02. Numbers and Maths (සරල ගණිත කර්ම) (Python Lesson)

01.                      Numbers and Maths (සරල ගණිත කර්ම)

මේ පාඩමේ දී මම කතා කරන්න යන්නේ python වල තියෙන සරල ගණිත කර්ම ගැන.

Python IDLE එක ඇත්තටම Calculator එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
2+2 = 4
6-3 = 3
18/3 = 6
18/7 = 2

හරියටම බෙදුනේ නෑ නේද?

නිඛිලයකින් නිඛිලයක් බෙදපුවහම python වලින් output එක එන්නේ නිඛිලයකින්ම තමයි. ඒකයි 18 / 7 = 2 එන්න හේතුව,

ඒ හින්දා හරියටම 18 / 7 ගන්න නම් දශම තිතත් යොදන්න වෙනවා. එතකොට python වලිනුත් දෙන්නේ දශමය සමග output එකක්.

දශමය තියෙන සංඛ්‍යාවලට Computer Languages වල සාමාන්‍යයෙන් කියන්නේ Floats කියලයි.

හරි දැන් පිළිතුරට දශමය එන්න හදනවනම් 18 / 7 කියන එකේ කොහෙට හරි දශම තිතත් තියන්න වෙනවා.

අපි ඒ ගැන බලමු.

18.0/7 = 2.5714285714285716

හරි නේද උත්තරේ ආවා නේද?

ඒ වගේම මෙහෙම කරන්නත් පුලුවන්

18.0/7.0 = 2.5714285714285716
18/7. = 2.5714285714285716



මේකෙදි අවශ්‍ය වන්නේ ගණිතකරණයේ කොහෙට හරි දශමයක් තියෙන එක විතරයි.


මේකෙදි තියෙන වැදගත්ම දේ තමයි python වල නිඛිල සංඛ්‍යා(Integer) හෝ දශමය තියෙන සංඛ්‍යා(Float) අතර ගණිතකර්ම කරද්දි  Integer එක Float වලට පරිවර්තනය වෙලා output එක අවසානයේ දි එන්නේ Float වලින්. මේක python වල තියෙන විශේෂ ලක්ෂණයක්.

% - Mod (මොඩ්)
             මේ ගණිත කර්මය ඉතාමත් වැදගත් එකක්. python වල මෙම ගණිත කර්මය තියෙනවා. මේකෙදි කරන දේ මම පෙන්නන්නම්.
අපි 9 / 4 බෙදමු.
මෙන්න ඉතුරු එකක් ආවා නේද? අපි ඒකට ශේෂය(Reminder) කියලා කියනවා.

මෙන්න මේ ශේෂය තමයි % - Mod වලින් අපිට Output එක විදියට දෙන්නේ.

8 % 4 මේකෙ ශේෂය 0 නේද?
ඔව් 0යි.
එතකොට 8.75 % .5
0.25 හරි නේද?

සාරාංශය ගත්තොත් % එකෙන් අපිට දෙන්නේ යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදපුවහම ඉතිරිවන අගයයි.(ශේෂය) 

දැන් අපි බලමු ගුණ කිරීම ගැන
6 * 7
42
අපිට 6 ඒවා 3ක් ඕන
එහෙනම් 6*6*6
216
ඒත් ඊටත් වැඩිය ලේසි ක්‍රමයක් තියනවා. ඒක කරන්නේ මෙහෙමයි
8**3 = 512
5**12 = 244140625
-5**4 = -625
හරි අපි ඉගෙන ගත්ත පයිතන් සරල ගණිත කර්ම කරන හැටි

අපි ඊළග පාඩමෙන් Python Variables (විචල්‍යයන්) පිළිබද කතා කරමු.

මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය NoteGun හි සතුවන අතර මෙහි අඩංගු කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම් වේ. කිසිවෙකු හෝ එම ක්‍රියාවෙහි යෙදුනහොත් අන්තර්ජාලයේ පවතින සීමාවන් යටතේ ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපි වග බලාගෙන සිටිමු!