·
ඉංජිනේරු තාක්ෂණවේදය
·
හැදින්වීම.
සුළු පරිමාණයේ හෝ මහා පරිමාණයේ ඉංජිනේරු
කාර්යය සලකා බලන කළ "පවත්නා වූ හෝ
මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව මහපත සැලසෙන ලෙස විසදුම් ලබා දීමේ ඉංජිනේරු
ශිල්පය ඇතුලත් ක්‍රියාවලිය" ඉංජිනේරු
තාක්ෂණවේදය යැයි අර්ථ කථනය කළ හැකි වේ.
·
විකාශය
තාක්ෂණවේදයේ
විකාශය යනුවෙන් හදුන්වන්නේ අතීතයේ පටන් තාක්ෂණයේ සිදුව ඇති ක්රමික වෙනස් වීමයි. ප්රාග්
ඓතිහාසික යුගයේ දී සතුන් දඩයම් කර ගැනීම, ආහාර සකසා ගැනීම වැනි අවශ්‍යතා කිහිපයක්
සදහා තාක්ෂණය ඉවහල් කර ගත්ත ද වර්තමානය වන විට මිනිසාගේ දෛනික ජීවිතයේ බොහෝ අවශ්‍යතා
හා වුවමනා පහසුවෙන් ඉටුකර ගැනීමට තාක්ෂණය ඉවහල් කර ගනී.
ඈත අතීතයේ පටන්
අද දක්වා වූ කාලය,තාක්ෂණයේ භාවිතයන් හා සංස්කෘතික පරිවර්තනයන් පදනම් කර ගනිමින්
විවිධ යුගවලට වෙන්කරනු ලබයි. ඒවා පහත ආකාරයට දැක්විය හැකිය.
o ගල් යුගය (Stone Age)
o එඩේර යුගය (Pastoral Age)
o කෘෂි කාර්මික
යුගය (Agricultural Age)
o කාර්මික යුගය (Industrial Age)
o තොරතුරු
තාක්ෂණ යුගය (Information Technology Age)
§
විකාසයේ ප්‍රබල
හැරවුම් ලක්ෂ්‍යය
උදා - ගින්දර,
රෝදය, ලෝහ, විදුලිය, අර්ධ සන්නායක, ට්‍රාන්සිස්ටර් වැනි සොයා ගැනීම්.
හැරවුම්
ලක්ෂ්‍යය
|
හැදින්වීම
|
සොයාගත්
පුද්ගලයා / වර්ෂය
|
ජල රෝදය (Water Wheel)
|
ජල රෝදය භාවිතය පිළිබදව ප්‍රථමයෙන් වාර්තා
වන්නේ ග්‍රීක රෝම යුගයේදී ය.
|
ක්‍රි.පු 600 - ක්‍රි.ව 600
|
චීනච්චට්ටි වාත්තු කිරීම(Casting Cast iron)
|
මුලින්ම වාර්තා වන්නේ චීනයෙනි. ක්‍රි.පු.500ට
පෙර චිනච්චට්ටි වාත්තු නිෂ්පාදනය සිදුකර
ඇත. වානේ වල පවත්නා කාබන් ප්‍රතිශතයට වඩා ඉහළ කාබන් ප්‍රතිශතයක් සහිත යකඩ,
චීනච්චට්ටි ලෙස හදුන්වයි.
|
ක්‍රි.පූ.500ට පෙර
|
මුද්‍රණ කලාව (Printing)
|
මුද්‍රණ කලාවේ ආරම්භය ක්‍රි.ව 1000දී පමණ
චීනයේ සිදු විය. >>>>>>>>>>>>>>>>>>>>
|
ජර්මන් ජාතික ජොහැන්නස් ගුටන්බර්ග් - ක්‍රි.ව.1440
|
ස්ථිති විදුලිය (Static Electricity)
|
ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමේ දී, ඒවා අතර
ඉලෙක්ට්‍රෝන හුවමාරු වීම් ඇතිවේ. එවිට එම ද්‍රව්‍ය මත පවත්නා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයේ
අතිරික්තය මෙන්ම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයේ හිගය මගින් පෙන්වන භෞතික ගුණය ස්ථිති
විදුලිය ලෙස හැදින්වේ.
|
එංගලන්ත ජාතික විලියම් ගිල්බට් නමැති
තැනැත්තා විසින් ක්‍රි.ව.1600 දී පමණ ආරෝපණ රැස්ව පැවතීමෙන් ඇතිවන මෙම
ගුණය ස්ථිති විදුලිය ලෙස අනාවරණය කර ගනු ලැබිනි.
|
විදුලිය සන්නයනය (Electrical Conduction)
|
එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විදුලි
ආරෝපණ ගලා යෑම විදුලිය සන්නයනය වීම ලෙස හදුන්වයි.උදා:- ලෝහ ,මිනිරන්
|
එංගලන්ත ජාතික ස්ටෙෆන් ග්‍රේ - ක්‍රි.ව.1733
දී
|
විදුලි බුබුළ (Filament bulb)
|
විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට
පරිවර්තනය කිරීමෙන් ආලෝකය ලබා ගැනීම ආරම්භ විය.
|
තෝමස් අල්වා එඩිසන් - 1880 දී
|
දුරකථනය (Telephone)
|
ප්‍රථම රැහැන් සහිත දුරකථනය හදුන්වා දීම
|
ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් - ක්‍රි.ව.1876
දී
|
රැහැන් රහිත ගුවන් විදුලි තරංග
|
ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් - ක්‍රි.ව.1880
දී
|
|
රැහැන් රහිත සන්නිවේදන ක්‍රමය(Wireless Communication)
|
ඩේවිඩ් හියුස් - 1879 දී
|
|
ඉලෙක්ට්‍රොනික් වෑල්වය (Electronic valve)
|
ගුවන් විදුලි යන්ත්‍ර නිෂ්පාදනය වීමට
වෑල්වයේ බිහි වීම ප්‍රබල හේතුවක් විය. වෑල්ව මගින් විදුලි සංඥාවක් වර්ධනය කර
ගැනීමේ හැකියාව ලැබෙයි.
|
එංගලන්ත ජාතික ජෝන් ඇම්බ්‍රොස් ප්ලෙමින් -
ක්‍රි.ව.1904 දී
|
ට්‍රාන්සිස්ටරය (Transistor)
|
ක්‍රි.ව. 1947 දී ඇමෙරිකානු ජාතික විලියම්
ෂොක්ලි, ජෝන් බාර්ඩින් හා වෝල්ටර් බැටෙන්
|
|
සංගෘහිත පරිපථය (Intergrated Circuit)
|
ට්‍රාන්සිස්ටර් සහ අනෙකුත් විදුලි සංරචක
විශාල සංඛ්‍යාවක් එක් කර තැනූ පරිපථයක් ලෙස සංගෘහිත පරිපථ හැදින්විය හැකිය.
|
ජර්මන් ජාතික වර්නියර් ජැබ්කෝ, 1949 දී
|
සිමෙන්ති
|
අප වර්තමානයේ භාවිතා කරන පෝට්ලන්ඩ් නමින්
හදුන්වන සිමෙන්ති සොයා ගනු ලැබුවේ
|
ඇමෙරිකානු ජාතික ජෝන් ස්මිටන් - ක්‍රි.ව.
1756 දී
|
වීදුරු
|
වීදුරුවල ඇති විශිෂ්ටත්වය නම් පාරදෘශ්‍ය
විමත් රසායනික ලෙස ප්‍රතික්‍රියා නොකරන සුලු වීමත් පහළ උෂ්ණත්වයක දී මෘදු කර
අවශ්‍ය හැඩ ලබා දීමට හැකි වීමත්ය.
|
වීදුරු සොයා ගැනීමේ අතීතය ක්‍රි.පූ.3500
පමණ ඈතට දිවයයි.
|
§
විකාසයේ සීඝ්‍ර
සංවර්ධන අවධි
උදා:- දෙවන
ලෝක සංග්‍රාමය
දෙවන ලෝක යුද්ධය ආර්ථික හා තාක්ෂණික දැවැන්තයන් වූ
එංගලන්තය, ඇමෙරිකාව හා රුසියාව එක් පාර්ශවයක් ලෙසද ජර්මනිය හා ජපානය අනෙක් පාර්ශවය
ලෙසද පෙනී සිට ලෝකය පුරා සිදු කරන ලද යුද්ධයකි. මෙම යුද්ධයේ දී මෝටර් රථ, නාවික,
ගුවන් යානා, පරමාණු බලශක්ති තාක්ෂණය හා යුධ තාක්ෂණය විශාල ලෙස වර්ධනය වී
ඇත.ඉන්පසුව ලෝක මට්ටමින් යුද්ධ නොපැවතිය ද එකිනෙකා පරයා නැගී සිටීම සදහා සෑම
දියුණු රටක්ම තාක්ෂණික ගවේෂණ කටයුතුවල නිරන්තරයෙන් යෙදී සිටී.
තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වූ දෙවන ලෝක සංග්රාම
සමයෙහි බිහි කෙරුණු නව නිර්මාණ හා සොයා ගැනීම් කිහිපයක් පහත දැක්වේ.
o ජෙරි බදුන
o ජෙට් එන්ජිම
නිෂ්පාදනය
o රේඩාර්
තාක්ෂණය සොයා ගැනීම සහ භාවිතය
o න්‍යෂ්ටික බලය
සොයා ගැනීම හා උපයෝගී කර ගැනීම - යුරේනියම්,
ප්ලූටෝනියම් වැනි විකිරණශිලී මූලද්‍රව්‍ය බිදවැටීමට සැලැස්වීමෙන් උපදවා ගන්නා අධික
ශක්තිය ප්‍රයෝජනයට ගැනීම මෙම තාක්ෂණයයි. (උදා:-දෙවන ලෝක යුද සමය තුල ඇමෙරිකාව
විසින් ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙලීමෙන්, ප්‍රථම න්‍යෂ්ටික යුධ අවි අත්හදා බැලීම
සිදුවූ අතර එයින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට සිදුවූ හානිය අති විශාලය.)
o වායුවෙන්
සිසිල් වන මෝටර් රථ එනිජිම් නිෂ්පාදනය
o ඇමෙරිකාව හා
රුසියාව අතර සීතල යුද්ධය හා අභ්‍යවකාශ තරගය
o වෙළද තරගය
§ වත්මන්, නව හා
අනාගත ප්රවණතා
§
මිනිසා හා පරිසරය
කෙරෙහි බලපෑම
මිනිසා හා
සමාජය කෙරෙහි ඇතිවන තාක්ෂණවේදයේ බලපෑම් විවිධ පැතිකඩ ඔස්සේ විමසා බැලිය හැකි වෙයි.
පහත දැක්වෙන්නේ එවැනි විමසා බැලීම් කිහිපයකි.
o
තාක්ෂණය අනුව ප්‍රජා
ව්‍යාප්තිය වෙනස් වීම
o
ප්‍රාග්ධන හිමිකාරිත්වය
ව්‍යූහය වෙනස් වීම
o
නිෂ්පාදන ධාරිතාව හා
ඵලදායිතාව වැඩිවීම
o
සෞඛ්‍යය
o
පවුල් සබදතා
o
තොරතුරු හා දැනුම ලබා
ගැනීම
o
ආරක්ෂාව
o
සංස්කෘතිය
මෙම කරුණු පිළිබද ප්‍රධාන
වශයෙන් විමසා බලන්න.
පාරිසරික බලපෑම
o
පරිසර දූෂණය
o
ගෝලීය උෂ්ණත්වය ඉහල
යාම හා හරිතාගාර බලපෑම
o
ස්වාභාවික සම්පත් ක්ෂය
වීම
o
නව පරිසර ඉදිවීම
ප්‍රධාන වශයෙන් මෙම කරුණු
පිළිබද සාකච්චා කරන්න.