පයිතන් භාෂාව පිළිබද පාඩම් මාලාව (01. Install Python (පයිතන් ස්ථාපිත කිරීම))

පයිතන් භාෂාව පිළිබද පාඩම් මාලාව
උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කරන පාසල් ළමුන් ඉලක්ක කරගෙන මෙම පාඩම් මාලාව සිදු කිරීමට බලාපොරොත්තු වේ.   
පටුන
01.   Install Python (පයිතන් ස්ථාපිත කිරීම)
02.   Numbers and Maths (සරල ගණිත කර්ම)
03.   Variables (විචල්‍යයන්)
04.   Modules and Functions (මොඩියුල සහ ශ්‍රිත)
05.   How to save your programmes(ක්‍රමලේඛ සුරකීම)
06.   Strings(වදන්)
07.   More on string(වදන් තවදුරටත්)
08.   RAW Input(වදන් ප්‍රදානය)
09.   Sequences and lists(අනුක්‍රම සහ ලැයිස්තු)
10.   Slicing(කොටස් කිරීම)
11.   Editing Sequences(අනුක්‍රමයන් සැසදීම)
12.   More List Functions(ලැයිස්තු ආශ්‍රිත ශ්‍රිත තවදුරටත්)
13.   Slicing List(ලැයිස්තු කොටස් කිරීම)
14.   Intro to Methods(රීතීන් සදහා ප්‍රවිෂ්ඨය)
15.   More Methods(රීතීන් තවදුරටත්)
16.   Sort and tuples(පෙළ ගැස්වීම සහ ටපල්ස්)
17.   String and stuff(වදන් ආශ්‍රිත මෙවලම්)
18.   Sting Methods(වදන් ආශ්‍රිත තවදුරටත්)
19.   Dictionary(වදන් කෝෂ)
20.   If Statements (if ප්‍රකාශන)
21.   Else and Elif (Else සහ elif අනුකේතන)

22.   Nesting statements (අනු-ප්‍රකාශන)


01. Install Python (පයිතන් ස්ථාපිත කිරීම)

අපි ඉස්සෙල්ලාම බලමු. Python Download කරගන්න හැටි. මේ programme එකෙන් තමයි. python ක්‍රමලේඛ (python Codes) ලියන්නේ.

මම ඔයාට python 2.6.2 version එකෙනුයි programme ලියන හැටි උගන්වන්නේ. Python 3.0 වගේ අලුත් versions තිබුණත් python 2.6 වගෙත් version එකකින් programme ලියන්න දන්නවනම් අලුතෙන් එන ඕනම version එකකින් programme ලිවීමේ හැකියාව අපිට ලැබෙනවා. ඒක මේ වගේ, “පරණ ජාතියක කාර් එකක් එලවන්න දන්නවනම්, අලුත් ජාතියේ කාර් එකක් එලවන එක මහලොකු දෙයක් නෙවෙයි.“


හරි දැන් මේ link එකෙන් දෙන file එක Download කරගෙන install කර ගන්න.







දැන් ඔයාලගේ Start Menu එකට ගිහින් search එකේ IDLE (Python GUI) කියලා type කරලා progarmme එක open කරගන්න.


 හරි දැන් IDLE එක open වුණා නේද? මම දැන් කියල දෙන්නම්, IDLE එක පාවිච්චි කරන විදිහ.

ඉස්සෙල්ලාම අපි test කරලා බලමු IDLE එක වැඩද කියල.
print කියල ලියල, උඩුකොමා ඇතුලේ "Hello, World" කියල ලියමු.


print"Hello, World"    

Hello, World

අපිට python වලින් Output එකක් ලැබුනා.


Python කියන්නේ ඇත්තටම ගොඩක් ආකර්ෂණීය Progarmme language එකක්. අපිට මේකෙන් ගොඩක් වැඩගන්න පුළුවන්, ඒ වගේම නූතනයේ බහුලව පාවිච්චි වෙන Progarmme language එකක් තමයි පයිතන් කියන්නේ.......

අපි ඊළග පාඩමෙන් පයිතන්හි සරල ගණිත කර්ම (Numbers and Maths) පිළිබද කතා කරමු.

මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය NoteGun හි සතුවන අතර මෙහි අඩංගු කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම් වේ. කිසිවෙකු හෝ එම ක්‍රියාවෙහි යෙදුනහොත් අන්තර්ජාලයේ පවතින සීමාවන් යටතේ ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපි වග බලාගෙන සිටිමු!