙස හැදින්වේ(attribute) 
ANSI-SPARC
ඇමරිකානු ජාතික ප්‍රමිති ආයතනයේ පරිමාණක සැකසුම් හා අවශ්‍යතා කමිටුවේ නිර්මිතය.
American National Standards Institute, Standards Planning And Requirements Committee
1975 දි  ඇමරිකානු ජාතික ප්‍රමිති ආයතනය දත්ත පාදක කළමනාකරණය පිළිබඳ වියුක්ත ආකෘතිය හදුන්වා දෙන ලදී. එය මට්ටම් තුනකි. මේ අනුව පසුකාලීනව ව්‍යාපාරික දත්තපාද නිර්මාණය විය.
දත්ත ස්වායත්තතාව

Data Independence

තාර්කික (Logical)
බාහිර නිරූපණය වෙනස් නොකොට සංකල්පීය නිරූපය වෙනස් කිරීමේ හැකියාව තාර්කික දත්ත ස්වායත්ත බව ලෙස හැදින්වේ. උදා. යම් වස්තු කුලකයක් (entity), ගුණාංගයක් (attribute), සම්බන්ධතාවක් (relationship) වෙනස් කල විට එයට අනුරූපව බාහිර මට්ටමේ (පරිශිල පෙනීමේ) භාවිත යෙදුම් මෘදුකාංග වල වෙනස් සිදු කිරීමට අවශ්‍ය නොවීම.
හෞතික (Physical)

තාර්කික නිරූපනය වෙනස් නොකොට භෞතික නිරූපනය වෙනස් කිරීමේ හැකියාව මින් අදහස්වේ. උදා. වෙනත් ගොනු සංවිධානය සහිත හෝ වෙනත් ආචනය මධ්‍යයක් තුළට දත්ත පාදය රැගෙන ගිය හොත් එය තාර්කික නිරූපනයට බල නොපානු ඇත.
දත්තපාදකයන්
අමු දත්ත (Raw Data)
දත්ත පාදයක අඩංගු කරණු එනම් සැකසීමට ලක්නොවු යම් සම්ධකම් සහිත දත්ත.
සුචි/අනුක්‍රමිකතා(Indexes)
දත්ත පාදයකින් දත්ත වේගයෙන්  සොයා ලබාගැනීම සඳහා දත්ත පිහිටි ස්ථානය පිළිබඳව තබා ගන්නා සුචි කරණ ක්‍රියාවලිය
අභි දත්ත (Meta data)
දත්ත පිළිබඳ දත්ත මින් අදහස් වේ. වගු පිළිබඳ තොරතුරු, නිර්මාණය පිළිබඳ තොරතුරු වැනි දැ මේ තුළ අඩංගු වේ.

මෙහි දෙවන පාඩමේදී දත්තපාදක සැලසුම් අදියරයන්(Database Design Phases) පිළිබද සාකච්චා කිරීමට බලාපොරොත්තු වේ.
 දත්තපාදක සැලසුම් අදියරයන්(Database Design Phases)
අවශ්‍යතා විශ්ලේෂණය (Requirement Analysis)
දත්ත රැස්කිරීමේ ක්‍රම (Data Gathering Methods)
ලිඛිත ලේඛන පරිශීලනය (written Document referring)
සම්මුඛ සාකච්ඡා (Interviews)
ප්‍රශ්නාවලි (Questionnaires)
ආයතනික නිරීක්ෂනය (on site observation)
කාර්යබද්ධ අවශ්‍යතා හදුනාගැනීම (Functional Requirement)
දත්ත අවශතා හදුනාගැනීම (Data Requirement)
සංකල්පීය සැලසුම (Conceptual Design)
ER අනු ආකෘති සැකසීම (ER Diagram)
තාර්කික සැලසුම (Logical Design)
ප්‍රමතකරණය (Normalization)
භෞතික සැලසුම (Physical Design)
Mysql & SQL

WWW.NOTEGUN.COM
මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය NoteGun සතුවන අතර මෙහි අඩංගු කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම් වේ. කිසිවෙකු හෝ එම ක්‍රියාවෙහි යෙදුනහොත් අන්තර්ජාලයේ පවතින සීමාවන් යටතේ ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපි වග බලාගෙන සිටිමු!