1.0 ක්ෂුද්‍ර ජීවින්ගේ විවිධත්වය (SFT)

ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය
 o   ක්ෂුද්‍ර ජීවීන් පියවි ඇසින් දැකිය නොහැකි බව ඉතා ප්‍රාථමිකවූත්, සරලවූත් අර්ථ දැක්වීමයි.

ක්ෂුද්‍ර ජීවීන්ගේ සර්ව ව්‍යාප්තික චර්යාවට හේතුවන වැදගත් කරුණු වන්නේ, 
  Ø ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම
  Ø ශීඝ්‍ර වර්ධන හා ප්‍රජනන හැකියාව
  Ø පුළුල් රූපීය සහ කායික විවිධත්වය
  Ø පෝෂණ විවිධත්වය
  Ø මහා ජීවීන් සමග අන්තර් සම්බන්ධතා ( සහජීවී , සහභෝජී, පරපෝෂි) ඇතිකර ගැනීමෙන් ඔවුන් සමග සමාන්තරව පරිණාමය වීමේ හැකියාව.

    1.     ක්ෂුද්‍ර ජීවීන්ගේ රූපීය විවිධත්වය
පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ලෙස විද්‍යානුකූලව සනාථ කර ඇත්තේ 0.1mm ප්‍රමාණයට වඩා කුඩා වස්තු වේ. ඒ අනුව ක්ෂුද්‍ර ජීවීන් 0.1 mm වලට වඩා අඩු විශාලත්වයකින් යුක්ත ජීවීන් ය. මෙවැනි ජීවීන් නිරීක්ෂණය කිරීම සදහා ආලෝක අන්වීක්ෂය (Light Microscope) නිර්මාණය කර ඇත.
ආලෝක අන්වීක්ෂය - ඇන්ටන් වෑන් ලීවන් හුක්
ක්ෂුද්‍ර ජීවීන් ලෙස සලකනු ලබන සෛලීය සංවිධානයක් සහිත ජීවීන් කාණ්ඩ 02කට බෙදේ.

සුන්‍යෂ්ටික - මොවුන් අතරින් වඩාත් සංකීර්ණ සෛලීය සංවිධානයක් ඇත්තවුන් සුන්‍යෂ්ටික වශයෙන් හදුන්වයි. උදා - දිලීර, ඇල්ගී, ප්‍රොටොසෝවා උසස් ශාක හා සත්ව සෛලවලට සමාන සංකීර්ණ සෛලීය ව්‍යූහයක් ඇත්තවුන්





o  ප්‍රාග්න්‍යෂ්ටික - ක්ෂ්‍රද්‍ර ජීවීන් අතර සංකීර්ණත්වයෙන් අඩු, සෛලීය සංවිධානයක් සහිත ජීවීන් මෙනමින් හදුන්වයි. උදා - බැක්ටීරියා , සයනොබැක්ටීරියා(නීලහරිත ඇල්ගී)





වයිරස  - සෛලීය සංවිධානයක් නොමැති වයිරස, ව්‍යූහමය වශයෙන් න්‍යෂ්ටික අම්ල ( DNA හෝ RNA ) මධ්‍යකින් හා ඒ වටා පිහිටි ප්‍රෝටීන කොපුවකින් සමන්විත වේ. මොවුන් සුන්‍යෂ්ටික හා ප්‍රාග්සුන්‍යෂ්ටිකයින් ආසාදනය කරන අතර අනිවාර්ය පරපෝෂි ජීවන රටාවක් අනුගමනය කරයි.






    2.     ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණ විවිධත්වය

 ක්ෂුද්‍ර ජීවීන් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සදහා ප්‍රයෝජනයට ගනු ලබන කාබන් ප්‍රභවය සහ ශක්ති ප්‍රභවය අනුව කාණ්ඩ 4කි.
පෝෂණ ක්‍රමය
ශක්ති ප්‍රභවය
කාබන් ප්‍රභවය
නිදසුන්
රසායන විෂමපෝෂක
කාබනික සංයෝග
කාබනික සංයෝග
බොහෝ බැක්ටීරියා, දිලීර සහ ප්‍රොටොසෝවා
රසායන ස්වයංපෝෂක
අකාබනික සංයෝග
CO2
Nitrobanter
Nitrosomonas
ප්‍රභා විෂමපෝෂක
ආලෝකය
කාබනික සංයෝග
Green nonsulfur bacteria
Purple nonsulfur bacteria
ප්‍රභා ස්වයංපෝෂක
ආලෝකය
CO2
Cyanobacteria
Green bacteria(Chlorobium)
Purple bacteria(Chloromatium)

    3.     ක්ෂුද්‍ර ජීවීන්ගේ  ශ්වසන විවිධත්වය
ජීවී සෛල තුල පරිවෘත්තීය ක්‍රියා රාශියක් සිදුවේ. සෛලයක ජීවය පවත්වා ගැනීම සදහා පරිවෘත්තීය ක්‍රියා සිදු විම අත්‍යවශ්‍ය සාධකයකි. පරිවෘත්තීය ක්‍රියා සදහා ශක්තිය අවශ්‍ය වේ. මෙම ශක්තිය ලබා ගැනීම සදහා සංකීර්ණ කාබනික ද්‍රව්‍ය දහනය කිරීම සිදු කරයි. බොහෝ විට මේ සදහා යොදා ගැනෙන ප්‍රධානතම සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වනුයේ කාබෝහයිඩ්‍රේට වේ. කාබෝහයිඩ්‍රේට දහනය ලෙස මෙහි දී අදහස් කරනුයේ කාබෝහයිඩ්‍රේට අපවෘත්තීය යන්නයි. මෙම අපවෘත්තීය සදහා ඔක්සිජන් ප්‍රයෝජ්‍ය කිරීම හෝ නොකිරීම අනුව ක්ෂුද්‍ර ජීවීන් ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ වර්ග කරනු ලැබේ.
·        සවායු ක්ෂුද්‍රජීවීන් - Acetobacter
·        වෛකල්පිත ක්ෂුද්‍රජීවීන් - Saccharomyces
·        අනිවාර්ය ක්ෂුද්‍රජීවීන් - Clostridium

·        ක්ෂුද්‍ර වාතකාමී ක්ෂුද්‍රජීවීන් - Lactobacillus