ඉලෙක්ට්‍රෝනික විද්‍යාව part 01



                                 ඉලෙක්ට්‍රෝනික විද්‍යාව
සන්නායක
    විදුලිය හොදින් ගමන් කරන මාධ්‍යය සන්නායක ලෙස හැදින්වේ.
මාධ්‍යයක් තුලින් විද්‍යුතය ගැලීමේ යාන්ත්‍රණය
                  සන්නායකයක් නිර්මාණය වී ඇත්තේ පරමාණු මගිනි. මෙම පරමාණුවල බාහිර කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන සන්නායකය තුලදී බන්ධන වලින් නිදහස් වී නිදහස්ව පවතී. මෙසේ නිදහස්ව පවතින ඉලෙක්ට්‍රෝන විද්‍යුත් ධාරාවක් ගෙන යාමට උපකාර වේ.(වාහක වේ)
·       සන්නායකයක් තුල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වන තරමට එහි සන්නායක ගුණ වැඩිවේ. එනම් සන්නායකය නිර්මාණය වී ඇති මූලද්‍රව්‍යයේ පරමාණුක ගුණ මත එහි සන්නායක තාවය තීරණය වේ.
·       පරමාණුක අරය වැඩි වන විට එහි න්‍යෂ්ටියට ඇති බැදීම අඩුවේ. එම නිසා එම ඉලෙක්ට්‍රෝන පරමාණුවෙන් නිදහස් වීමට ඇති සම්භාවිතාව වැඩිය. මේ හේතුව නිසා ආවර්ථිතා වගුවේ මුලින් ඇති මූල ද්‍රව්‍යය හොද සන්නායක ලක්ෂණ පෙන්වයි.
·       සාමාන්‍යයෙන් සන්නායකයක 1m3 ක් තුල නිදහස් ඉලෙක්ට්‍රෝන 1025 බලයක් පමණ පවතී.

පරිවාරක
       1m3 ක් තුල නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය 108 කට වඩා අඩුවෙන් පවතින සංයෝග විද්‍යුතය සන්නයනය නොකරයි මේවා පරිවාරක ලෙස හදුන්වයි.
උදා:- ප්ලාස්ටික්, රබර්, කාබන්