1.0 ක්ෂුද්‍ර ජීවින්ගේ විවිධත්වය (SFT)

ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය
 o   ක්ෂුද්‍ර ජීවීන් පියවි ඇසින් දැකිය නොහැකි බව ඉතා ප්‍රාථමිකවූත්, සරලවූත් අර්ථ දැක්වීමයි.

ක්ෂුද්‍ර ජීවීන්ගේ සර්ව ව්‍යාප්තික චර්යාවට හේතුවන වැදගත් කරුණු වන්නේ, 
  Ø ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම
  Ø ශීඝ්‍ර වර්ධන හා ප්‍රජනන හැකියාව
  Ø පුළුල් රූපීය සහ කායික විවිධත්වය
  Ø පෝෂණ විවිධත්වය
  Ø මහා ජීවීන් සමග අන්තර් සම්බන්ධතා ( සහජීවී , සහභෝජී, පරපෝෂි) ඇතිකර ගැනීමෙන් ඔවුන් සමග සමාන්තරව පරිණාමය වීමේ හැකියාව.

    1.     ක්ෂුද්‍ර ජීවීන්ගේ රූපීය විවිධත්වය
පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි ලෙස විද්‍යානුකූලව සනාථ කර ඇත්තේ 0.1mm ප්‍රමාණයට වඩා කුඩා වස්තු වේ. ඒ අනුව ක්ෂුද්‍ර ජීවීන් 0.1 mm වලට වඩා අඩු විශාලත්වයකින් යුක්ත ජීවීන් ය. මෙවැනි ජීවීන් නිරීක්ෂණය කිරීම සදහා ආලෝක අන්වීක්ෂය (Light Microscope) නිර්මාණය කර ඇත.
ආලෝක අන්වීක්ෂය - ඇන්ටන් වෑන් ලීවන් හුක්
ක්ෂුද්‍ර ජීවීන් ලෙස සලකනු ලබන සෛලීය සංවිධානයක් සහිත ජීවීන් කාණ්ඩ 02කට බෙදේ.

සුන්‍යෂ්ටික - මොවුන් අතරින් වඩාත් සංකීර්ණ සෛලීය සංවිධානයක් ඇත්තවුන් සුන්‍යෂ්ටික වශයෙන් හදුන්වයි. උදා - දිලීර, ඇල්ගී, ප්‍රොටොසෝවා උසස් ශාක හා සත්ව සෛලවලට සමාන සංකීර්ණ සෛලීය ව්‍යූහයක් ඇත්තවුන්





o  ප්‍රාග්න්‍යෂ්ටික - ක්ෂ්‍රද්‍ර ජීවීන් අතර සංකීර්ණත්වයෙන් අඩු, සෛලීය සංවිධානයක් සහිත ජීවීන් මෙනමින් හදුන්වයි. උදා - බැක්ටීරියා , සයනොබැක්ටීරියා(නීලහරිත ඇල්ගී)





වයිරස  - සෛලීය සංවිධානයක් නොමැති වයිරස, ව්‍යූහමය වශයෙන් න්‍යෂ්ටික අම්ල ( DNA හෝ RNA ) මධ්‍යකින් හා ඒ වටා පිහිටි ප්‍රෝටීන කොපුවකින් සමන්විත වේ. මොවුන් සුන්‍යෂ්ටික හා ප්‍රාග්සුන්‍යෂ්ටිකයින් ආසාදනය කරන අතර අනිවාර්ය පරපෝෂි ජීවන රටාවක් අනුගමනය කරයි.






    2.     ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණ විවිධත්වය

 ක්ෂුද්‍ර ජීවීන් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සදහා ප්‍රයෝජනයට ගනු ලබන කාබන් ප්‍රභවය සහ ශක්ති ප්‍රභවය අනුව කාණ්ඩ 4කි.
පෝෂණ ක්‍රමය
ශක්ති ප්‍රභවය
කාබන් ප්‍රභවය
නිදසුන්
රසායන විෂමපෝෂක
කාබනික සංයෝග
කාබනික සංයෝග
බොහෝ බැක්ටීරියා, දිලීර සහ ප්‍රොටොසෝවා
රසායන ස්වයංපෝෂක
අකාබනික සංයෝග
CO2
Nitrobanter
Nitrosomonas
ප්‍රභා විෂමපෝෂක
ආලෝකය
කාබනික සංයෝග
Green nonsulfur bacteria
Purple nonsulfur bacteria
ප්‍රභා ස්වයංපෝෂක
ආලෝකය
CO2
Cyanobacteria
Green bacteria(Chlorobium)
Purple bacteria(Chloromatium)

    3.     ක්ෂුද්‍ර ජීවීන්ගේ  ශ්වසන විවිධත්වය
ජීවී සෛල තුල පරිවෘත්තීය ක්‍රියා රාශියක් සිදුවේ. සෛලයක ජීවය පවත්වා ගැනීම සදහා පරිවෘත්තීය ක්‍රියා සිදු විම අත්‍යවශ්‍ය සාධකයකි. පරිවෘත්තීය ක්‍රියා සදහා ශක්තිය අවශ්‍ය වේ. මෙම ශක්තිය ලබා ගැනීම සදහා සංකීර්ණ කාබනික ද්‍රව්‍ය දහනය කිරීම සිදු කරයි. බොහෝ විට මේ සදහා යොදා ගැනෙන ප්‍රධානතම සංකීර්ණ කාබනික ද්‍රව්‍ය වනුයේ කාබෝහයිඩ්‍රේට වේ. කාබෝහයිඩ්‍රේට දහනය ලෙස මෙහි දී අදහස් කරනුයේ කාබෝහයිඩ්‍රේට අපවෘත්තීය යන්නයි. මෙම අපවෘත්තීය සදහා ඔක්සිජන් ප්‍රයෝජ්‍ය කිරීම හෝ නොකිරීම අනුව ක්ෂුද්‍ර ජීවීන් ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ වර්ග කරනු ලැබේ.
·        සවායු ක්ෂුද්‍රජීවීන් - Acetobacter
·        වෛකල්පිත ක්ෂුද්‍රජීවීන් - Saccharomyces
·        අනිවාර්ය ක්ෂුද්‍රජීවීන් - Clostridium

·        ක්ෂුද්‍ර වාතකාමී ක්ෂුද්‍රජීවීන් - Lactobacillus

වෑල්ව නිමහම් කිරීම හා සවි කිරීම (ET)


Bandarawela Technical College Practicle Day
<<(www.SLengineering.Blogspot ) Video Team>>


<<<<<  Video Team Members  >>>>>
Tharindu Chathuranga
Randunu Chamod
Chathura Lakmal
Chanaka madushanka
Indika 
Chandima
2015 A/L Technology Student
B/Janadipathi Vidyalaya,
Ambagasdowa,
Uva paranagama

1.1 මානව හා පරිසර සංවර්ධනය කෙරෙහි ඉංජිනේරු තාක්ෂණවේදයේ දායකත්වය තුලනාත්මකව විමසා බලයි.(ET)

 ·       ඉංජිනේරු තාක්ෂණවේදය
·             හැදින්වීම.
                            සුළු පරිමාණයේ හෝ මහා පරිමාණයේ ඉංජිනේරු කාර්යය සලකා බලන කළ "පවත්නා වූ හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව මහපත සැලසෙන ලෙස විසදුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්පය ඇතුලත් ක්‍රියාවලිය" ඉංජිනේරු තාක්ෂණවේදය යැයි අර්ථ කථනය කළ හැකි වේ.

·             විකාශය
                            තාක්ෂණවේදයේ විකාශය යනුවෙන් හදුන්වන්නේ අතීතයේ පටන් තාක්ෂණයේ සිදුව ඇති ක්‍රමික වෙනස් වීමයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ දී සතුන් දඩයම් කර ගැනීම, ආහාර සකසා ගැනීම වැනි අවශ්‍යතා කිහිපයක් සදහා තාක්ෂණය ඉවහල් කර ගත්ත ද වර්තමානය වන විට මිනිසාගේ දෛනික ජීවිතයේ බොහෝ අවශ්‍යතා හා වුවමනා පහසුවෙන් ඉටුකර ගැනීමට තාක්ෂණය ඉවහල් කර ගනී.
                                ඈත අතීතයේ පටන් අද දක්වා වූ කාලය,තාක්ෂණයේ භාවිතයන් හා සංස්කෘතික පරිවර්තනයන් පදනම් කර ගනිමින් විවිධ යුගවලට වෙන්කරනු ලබයි. ඒවා පහත ආකාරයට දැක්විය හැකිය.
 o   ගල් යුගය (Stone Age)
 o   එඩේර යුගය (Pastoral Age)
 o   කෘෂි කාර්මික යුගය (Agricultural Age)
 o   කාර්මික යුගය (Industrial Age)
 o   තොරතුරු තාක්ෂණ යුගය (Information Technology Age)

§ විකාසයේ ප්‍රබල හැරවුම් ලක්ෂ්‍යය
         උදා - ගින්දර, රෝදය, ලෝහ, විදුලිය, අර්ධ සන්නායක, ට්‍රාන්සිස්ටර් වැනි සොයා ගැනීම්.

හැරවුම් ලක්ෂ්‍යය
හැදින්වීම
සොයාගත් පුද්ගලයා / වර්ෂය
ජල රෝදය      (Water Wheel)
ජල රෝදය භාවිතය පිළිබදව ප්‍රථමයෙන් වාර්තා වන්නේ ග්‍රීක රෝම යුගයේදී ය.
ක්‍රි.පු 600 - ක්‍රි.ව 600
චීනච්චට්ටි වාත්තු කිරීම(Casting Cast iron)
මුලින්ම වාර්තා වන්නේ චීනයෙනි. ක්‍රි.පු.500ට පෙර චිනච්චට්ටි වාත්තු නිෂ්පාදනය  සිදුකර ඇත. වානේ වල පවත්නා කාබන් ප්‍රතිශතයට වඩා ඉහළ කාබන් ප්‍රතිශතයක් සහිත යකඩ, චීනච්චට්ටි ලෙස හදුන්වයි.
ක්‍රි.පූ.500ට පෙර
මුද්‍රණ කලාව (Printing)
මුද්‍රණ කලාවේ ආරම්භය ක්‍රි.ව 1000දී පමණ චීනයේ සිදු විය. >>>>>>>>>>>>>>>>>>>>
ජර්මන් ජාතික ජොහැන්නස් ගුටන්බර්ග්   - ක්‍රි.ව.1440
ස්ථිති විදුලිය (Static Electricity)
ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමේ දී, ඒවා අතර ඉලෙක්ට්‍රෝන හුවමාරු වීම් ඇතිවේ. එවිට එම ද්‍රව්‍ය මත පවත්නා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයේ අතිරික්තය මෙන්ම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයේ හිගය මගින් පෙන්වන භෞතික ගුණය ස්ථිති විදුලිය ලෙස හැදින්වේ.
එංගලන්ත ජාතික විලියම් ගිල්බට් නමැති තැනැත්තා විසින් ක්‍රි.ව.1600 දී පමණ ආරෝපණ රැස්ව පැවතීමෙන් ඇතිවන මෙම ගුණය ස්ථිති විදුලිය ලෙස අනාවරණය කර ගනු ලැබිනි.
විදුලිය සන්නයනය (Electrical Conduction)
එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විදුලි ආරෝපණ ගලා යෑම විදුලිය සන්නයනය වීම ලෙස හදුන්වයි.උදා:- ලෝහ ,මිනිරන්
එංගලන්ත ජාතික ස්ටෙෆන් ග්‍රේ - ක්‍රි.ව.1733 දී

විදුලි බුබුළ (Filament bulb)
විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කිරීමෙන් ආලෝකය ලබා ගැනීම ආරම්භ විය.
තෝමස් අල්වා එඩිසන් - 1880 දී
දුරකථනය (Telephone)
ප්‍රථම රැහැන් සහිත දුරකථනය හදුන්වා දීම
ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් - ක්‍රි.ව.1876 දී
රැහැන් රහිත ගුවන් විදුලි තරංග

ඇලෙක්සැන්ඩර් ග්‍රෙහැම් බෙල් - ක්‍රි.ව.1880 දී
රැහැන් රහිත සන්නිවේදන ක්‍රමය(Wireless Communication)

ඩේවිඩ් හියුස් - 1879 දී
ඉලෙක්ට්‍රොනික් වෑල්වය (Electronic valve)
ගුවන් විදුලි යන්ත්‍ර නිෂ්පාදනය වීමට වෑල්වයේ බිහි වීම ප්‍රබල හේතුවක් විය. වෑල්ව මගින් විදුලි සංඥාවක් වර්ධනය කර ගැනීමේ හැකියාව ලැබෙයි.
එංගලන්ත ජාතික ජෝන් ඇම්බ්‍රොස් ප්ලෙමින් - ක්‍රි.ව.1904 දී
ට්‍රාන්සිස්ටරය (Transistor)

ක්‍රි.ව. 1947 දී ඇමෙරිකානු ජාතික විලියම් ෂොක්ලි, ජෝන් බාර්ඩින් හා වෝල්ටර් බැටෙන් 
සංගෘහිත පරිපථය (Intergrated Circuit)
ට්‍රාන්සිස්ටර් සහ අනෙකුත් විදුලි සංරචක විශාල සංඛ්‍යාවක් එක් කර තැනූ පරිපථයක් ලෙස සංගෘහිත පරිපථ හැදින්විය හැකිය.
ජර්මන් ජාතික වර්නියර් ජැබ්කෝ, 1949 දී
සිමෙන්ති
අප වර්තමානයේ භාවිතා කරන පෝට්ලන්ඩ් නමින් හදුන්වන සිමෙන්ති සොයා ගනු ලැබුවේ
ඇමෙරිකානු ජාතික ජෝන් ස්මිටන් - ක්‍රි.ව. 1756 දී
වීදුරු
වීදුරුවල ඇති විශිෂ්ටත්වය නම් පාරදෘශ්‍ය විමත් රසායනික ලෙස ප්‍රතික්‍රියා නොකරන සුලු වීමත් පහළ උෂ්ණත්වයක දී මෘදු කර අවශ්‍ය හැඩ ලබා දීමට හැකි වීමත්ය.
වීදුරු සොයා ගැනීමේ අතීතය ක්‍රි.පූ.3500 පමණ ඈතට දිවයයි.

§ විකාසයේ සීඝ්‍ර සංවර්ධන අවධි
    උදා:- දෙවන ලෝක සංග්‍රාමය

දෙවන ලෝක යුද්ධය ආර්ථික හා තාක්ෂණික දැවැන්තයන් වූ එංගලන්තය, ඇමෙරිකාව හා රුසියාව එක් පාර්ශවයක් ලෙසද ජර්මනිය හා ජපානය අනෙක් පාර්ශවය ලෙසද පෙනී සිට ලෝකය පුරා සිදු කරන ලද යුද්ධයකි. මෙම යුද්ධයේ දී මෝටර් රථ, නාවික, ගුවන් යානා, පරමාණු බලශක්ති තාක්ෂණය හා යුධ තාක්ෂණය විශාල ලෙස වර්ධනය වී ඇත.ඉන්පසුව ලෝක මට්ටමින් යුද්ධ නොපැවතිය ද එකිනෙකා පරයා නැගී සිටීම සදහා සෑම දියුණු රටක්ම තාක්ෂණික ගවේෂණ කටයුතුවල නිරන්තරයෙන් යෙදී සිටී.

තාක්ෂණයේ ශීඝ්‍ර වර්ධනයක් ඇති වූ දෙවන ලෝක සංග්‍රාම සමයෙහි බිහි කෙරුණු නව නිර්මාණ හා සොයා ගැනීම් කිහිපයක් පහත දැක්වේ.
o   ජෙරි බදුන
o   ජෙට් එන්ජිම නිෂ්පාදනය
o   රේඩාර් තාක්ෂණය සොයා ගැනීම සහ භාවිතය
o   න්‍යෂ්ටික බලය සොයා ගැනීම හා උපයෝගී කර ගැනීම - යුරේනියම්, ප්ලූටෝනියම් වැනි විකිරණශිලී මූලද්‍රව්‍ය බිදවැටීමට සැලැස්වීමෙන් උපදවා ගන්නා අධික ශක්තිය ප්‍රයෝජනයට ගැනීම මෙම තාක්ෂණයයි. (උදා:-දෙවන ලෝක යුද සමය තුල ඇමෙරිකාව විසින් ජපානයට න්‍යෂ්ටික බෝම්බ හෙලීමෙන්, ප්‍රථම න්‍යෂ්ටික යුධ අවි අත්හදා බැලීම සිදුවූ අතර එයින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට සිදුවූ හානිය අති විශාලය.)
o   වායුවෙන් සිසිල් වන මෝටර් රථ එනිජිම් නිෂ්පාදනය
o   ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධය හා අභ්‍යවකාශ තරගය
o   වෙළද තරගය


§ වත්මන්, නව හා අනාගත ප්‍රවණතා



§ මිනිසා හා පරිසරය කෙරෙහි බලපෑම
                                    මිනිසා හා සමාජය කෙරෙහි ඇතිවන තාක්ෂණවේදයේ බලපෑම් විවිධ පැතිකඩ ඔස්සේ විමසා බැලිය හැකි වෙයි. පහත දැක්වෙන්නේ එවැනි විමසා බැලීම් කිහිපයකි.
 o   තාක්ෂණය අනුව ප්‍රජා ව්‍යාප්තිය වෙනස් වීම
 o   ප්‍රාග්ධන හිමිකාරිත්වය ව්‍යූහය වෙනස් වීම
 o   නිෂ්පාදන ධාරිතාව හා ඵලදායිතාව වැඩිවීම
 o   සෞඛ්‍යය
 o   පවුල් සබදතා
 o   තොරතුරු හා දැනුම ලබා ගැනීම
 o   ආරක්ෂාව
 o   සංස්කෘතිය
                          මෙම කරුණු පිළිබද ප්‍රධාන වශයෙන් විමසා බලන්න.

පාරිසරික බලපෑම
 o   පරිසර දූෂණය
 o   ගෝලීය උෂ්ණත්වය ඉහල යාම හා හරිතාගාර බලපෑම
 o   ස්වාභාවික සම්පත් ක්ෂය වීම
 o   නව පරිසර ඉදිවීම

                     ප්‍රධාන වශයෙන් මෙම කරුණු පිළිබද සාකච්චා කරන්න.