3. Variables (විචල්‍යයන්) (Python Lesson)

3. Variables (විචල්‍යයන්)

පයිතන් වල හැටියට Variable එකක් කියන්නේ, ඕනම දෙයක් (string, numbers,…. ආදී) තාවකාලිකව තැන්පත් කිරීමක්,

කොහොමද අපි Variable එකක් හදන්නේ , ඉස්සෙල්ලාම Variable එකේ නම ලියන්න. ඊට පස්සේ එයට කුමකට හෝ සමාන කරන්න.

x = 18

හරි මේකෙදි x කියන නම 18ට සමාන කරල තියනවා.

දැන් Enter එක ඔබන්න.

හරි දැන් තාවකාලිකව පරිගණකයේ මතකයට x = 18ට සමාන වෙනවා.දැන් 18 වෙනුවට අපිට x කියන නම භාවිතා කරන්න පුළුවන්.



X + 18 = 33 මම කියපු දේ හරි නේද ?
X**3 = 5832
Y = 54 ට සමාන කරමු.
හරි දැන් අපිට Variables 2ක් තියෙනවා. මේ දෙකම පාවිච්චි කලොත්
X + Y = 72


මේවා ඉතාමත් වැදගත්, අපි හිතමු, නිතරම භාවිතා වෙන දෙයක්, ඒක සාමාන්‍යයෙන් ලොකු අංකයක් කියලා ( 878 වාගේ එකක්) මේක නිතරම type කරන්න යාම බොරුවට කාලේ නාස්ති කිරීමක්. ඒ නිසා තනි අගයකට ( Z = 878 වැනි) සමාන කරගත්තහම ඒක ලේසියෙන් නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. Variable වල තියෙන වැදගත්කම ඔයාලට ඉස්සරහට බලාගන්න පුලුවන්.

අපි නිකන් හිතමු අපි හදන Programme එකකට User  ගෙන් Input එකක් ගන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද? ඇත්තටම ඒක කරන්න මේ Variables පාවිච්චි කරල තමයි. අපි ඒ ගැන බලමු.
මේකෙදි Input කියල Function එකක් භාවිතා වෙනවා.

g = input(“ ”) දෙපැත්තට ( ) වරහන් දාලා  (“……..”) උඩු කොමා යටතේ Userට දකින්න ඕන Message එක අපිට ලියන්න පුලුවන්.

g = input("Enter Number Here: ")

දැන් Enter එක ඔබමු.


දැන් User දකින Message එක අපිට පේනවා.

Enter Number Here:

අපි දැන් 43 කියලා type කරමු.

දැන් g = 43 ට සමාන වෙලයි තියෙන්නේ.

අපි දැන් බලමු

g + 32 = 75

g**3 = 79507

  සාරාංශය බැලුවොත්, Variable එකක් අපිට හදන්න පුලුවන්, දැන්. ඒ වගේම User ගෙන් ලැබෙන Input එකක් Variable එකකට සමාන කරගන්න පුලුවන්.

( F = input () )


මෙම ලිපියේ සම්පුර්ණ අයිතිය NoteGun හි සතුවන අතර මෙහි අඩංගු කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් වෙබ් අඩවි වල පලකිරීම සපුරා තහනම් වේ. කිසිවෙකු හෝ එම ක්‍රියාවෙහි යෙදුනහොත් අන්තර්ජාලයේ පවතින සීමාවන් යටතේ ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමට අපි වග බලාගෙන සිටිමු!